Ads 468x60px

.

ගූගල් හෙල්ප් අවුට් චෙතින් ඔබටත් කීයක් හරි හොයා ගන්න ක්‍රමයක් මෙන්න (වීඩියෝ)


මිනිත්තු 
ගණනට 
අනුව ගෙවීම්

සුප්‍රකට ගූගල් සමාගම විසින් ව්‍යාපාරික යන්ට සහ පාරිභෝගිකයින්ට වීඩියෝ ඇමතුම් පහසුකම් මගින් සම්බන්ධ වී තම ගැටලු නිරාකරණය කර ගැනීමට හා උපදෙස් ලබාගැනීමට හැකි නව අන්තර් ජාල සේවාවක් හෙල්ප් අවුට් (Helpouts) නමින් හඳුන්වා දී තිබෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙයට ඇතුළත් වී සේවාවන් ලබාදීම මගින් මුදල් උපයාගත හැකි අතර ගූගල් පවසා තිබෙන්නේ තමන් අයකරන ගාස්තුව තමන්ටම තීරණය කළ හැකි බවයි.

කෙසේ වෙතත්, සේවාව ලබාදෙන මිනිත්තු ගණනට අනුව මුදල් අයකිරීම වඩාත් උචිත බව ගූගල් පවසා තිබෙනවා.

තමන්ට කෑමක් හදා ගැනීමට අවශ්‍ය වූ විට, සංගීතය ඉගෙන ගැනීමට අවශ්‍ය වූ විට, පරිගණකයේ වෛරසයක් ඉවත් කිරීමට අවශ්‍ය වූ විට මෙම සේවාව තුළ සිටින අයෙකුගෙන් වීඩියෝ ඇමතුමක් මගින් එයට විසඳුම් ලබාගත හැකි අතර බොහෝ අවස්ථා වලදී අදාළ සේවා සම්පාදකයා වෙත මුදල් ගෙවීමට සිදුවනවා.

මෙම සේවාව හඳුන්වාදීමේ මුල් අවස්ථාවේදී music, computers, cooking, education and careers, fashion and beauty, fitness and nutrition, health සහ home and garden යන අංශ යටතේ උපදෙස් ලබාගත හැකි අතර පසුව මෙයට තවත් අංශ එක් කරන බව ගූගල් පවසා තිබෙනවා.

 
Related Posts with Thumbnails