Ads 468x60px

.

මිහිර සිරිතිලක ‘මෙගාබයිට්’ කළ ‘හිරු’ නාලිකාවේ තුන්දෙනෙක් උසාවි දමා රිමාණ්ඩ් කරයි...

ප්‍රකට චරිතාංග නළුවකු වන මිහිර සිරිතිලක මහතා ‘හිරු’ රූපවාහිනි නාලිකාවේ මෙගාබයිට් කණ්ඩායම විසින් සාපරාධි ලෙස බිය ගැන්වීමකට ලක් කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ල කෑමට උත්සහ ගත් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මෙම සිද්ධිය වූ දිනම කොච්චිකඩේ පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කොට සිදුවීම වාර්ථා කර තිබෙන අතර අත්අඩංගුවට ගත් ‘හිරු’ රූපවාහිනි නාලිකාවේ සේවය කරන බව කියන තිදෙනෙක් බ්‍රහස්පතින්දා (05) සවස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගත කෙරුනා.

බන්ධනාගාරගත කෙරුණේ ‘හිරු’ රූපවාහිනි නාලිකාවේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු වන සෙවන හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු, මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය සිල්ව ගුරුගේ පැට්‍රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනායි.


අගතියට පත් පාර්ශවය සහ පැමිණිලිකරු වූයේ ප්‍රකට නළු ගම්ලත් රාළලාගේ සම්පත් මිහිර සිරිතිලක මහතාය. 


ඉකුත් 01 වැනිදා ඔහු ඇතුළු කිහිප දෙනෙක් ගීතයක් සඳහා දර්ශන පෙළක් රූපගත කිරීමෙන් පසු ඔවුන්ට අයත් වෑන් රියෙන් කොච්චිකඩය ප්‍රදේශයේ සිට එද්දී මගදී ජීප් රියකින් පැමිණි කණ්ඩායමක් විසින් මිහිර සිරිතිලක මහතා පැහැර ගැනීමකට ලක්කර ඇත.

මිහිර සිරිතිලක මහතාට මරණ තර්ජන සිදු කරමින්, බිරිඳට දුරකතනයෙන් කතා කොට කප්පම් ඉල්ලමින් හා මිහිරි සිරිතිලක මහ පාරේ දන ගස්වමින් ඒ සියල්ල මෙම කණ්ඩායම විසින් රූපගත කර තිබේ. ඒ පුද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් විකාශය කරනු ලබන ‘මෙගාබයිට්’ නැමැති වැඩ සටහන වෙනුවෙනි.

මෙම සිද්ධිය වූ දිනම කොච්චිකඩේ පොලිසිය විසින් ‘බී’ වාර්ථාවක් උසාවියට ඉදිරිපත් කොට සිදුවීම වාර්ථා කර තිබේ. තවත් ‘බී’වාර්ථාවක් අද (05) යළිත් කොච්චිකඩේ පොලිසිය විසින් මහේස්ත්‍රාත් නන්දන පී. අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කළේය. 


එම වාර්ථාව සමග සැකකරුවන් දෙදෙනෙක් සිරුරු ආවරණය කොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණ අතර ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්තුමා පොලිසියට නියෝග කළේය. 

අනෙක් සැකකරුවා ‘මෙගාබයිට්’ නැමැති මෙම වැඩ සටහන ඉදිරිපත් කරන්නා වශයෙන් ඉදිරිපත් කෙරිණ. තිදෙනොම රිමාණ්ඩ් භාරයට පත් කළේ ඉන් පසුවය.

මිහිර සිරිතිලක මහතා වෙනුවෙන් මීගමුව නිල නොලත් මහේස්ත්‍රාත් හා නීතිඥ නෙල්සන් ප්‍රසන්න කුමාර මහතා පෙනී සිටියේය. 


කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මවුසන් මහතා සහ නීතිඥ නෙල්සන් ප්‍රසන්න කුමාර මහතා මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම අපරාධයට සම්බන්ධ ජීප් රිය තවම අත්අඩංගුවට ගෙන නැති බවයි. 

ඒ වගේම මිහිර සිරිතිලක මහතාට මරණීය තර්ජන එල්ල කරමින් හා මහ පාරේ දන ගස්වමින් රූපගත කළ එම සිද්ධි ඇතුළත් සී.ඩී. පටය මෙතෙක් පොලිසියට භාර දී නොමැති බවයි. ඒ නිසා වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් රිමාණ්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටියේය.

මේ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු රත්නායක මහත්මිය මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධිය සමථයකට පත්කර ගන්නට අගතියට පත් පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම කොන්දේසියකට අදාළ රූපවාහිනි සමාගම එකඟ වන බවයි.


‘මෙගාබයිට්’ රූපවාහිනි කණ්ඩායම ජනප්‍රිය නළු මිහිරි සිරිතිලක පැහැර ගෙන දසවද දීලා (වීඩියෝ)
 
Related Posts with Thumbnails