Ads 468x60px

.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගරා වැටීම​...

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටමින් පහලට වැටීම පිලිබඳව ඉතා හොඳ විග්‍රහයක් එච්. එම්. නවරත්න බණ්‌ඩා මහතා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ඉදිරිපත් කරයි. 

මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2000 අතර නොමැත​. පහත වගුව දෙස බලන්න. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටම අනුව 2125 දර්ශකයටත් පහල ගොසිනි.  

අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන උගන්ඩාවේ, ඉතියෝපියාවේ සහ සිම්බාබ්වේ රටවල විශ්ව විද්‍යාලද ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් සිටිති.

            Sri Lankan Universities Ranking 2013/2014  

Sri Lankan
Ranking
World Rank
University
1
2150
University of Moratuwa
2
2255
University of Colombo
3
2353
University of Ruhuna
4
2973
University of Peradeniya
5
4508
University of Kelaniya
6
5969
7
8163
University of Jaffna
8
8509
National Institute of Education Sri Lanka
9
8708
Open University of Sri Lanka
10
10538
Sabaragamuwa University
11
11258
Sri Lanka Institute of Information Technology
12
12124
Eastern University of Sri Lanka
13
12924
Rajarata University
14
13282
Wayamba University of Sri Lanka
15
13541
South Eastern University of Sri Lanka
16
14219
Arthur C Clarke Institute of Modern Technologies
17
14366
Uva Wellassa University
18
14428
Asia Pacific Institute of Information Technology Sri Lanka
19
14944
Postgraduate Institute of Sciences
20
15053
Industrial Technology Institute
21
15413
Postgraduate Institute of Agriculture
22
15546
Institute of Fundamental Studies Sri Lanka
23
15749
General Sir John Kotelawala Defence University
24
16033
Informatics Institute of Technology Sri Lanka
25
16090
Sri Lanka Institute of Architects
26
16503
University of the Visual & Performing Arts
27
16799
Buddhist and Pali University
28
16885
Sri Lanka Institute of Advanced Technological Education
29
18889
Sri Lanka Press Institute
30
19247
Institute of Engineering Technology

www.lankauniversity-news.com

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටමින් පහලට වැටීම ගැන    එච්. එම්. නවරත්න බණ්‌ඩා මහතා මෙසේ පෙන්වා දෙයි.

අප සරසවි අධ්‍යයන ප්‍රජාවට ප්‍රායෝගික ගැටලු කීපයකට මුහුණ පෑමට සිදුව ඇත. මූලිකම ගැටලුව වන්නේ ලොව ඉහළ පෙළේ සරසවි සමඟ පුළුල් ලෙස හා උසස්‌ මට්‌ටමේ ජාත්‍යන්තර සබඳතා පවත්වන හා පැවැත් විය හැකි ආචාර්ය මහාචාර්යවරුන් නොමැතිකම හෝ ඉතාමත් දුර්ලභ වීමයි. 

කලා සමාජ හා මානව විද්‍යා පීඨවල මෙය වඩාත් කැපී පෙනේ. මන්ද එම පීඨවල බොහෝ ඇදුරන් බී. ඒ, එම්. ඒ. හා පී. එච්. ඩී. (ඇති අය) බොහෝ විට ඒවා ලබා ඇත්තේ එකම (දේශීය) විශ්ව විද්‍යාලයකින් හා එකම පුද්ගලයකුගේ උපදේශකත්වයෙන් වීම හා වැඩි දෙනෙකු ඒවා සම්පූර්ණ කොට ඇත්තේ සිංහල මාධ්‍යයෙන් වීමයි.

නිදසුනක්‌ ලෙස Prof. XXXXXX B.A, (USJP),M.A., (USJP), PhD, (USJP) under the same supervisor and Associate, Full Professor and Senior Professor from the same university මෙවන් පසුබිමක්‌ තුළ අප සරසවි වලට මෙවන් ගමනක්‌ යැම අති දුෂ්කරය.

(නිදහස්‌ අධ්‍යාපනයේ ඉරණම කුමක්‌ වේද? - එච්. එම්. නවරත්න බණ්‌ඩා  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය / දිවයින පුවත්පත​) නවරත්න බණ්‌ඩා මහතා පෙන්වා දෙන පරිදි බොහෝ විශ්ව විද්‍යාල වල ආචාර්යවරු එකම (දේශීය) විශ්ව විද්‍යාලයකින් ඔබ්බට ගොස් නොමැත​.

වැඩි දෙනෙකු BA පේරාදෙනිය MA පේරදෙනිය (ගලහ හන්දියෙන් එහාට ගොස් නැත) හෝ BA කැළණිය, MA කැළණිය (තොරණ හන්දියෙන් එහාට ගොස් නැත) වර්ගයේ දැණුම ප්‍රසාරණයට ලක් නොවූ බාලයන් වෙති.

මොවුන් ගෙන් සමහරක් දොරමඩලාව වැනි වැඩසටහන් වලට පැමිණ ප්‍රකාශ කරන මෝඩ ගොන් කථා ඇසෙන විට මේ අම්ඹරුවාලාගෙන්  ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල සිසුන් ගැන බලවත් අනුකම්පාවක් පහල වේ.

අද ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල වල ආචාර්යවරු පුස්සෝ බව රහසක් නොවේ. මොවුන් අන්තර් ජාතික මට්‌ටමින් ඉහල දර්ශකයක සිටින විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු සමග සැසඳීම හිරු කදෝ පැනියන් සමග සැසඳීමකි.

ගිරවා දමා විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු බවට පත් වූ ලාංකික විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු පසුගිය වසර 30 ඇතුලත ජගත් ප්‍රජාව පිලිගන්නා මට්‌ටමේ කිසිදු පරියේෂණ පත්‍රිකාවක් හෝ ග්‍රන්ථයක් එළි දක්වා නොමැත.

ලෝකයට අභියෝග කල හැකි මට්‌ටමේ සිසු පරපුරක් බිහි කොට නැත. ඒ වෙනුවට අපට ලෝකයට පෙන්වන්නට ඉතිරි කොට ඇත්තේ කැළණිය (දේවාල) විශ්ව විද්‍යාලයේ හිටපු සිල්වා කපු මහතාගේ දේවාරූඩයෙන් කල ආසනික් නාටකය (ටීටර් එක​) පමණි.

ඒවා හෝ බලා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක් බව කියමින් හෝ සායම බේරා ගැනීමට ලාංකික විශ්ව විද්‍යාල ප්‍රජාවට දැන් සිදු වී තිබේ.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails