Ads 468x60px

.

වංචා, දූෂණ ඇළු අක‍්‍රමිකතා ගණනාවකට වැරදිකරු වූ දුෂිත නගරාධිපතිට ජනාධිපතිගෙන් තනතුරක්...

රියැදුරු සහිත නිල රථයකුත්...

වංචා, දූෂණ ඇළු අක‍්‍රමිකතා ගණනාවකට වැරදිකරු වී සභික ධූරයෙන් හා නගරාධි පති ධූරයෙන් පහ කරන ලද ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාට ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් තනතුරක් ජනාධිපති වරයා විසින් ලබා දී ඇති බව අප වෙත වාර්තා වෙනවා.
 

තව දුරටත් විස්තර සොයා බැලු අපට දැන ගන්නට ලැබුනේ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් තනතුරට හිමි වැටුපට අමතරව ඉන්ධන හා රියැදුරු සහිත නිල රථයක්, දුරකතන බිල්පත් ගෙවීම යන පහසුකම්ද ඔහුට හිමිවන බවයි.

මේ පිලිබඳව අප කළ විමසීමකදී මෙත්සිරි ද සිල්වා මහතා පැවසුවේ, පසුගිය අගෝස්තු 14 වැනිදා ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම ලබා දුන් බවත්, තවම තමනට නිශ්චිත විෂය පථයක් ලබා නොදුන් බවත්ය.


මේ වන විට තනතුරට අදාළ සාමාන්‍ය කාර්යයන් කර ගෙන යනු ලබන බවත්, විෂය පථයන් පිළිබඳව මේ වන විටත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවත්, නුදුරේදීම තමාට විෂය පථයක් හිමිවනු ඇති බවත්ය.

2011 වසරේ ජූලි 06 වැනිදා දකුණු පළත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා විසින් මෙත්සිරි ද සිල්වා මහතාගේ වැඩ අත්හිටුවා අනතුරුව මූළික විමර්ශනයක් සිදු කර ඉන් අනතුරුව පළාත් පාලන කොමසාරිස් වරයා ලවා පූර්ණ විමර්ශනයක් සිදු කර විශ‍්‍රාමලත් දිස්ති‍්‍රක් විනිශ්චයකාර වරුන් දෙදෙනෙකු ගෙන් යුතු කමිටුවක් විසින් ලබා දුන් නිර්දේශ මත 2013 වසරේ ජනවාරි 23 වැනිදා නගරාධිපති තනතුරෙන් ඉවත් කරන ලදී.

දකුණු පළාතේ ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව අප කළ විමසීමකදී පැවැසුවේ, ඍජු හා වක‍්‍ර මුල්‍ය අක‍්‍රමිකතා, විෂමාචාර, සභා රීති කඩ කිරීම, නොමනා හැසිරීම, අක‍්‍රමිකතා, වංචා ඇතුළු චෝදනා ගනණාවකට අදාළව මෙත්සිරි මහතාට විරුද්ධව චෝදනා හා විමර්ශන වාර්තා තිබූ බවත්, ඒවාට පිළිතුරු නොදීමත්, ඒවාට වැරදි කරු වීමත් හේතුවෙන් සභික ධූරයෙන් හා නගරාධිපති ධූරයෙන් ඉවත් කිරීමට තමන් පියවර ගත් බවයි.

මේ පිළිබඳව විමසීමට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සම්බන්ධ කර ගැනීමට අපගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර,ජනාධිපති මාධ්‍ය සම්බන් ධීකරණ නිලධාරී විජයානන්ද හේරත් මහතාගෙන් අප කළ විමසීමකදී පැවසුවේ, අදාළ තනතුරු ජනාධිපතිවරයා විසින් පිරිනමා ඇති බවයි.

 
Related Posts with Thumbnails