Ads 468x60px

.

විකිනෙන එකේ වරදක් මම දකින්නේ නැහැ, මමත් විකිනෙනවා. උපේක්ෂා අලෙවි වීම ගැන කතා කරයි


ඒවා මම මුදල් 
වියදම් නොකර 
ලබන ප්‍රසිද්ධියක්...

උපේක්ෂා ස්වර්ණමාලි රංගන ශිල්පිනියක් හැටියට බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. 

පසුගිය කාලයේ ඇගේ ජීවිතයේ සිදුවුණ වෙනසින් පසු ඇය කෙසේ ජීවිතයට මුහුණ දෙන්නේද? ඇය සම්බන්ධයෙන් පළවන ඇතැම් තොරතුරු සත්‍යද? ඒ පිළිබඳ ලක්බිම පුවත් පත ඇයත් සමඟ කල කතා බහක් පහතින්.

ඔබේ ජීවිතයේ සිදුවුණ වෙනස්කම් හා ඔබ අද ජීවිතයට මුහුණදෙන්නෙ කොහොමද කියලා අපි මුලින් කතා කරමු?

මගේ පෞද්ගලික ජීවිතයේ ලොකුම වෙනස්කම වෙලා දැන් අවුරුදු දෙකකට වැඩියි. මට අවුරුදු දෙකකට වැඩි කාලයක් ගතවුණා නැවතත් ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න. ප්‍රශ්න තියෙද්දිත් මම යම් වැඩ කොටසක් කළා. 


හැබැයි ඒ දේවල් බොහොමයක් මට කරගන්න පුළුවන් වුණේ මගේ සම්පූර්ණ ශක්තිය නිසා නෙවේ. කාර්ය මණ්ඩලය මට උදව් කළ නිසා. දැන් තමයි මට පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ නිදහසේ හා සැහැල්ලුවෙන් අරමුණක් ඇතිව වැඩ කරන්න.

ආයෙත් විවාහ වෙන්න දරුවන් හදන්න ඕන කියලා හිතෙන්නෙ නැද්ද?

ගිනිපෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළියටත් බයයි කියන එක අද මට තේරෙනවා. පොඩිකා‍ලේ ඉඳලා මගේ හිතේ ලොකු හීනයක් තිබුණා විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. 


නමුත් දැන් මට තේරෙනවා හැම දේම හැමෝටම ලැබෙන්නෙ නැහැ කියලා. යම් යම් දේ මට නොලැබෙනවා වෙන්න ඇති. බලතල, ජනප්‍රියත්වය ලැබිලා යහපත් විවාහ ජීවිතයක් නොලැබේවිද කියන සැකය මට තියෙනවා.

එහෙම හිතන්න හේතුව?

කලාකාරියක් හැටියට මම හිතුව දෙයක් තමයි මම කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ කියලා. ඒ වෙනුවෙන් මම බොහෝ කැපකිරීම් කළා. විවාහයෙන් පස්සේ රඟපෑම් කටයුතු පවා සීමා කළා. එයින් මම බලා‍පොරොත්තු වුණේ යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නයි. 


අවසානේ මට විවාහය රැකගන්න නම් ජීවිතය පරිත්‍යාග කරන්නයි ඉතිරි වෙලා තිබුණේ. මට මගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න බැහැ. මොකද බොහෝ දෙනෙක්ට සේවය කරන්න මට මගේ ජීවිතය වටිනවා.

බොහෝරංගන ශිල්පීන්ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න බැහැ කියනවා....

ඒක මම ඒ හැටියට පිළිගන්නෙ නැහැ. සුජානි බිමල් හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඕෂධී දැන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. පබෝධටත් දැන් දරුවෙක් ඉන්නවා. ශෂිකා, ෂෙහාන් මිහිරංග හොඳ පවුල් ජීවිත ගත කරනවා. ඒ වගේ අය දැක්කහම මට සෑහෙන්න සතුටක් දැනෙනවා. කලා ක්‍ෂේත්‍රයේ සාර්ථක පවුල් ජීවිත ගත කරන විශාල පිරිසක් ඉන්නවා.


ඒ වගේම විවාහ ජීවිත දෙදරන අයත් ඉන්නවා. ඒක කලාකාරියගේ දුර්වලකමම නෙවේ. ගැහැනු කෙනා ජනප්‍රිය වෙද්දි පිරිමි කෙනාට ඉරිසියාව, කුහකකම වගේ හැඟීම් ඇතිවෙනවා වෙන්න පුළුවන්. ඒ එක්ක ජනප්‍රිය කාන්තාව අතින් යුතුකම්, වගකීම් අතපසු වෙන්න පුළුවන්. හැම මනුස්සයෙකුගෙම අඩුපාඩු තියෙනවානෙ.

