Ads 468x60px

.

ඉඩම් විකිණු සල්ලි ගන්න යාහළුවා සමග පස් දෙනකු මැරූ සෙබළාගේ පා‍පොච්චාරණය මෙන්න.


එදා රෑ මත්පැන් 
සාදයක් පැවැත්වූවා

මම මත්පැන් ‍
පොඩ්ඩයි බිව්වේ

අනුරාධපුර විහාරපාළුගම ප්‍රදේශයේ පුද්ගලයන් 05 දෙනකු කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත් වී සිටින හිටපු යුද හමුදා සෙබලෙකු වන ජගත් කුමාර නැමැත්තා තම යාහළුවා සමග එම පවු‍ලේ පස්දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පා‍පොච්චාරණය කර ඇති අප වෙත වාර්තා වනවා.

ඔහු ‍පොලීසියට කළ පා‍පොච්චාරණය මෙසේයි.

ප්‍රියන්තයි, ප්‍රියන්තගේ අම්මයි හසලක තිබ්බ ඉඩම විකුණලා සල්ලිත් අරගෙන විහාර හල්මිල්ලකුලමේ ඉඩමක් ගන්න ආවේ. බඩු පටවගෙන ආපු ලොරියේ රියැදුරයි සහායකයි බඩු ටික බාලා එදින රාත්‍රියේ නැවත හසලක යන්න ගියා. 


නමුත් මේ මුදල් ටික පැහැර ගැනීමේ අරමුණින් මම අදාළ නිවසේ නැවතුණා. නැවතිලා අපි කිහිප දෙනෙකු එදා රෑ මත්පැන් සාදයක් පැවැත් වූවා. මම අනෙක් අයට නොතේරන විදියට මත්පැන් ‍පොඩ්ඩයි බිව්වේ.

ඉන්පස්සේ මත්පැන් සාදය අවසන්වී සියලු දෙනා නින්දට ගියා. මට ලොකු අවශ්‍යතාවක් තිබුණා මේ සල්ලි ටික පැහැරගන්න. ඒ අනුව මම තීරණය කළා සේරම ටික මරලා සල්ලි අරගෙන පැනලා යනවා කිලා.

මම 05 වනදා අලුයම 2ට විතර මුලින්ම සාලයේ නිදාගෙන හිටපු ප්‍රියන්තගේ පුංචි අම්මා (ඉන්දුමතී) කියන එක්කෙනාට නිවසේ කුස්සියේ තිබ්බ මන්නය ගෙනැල්ලා හිසට කොටාගෙන කොටාගෙන ගියා. 


ඉන් අනතුරුව මගේ මිත්‍රයා වන ප්‍රියන්තටත් මන්නයෙන් කොටාගෙන කොටාගෙන ගියා. ඊට පස්සේ ප්‍රියන්තගේ අම්මා ප්‍රේමවතීටත් මන්නයෙන් කෙටුවා. සුමිත් උදයංගටත් මන්නයෙන් කොටලා පණ තිබ්බ වගේ දැනුන නිසා සවලකිනුත් ඔළුවට ගැහුවා.

ගහලා යන්න හදනකොට දැනට බරපතළ තුවාල ලබා සිටින ප්‍රේමසිරි නිදාගෙන ඇහැරිලා මගේ කකුලෙන් ඇද්දා. ඔහුටත් මන්නයෙන් කොටාගෙන කොටාගෙන ගියා. ඊට පස්සේ සාලයේ නිදාගෙන හිටපු තක්ෂිලාටත් කෙටුවා. පස්සේ නිවසේ තිබ්බ රුපියල් දෙලක්ෂ හැත්තෑදහක මුදල අරගත්තා. 


පිහිය නිවසේ පිටුපස සඟවලා ‍ලේ තැවරිලා තිබ්බ මගේ ඇඳුම් සියල්ල ගලවලා ඇඟපත හෝදගෙන අලුයම 04 විතර වෙනකොට නිවසේ නවතා තිබූ කාන්තා පාපැදිය අරගෙන අනුරාධපුර දහයායාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගයේ පිහිටි කොළකැඳ කඩය අසලට ආවා. එතකොට වෙලාව අලුයම 5ට විතර ඇති.

