Ads 468x60px

.

බර්ටිගේ අභාවයට ඒවා තිබු ශෝක පණිවිඩය කියවීමට ඉඩ නොදීම ගැන ජනාධිපතිට මල පැනලා


බර්ටි, අවසානයේ ලැබූ ලොකුම සතුට චන්ද්‍රිකාගේ පැමිණීමලු..!

බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ  අභාවය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒවා තිබු ශෝක පණිවිඩය අවමගුල් උත්සවයේ දී කියවීමට ඉඩ නොදීම ගැන ජනාධිපති වරයා බලවත්සේ කෝපයෙන් සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා වෙනවා.

එසේම එහිදී, බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කල ස්තුති කතාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඇගයීමද ජනාධිපතිවරගේ කෝපයට හේතුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ අමාත්‍යවරයකු කියා සිටියේ, එම තත්වයතුල එම ශෝක පණිවිඩය ආණ්ඩුවේ 'දිනමිණ'  පුවත්පතේ පළකලද එහි සඳහන් කරුණු බොහොමයක් වැරදි සහගත බවයි.


“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලී කඳවුරු ශක්තිමත් කිරීමට 1995දී දකුණෙන් ඇරඹි ජයග්‍රහණයේ ගමන රජරට දී තවත් තහවුර කිරීමට නායකත්වය දුන්නේ බර්ටි ප්‍රේමලාල් දිසානායකයන්ය” ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ශෝක පණිවිඩයේ දැක්වේ.

දකුණෙන් ජයග්‍රහණය ඇරඹියේ 1995 දී නොව 1993දී බව ශෝක පණිවිඩය ලියු පුද්ගලයා නොදනී. එසේම,'' කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ බර්ටි ඉන්පසු සමාජ සේවා අමාත්‍යවරයා බවට පත්වෙමින් සුනාමි විපත සිදුවූ යුගයේ රටට කළ මෙහෙවර විශිෂ්ඨ '' බව එම ශෝක පණිවිඩයේ දැක්වේ.

සුනාමිය පැමිණියේ 2004දී බවත්, 1999දී බර්ටි ප්‍රේමලාල් කැබිනට් අමාත්‍යධුරය අත්හැර පළාත් සභාවේ  මහ ඇමතිධුරය භාර ගත් බවත් ශෝක පණිවිඩය ලියු පුද්ගලයා නොදනී. 


ශෝක පණිවිඩය ලියු පුද්ගලයා සිතා ඇත්තේ, 2004 වන විටත් බර්ටි දිසානායක මහතා සමාජ සේවා අමාත්‍යවරයා බවයි. සුනාමියෙන් උතුරු මැද පළාතට හානියක් නොවිය.

කෙසේ වුවද, 'දිනමිණේ' පළවූ ජනපතිගේ ශෝක පණිවිඩය කිසිදු සංශෝධනයකින් තොරව පහත පළවේ.

'' බර්ටි ප්‍රේමලාල්ගේ අභාවය මුළු රටටම විශාල පාඩුවක් -ශෝක පණිවිඩයක් යවමින් ජනපති කියයි

අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වූද උතුරු මැද පළාතෙන් බිහිවූ විශිෂ්ටතම ජනතා පුත්‍රයකු වූ මා මිත්‍ර බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ අභාවය පක්ෂයටත් අප රජයටත්, රටටත් ඉමහත් පාඩුවක් බව” ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ශෝක පණිවිඩයේ දැක්වේ.

එම නිවේදනය මෙසේය.

බර්ටි ප්‍රේමලාල් දිසානායක ජනතා සේවයට කැප වූයේ ඉමහත් අභියෝග රාශියක් මධ්‍යයේ ය. එම අභියෝගවලට නොසැළී මුහුණ දුන් නිසාම ඔහු වීරත්වයකින් හෙබි ජනතා නායකයකු බවට පත්විය. 


අසූව දශකයේ පැවැති භීෂණයටත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දුන් දැවැන්ත අභියෝගවලටත් මුහුණ දුන් ආකාරය මෙරට ජනතාව සදා මතකයේ තබා ගනු නිසැකය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලී කඳවුරු ශක්තිමත් කිරීමට 1995 දී දකුණෙන් ඇරඹි ජයග්‍රහණයේ ගමන රජරට දී තවත් තහවුර කිරීමට නායකත්වය දුන්නේ බර්ටි ප්‍රේමලාල් දිසානායකයන් ය. 


ඉන්පසු බොහෝ මැතිවරණවලදී රජය ජයග්‍රහණය කිරීමේ ගමනට රජරට ශක්තිමත් කඳවුරක් බවට පත්කිරීමට බර්ටි ප්‍රේමලාල්ට හැකිවිය.

ඉතාම බලසම්පන්න ලෙස ත්‍රස්තවාදය පැවැති උතුර ද නැ‍ඟෙනහිර ද මායිම් වූයේ බර්ටි ප්‍රේමලාල් නියෝජනය කළ උතුරු මැද පළාතට ය. ත්‍රස්තවාදය බලවත්ව පැවති යුගයේ තම පළාත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශමත්ය.

1989 පාර්ලිමේන්තුවට තේරී පත්වූ බර්ටි ප්‍රේමලාල් 1994 දී පොදු පෙරමුණේ ලැයිස්තුවෙන් පළවෙනියා බවට පත්කර යළි 

පාර්ලිමේන්තුවට යැවීමට උතුරු මැද ජනතාව වග බලා ගත්ත් ය.

කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ බර්ටි ඉන්පසු සමාජ සේවා අමාත්‍යවරයා බවට පත්වෙමින් සුනාමි විපත සිදුවූ යුගයේ රටට කළ මෙහෙවර විශිෂ්ඨ ය.

1999දී බර්ටි ප්‍රේමලාල් කැබිනට් අමාත්‍යධුරය අත්හැර පළාත් සභා‍ෙව් මහ ඇමතිධුරය භාර ගත්තේ ය. පාර්ලිමේන්තුවට තේරී පත්වීමට බොහෝ වරම් තිබුණත් දේශපාලන ධුරාවලියේ ඉහළ අසුනකට වඩා රජරට ජනතාව සමඟ දුක සැප බෙදා හදා ගනිමින් ජීවිතය ගත කිරීම ඔහුට මහත් සුවයක් විය. එබැවින් බර්ටිගේ සමුගැනීම රජරට ජනතාවගේ කල්‍යාණ මිත්‍රයකු අහිමිවීමක් සේ සලකමි.

ඔහු සමුගැනීම රජරට ජනතාවට සේම මුළුමහත් දේශයටත් පක්ෂයටත් සිදු වූ මහත් පාඩුවක්බව සලකමි. එහෙත් අපි ජීවිතයේ අනිත්‍යයට මුහුණ දිය යුතු ය. එසේ ම සසරේ නැවත නැවතත් හමුවන බව ද අපගේ ධර්මයට අනුව පිළිගත යුතු ය.

බර්ටි ප්‍රේමලාල් දිසානායකයන්ගේ වියෝවෙන් ශොක්යට පත් ආදරණීය බිරිඳ ජයනි දිසානායක සහ දුමින්ද , කවින්ද, කසුන්, සහ අමිල යන පුතණුවන් සිව් දෙනා ඇතුළු මුළු මහත් රජරට ජනතාව සමඟ මම ද එක් වෙමි.''
 
Related Posts with Thumbnails