නැවත ජීවිතයට කෙනෙක් එක් වුණොත්...?

ඒක වේවිද කියන්න මම දන්නෙ නැහැ. හොඳ අවබෝධයක් කෙනෙක් පිළිබඳ ඇතිවුණොත් පමණක් එවැනි දෙයක් වේවි. ඒ දවස්වල වගේ මම ආදරයට මගේ ජීවිතයේ විශාල ඉඩක් වෙන් කරන එකක් නම් නැහැ. ජීවිතයම ආදරය කියලා හිතන එකක් නැහැ. ආයේ මට රිද්දන්න කාටවත් ඉඩ දෙන්නෙ නැහැ.

ඔබේ ජීවිතයට ආදරය අවශ්‍ය නැද්ද?

මගේ ජීවිතයට ආදරය ගොඩක් ඕන. මගේ හිතේ තියෙන ආදරය ප්‍රකාශ කරන්න බැරිවීමේ අඩුව මට දැනෙනවා. ඒත් කාර්ය බහුලත්වයත් එක්ක ඒ දේවල් මග හැරෙනවා. සමහර දවසට නින්ද යනතුරු අඬලා මම මගේ දුක තුනී කරගන්නවා. ඊට පස්සේ දවස් හයක් විතර ජීවත් වෙන්න මගේ හිත ශක්තිමත් වෙනවා.

තාමත් ප්‍රචාරයක් යනවා ඔබ අකලංක වගේ කෙනෙකුට කැමැතියි කියලා.?

ඒක මහ විහිළුවක්. මගේ නම භාවිතා කරලා මාධ්‍ය ජනප්‍රිය කරගන්න ගත්තු උත්සාහයක්. අකලංකත් මාත් හොඳ යාළුවෝ විතරයි.

ඔබ බොහෝ පුවත් මවන්නියක් බවට පත්වෙලා. බොහෝ දෙනෙක් වගේ ඔබත් අලෙවි වෙනවා නේද?
අලෙවි වීමේ වරදක් මම දකින්නේ නැහැ. ලංකාවට වඩා ප්‍රබල ලෙස හොලිවුඩ් බොලිවුඩ්වල ශිල්පීන් අලෙවි වෙනවා. එහෙම ක
න්නේ ඒ මගින් නිර්මාණ ජනප්‍රිය කරවන්න. විදෙස් රටවල තත්ත්වය ඒක වුණත් ලංකාවේ අලෙවි කරන්න උත්සාහ කරන්නේ අපේ ජීවිත. 

අපේ අනාගතය. මාධ්‍යයක් උපයෝගි කරගෙන වෙනස් කිරීම හොඳ නැහැ. චරිත ඝාතනය හොඳ නැහැ. දැන් නම් මම හිත හදාගෙන ඉන්නෙ ඒවා මම මුදල් වියදම් නොකර ලබන ප්‍රසිද්ධියක් කියලා. ඇත්ත කවදා හෝ එළිවෙනවා.

ඔබේ සුනඛ සුරතලා නිසා පහුගිය දවසක ෂූටිං කැන්සල් කරන්න වුණා කියනවා නේද?

ෂූටිං කැන්සල් කරන්න වුණා කියන කතාව බොරුවක්. ඒ ෂූටිං එක තිබුණේ ගාඩ්න් එකක. එතන අයා‍ලේ ඇවිදින බල්ලො පහළොවක් විතර හිටියා. මමත් එදා මගේ සුනඛ සුරතලා එක්කරගෙන ගියත් ගාඩ්න් එක බාර ආරක්ෂකයෝ ප්‍රකාශ කළා මගේ සුනඛ සුරතලා ගෙනියන්න දෙන්න බැහැ කියලා. 


මම කරුණු පැහැදිලි කරලා කිව්වා එහේ මෙහේ යන සුනඛයෝ ඉන්නවා නම් හොඳට බෙහෙත් විදලා ඇති කරන සුනඛයා ගෙනියන්න දීමේ වරදක් නැහැ කියලා. ඒක එච්චරයි. නමුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වුණේ වෙනත් කතාවක්. 
 
Related Posts with Thumbnails