Ads 468x60px

.

එක වසරට දරුවා දාන්න ගිහින් විදුහල්පති ඇඳන් සිටි තුවායත් පිටින් මාට්ටු වුනේ මෙහෙමයි..

මට සැලකුවහොත් මාත් සලකනවා - විදුහල්පති
සර්ට ඕනෑ මොනවාද - සිසුවාගේ මව 

කොට්ටාව ආනන්ද විදුහලේ 2014 පළමු වැනි වසර සඳහා සිසුවකු ඇතුළත් කර ගැනීමට එම දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නට තැත් කළ පුවතක් වෙබ් අඩවි කිහිපයකම තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම විදුහලේ විදුහල්පති වරයා ඊයේ (05) දහවල් වේරහැර ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක කාමරයක් තුළදී අල්ලස් කොමිසමේ නිල්ධාරින් විසින් අත්අඩංගුවට ගත් බවයි.

තමන්ගේ දරුවා ආනන්ද විදුහලට ඇතුළත් කරවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම ලිපි ලේඛන මෙම මව විසින් සකස් කර අයදුම් පත සමග ඉදිරිපත් කර
තිබෙනවා. එහෙත් වරින්වර විදුහල්පති වරයා මෙම මව අමතමින් දරුවාට ලකුණු අඩු බව පවසා තිබෙනවා

එහෙත් තමන්ට සැලකුවහොත් තමන්ද පෙරළා සලකන බව විදුහල්පති වරයා පවසා තිබෙනවා.‘සර්ට ඕනෑ මොනවාදැයි’ එම මව විමසූ අවස්ථාවේදී
විදුහල්පති වරයා පවසා ඇත්තේ තමන් සමග හෝටලයකට යාමට එන ලෙසයි.

අනතුරුව මෙම සිද්ධිය මව විසින් අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කර
තිබෙනවා. කොමිසමේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ මව විදුහල්පති වරයාගේ යෝජනාවට කැමැත්ත පළ කර තිබෙනවා

එහිදී විදුහල්පති වරයා විසින් ඔහුගේ නමින් නවාතැන්පොළේ කාමරයක් වෙන් කරවා ගෙන තිබෙනවා.ඊයේ (05) දහවල් විදුහල්පති වරයා හා මෙම මව මුණගැසී තිබෙනවා

අනතුරුව දෙදෙ‍නා වේරහැර පිහිටි නවාතැන්පොළ වෙත ගොස් තිබෙනවා. විදුහල්පති වරයා කාන්තාව සමග කාමරයට ඇතුළු වී එහි දොර වසා ගනිද්දී අල්ලස් නිලධාරින් කාමරයට කඩා පැන විදුහල්පති වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද මෙම සැකකරු උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 1 වැනි වසරට දරුවෙක් ඇතුළත් කර ගැනීම සඳහා විදුහල්පති වරයෙක් ලිංගික අල්ලස් ඉල්ලා අත්අඩංගුවට පත් වූ ප්‍රථම අවස්ථාව වශයෙන් මෙම සිද්ධිය සැලකේ.


එහි තවත් විස්තර පහතින්


 
Related Posts with Thumbnails