බයිසිකලය නතර කරලා මේක අයිතිකාරයා ආවොත් දෙන්න කියලා එතන හිටපු කඩේ අක්කට කිව්වා. එතන නවත්තලා තිබ්බ ත්‍රිරෝද රථයක නැගිලා අනුරාධපුර නව නගර බස්නැවතුම්‍පොළට ආවා. ඇවිල්ලා වව්නියාව බස් එකක නැගලා රඹෑවෙන් බැහැලා දඹුල්ලට ගියා. දඹුල්ලෙන් බස් එකක නැගලා හෙට්ටි‍පොළින් බැස්සා.


බැහැලා හෙට්ටි‍පොළින් පවුම් 02ක රත්තරන් බඩු ගත්තා. බේ්‍රස්ලට් එකකුයි, මුද්දකුයි ච්ෙන් එකකුයි අරගෙන බස් එකක නැගලා හසලක ගියා. ඉන් අනතුරුව මාව හසලක ‍පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. මම විවාහ වෙලා නෑ. හසලක ප්‍රදේශයේ තරුණියක් සමග යාළුවෙලා ඉන්නේ.


සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරා, එහි සහයක, මියගිය ඉන්දුමතීගේ සහෝදරයා, නිරාවිය ප්‍රදේශයේ තරුණයකු හා විහාරපාළුගම ප්‍රදේශයේ ඉඩම් හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර සැකකාර යුද හමුදා සෙබළා මුලින්ම ඔවුන් මීට සම්බන්ධ බවට ප්‍රකාශ කළත් පසුව දීර්ඝ වශයෙන්  කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ඝාතනයට සම්බන්ධ නොමැති බවට පා‍පොච්චාරණය කර තිබුණි.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් මුදාහැරුණි. ඔවුන්ට පදිංචි ප්‍රදේශයෙන් කිසිදු හිරිහැරයක් නොකරන ලෙස ප්‍රදේශවාසීන්ට උපදෙස් ලබා දෙන ලෙස කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා විමර්ශන සිදුකරන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි. 


සැකකරු ඝාතනයට යොදා ගත් මන්න පිහියක්, සවලක්, ‍ලේ තැවරුණු ඇඳුම්, ‍ලේ තැවරුණු පාපැදියක්, ජංගම දුරකථන දෙකක් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

සැකකරු විසින් සියලු දෙනාටම දරුණු ලෙස මන්න පිහියෙන් කොටා තිබූ බවත් පිහියෙන් කෙටීම නිසා සිරුරේ අභ්‍යන්තර යට හානි සිදුවී අධික ලෙස රුධිරය වහනය වී මරණ සිදුවූ බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතා නිගමනය කර තිබුණි.

මෙම අමානුෂික ඝාතනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විහාරපාළුගම විහාරහල්මිල්ලකුලම පදිංචිව සිටි ප්‍රේමදාසගේ ඉන්දුමනී ශ්‍රියාණි (45), කේ.ඒ. සුමිත් උදය කුමාර (23), කේ.ඒ. තක්ෂිලා කුමුදු කුමාරි (13), මහියංගණය කොටියාපල පදිංචිව සිටි ප්‍රේමදාසගේ පේමාවතී (46) සහ රාජපක්ෂගේ ප්‍රියන්ත (25) යන පුද්ගලයන් 05 දෙනායි. 


මොවුන් එකම පවු‍ලේ ඥාතීන් බව ‍පොලීසිය පවසන අතර මියගිය ඉන්දුමතී ශ්‍රියාණි මහත්මියගේ සැමියා වූ කේ.ඒ. පියදාස (47) මහතා ප්‍රහාරයට ලක්වී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.
 
Related Posts with Thumbnails