Ads 468x60px

.

පහේ ශිෂ්‍යත්වේ ෆේල් වුනාට ඇඳුම් බෑග් එකත් දීලා දැරිය ගෙදරින් එලෝලා.


දැරිය කඳුළු සලමින් 
ගෙදර යන්නට 
බෑ කියයි...

ඊයේ (01) නිකුත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ බුත්තල ප‍්‍රදේශයේ දැරියක් මව්පියන් විසින් නිවසින් එළවා ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ දැරියට පිටව යන්නට මව්පියන් විසින් ඇඳුම් බෑගයක්ද අසුරා දී ඇති අතර නැවත නිවසට එන්නට එපා යැයි ද මව්පියන් විසින් දැරියට තරවටු කර තිබෙන බවයි. 

ඒ අනුව ඇය කිලෝමීටර 4ක් පමණ ඈතින්  වූ ඇගේ යෙහෙළියකගේ නිවසකට ගොස් තිබෙනවා. එහිදී එම නිවසේ මව්පියන් මේ පිළිබඳව පරිවාස දෙපාර්තමේන්තුවට සහ ඇය ඉගෙනගන්නා පාසලේ විදුහල්පති වරයාටත් දැනුම් දී තිබෙනවා.

සිද්ධිය සැලවූ විදුහල්පති වරයා පැමිණ කරුණු විමසා දැරියගේ මව්පියන් ද කැඳවා ඔවුන්ට ද කරුණු පැහැදිලි කරදී
තිබෙනවා

අවසානයේදී මව්පියන් විසින් ඇය නැවත භාරගෙන තිබෙන නමුත් දැරිය මව්පියන් සමග පිටව ගොස් තිබෙන්නේ නැවත යා නොහැකි බවට කඳුළු සලමින් බව පැවසෙනවා.
 
Related Posts with Thumbnails