Ads 468x60px

.

වැසිකිලියේදී දරුවකු වදන්න හැදු අවිවාහක ගාමන්ට් කෙල්ල, සිකුරිටි එකට මාට්ටු වුනු හැටි..


මට දරුවෙක් 
ලැබෙන්නයි 
යන්නේ..

කාටවත් 
කියන්න 
එපා...

කෑගල්ල නගරයේ පිහිටි ප්‍රධාන ඇගලුම් අපනයනය කරනු ලබන ආයතනයක සේවිකාවක් පසුගිය ඔක්තෝබර් 01දාට යෙදුණු ළමා දිනයේදී වැසිකිළියක් මත දරුවකු බිහි කිරීමට යෑමේදී එහි පාලන අධිකාරිය මගින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

මෙලෙස රෝහල් ගත කර ඇති කාන්තාව කෑගල්ල දම්පැල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය අවිවාහක බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම කාන්තාව අවිවාහක වන බවත් මීට සති 2කට පමණ ඉහතදී මෙම ඇගලුම් ආයතනයට සේවයට පැමිණ ඇති අතර ඇයට තවත් එක් දියණියක්ද සිටින බවයි.

සිද්ධිය වූ පසුගිය 01දා මෙම කාන්තාව සුපුරුදු පරිදි ඇගලුම් ආයතනයේ සේවයට පැමිණ ඇති අතර පසුව ඇය වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා වැසිකිළියට ගොස් තිබෙනවා.

වැසිකිළියට ගිය සේවිකාව ප්‍රමාද වීම හේතුවෙන් එහි පාලන අධිකාරිය වැසිකිළිය අසලට ගොස් ඇති අතර ඒ වන විට සේවිකාව වැසිකිළියේ දොරගුළු දමා
තිබෙනවා. වැසිකිළියේ ‍දොරගුළු විවෘත නොකළ කාන්තාව සේවකයන් විසින් එහි ‍දොර ගලවා එළියට ගෙන තිබෙනවා.

පසුව ඇය එම ඇගලුම් ආයතනයේ පාලන අධිකාරියට ප්‍රකාශ කර ඇත්තේ තමා දරුවෙකු බිහි කිරීමට ආසන්න බවත් දරුවා බිහිකිරීම සම්බන්ධයෙන් අන් අයට ප්‍රකාශ නොකරන ලෙසත්ය.

පසුව ඇගලුම් ආයතනයේ පාලන අධිකාරිය මෙම කාන්තාව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යෑමේදී අතරමගදී පිරිමි දරුවකු බිහිකර
තිබෙනවා. පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ප්‍රකාශ කර සිටියේ මෙම කාන්තාව දරුවා බිහිකර ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටි බව අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

විදෙස් කාන්තාවක් වැසිකිළියක එවැනිම වූ දරු උපතක් සිදු කරන ආකාරය පහතින්. 

 
Related Posts with Thumbnails