Ads 468x60px

.

මහත් ආන්දෝල නාත්මක පුවතක් වූ කාන්තාව සිපගත් රේවත හිමියන්ට වැඩ වරදී...


කල්කටා 
අධිකරණයෙන් 
තහනම්
නියෝගයක්

කාන්තාවක් සිප වැළඳ ගන්නා වීඩියෝ දර්ශන සහ ඡායාරූප ගණනාවක් ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වූ නිසා මේ දිනවල රේවත හිමියෝ ඉන්දියාවේ බෞද්ධ ජනතාව අතර මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී සිටිනවා. 

උන්වහන්සේට විරෝධය පාමින් ඉන්දීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සංවිධාන ගණනාවක් පසුගියදා උද්ඝෝෂණ දියත් කර තිබුණා.

මේ සමගම පසුගිය කාලය පුරා ඉන්දීය මහාබෝධි සංගමය හරහා සිදුවිණැයි පැවසෙන අයථා ක්‍රියාවන් ගණනාවක් පිළිබඳව තොරතුරුද ඉන්දීය ජන මාධ්‍යයන් ඔස්සේ හෙළිදරව් වෙමින් පවතිනවා.

විදේශීය මුදල් අයුතු ලෙස පරිහරණය සම්බන්ධයෙන් වැරදිකරු වීම හේතුවෙන් සංගමයේ කිසිදු මූල්‍යමය කටයුත්තකට රේවත හිමියන්ට සම්බන්ධ වීම තහනම් කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නියෝගයක්ද පනවා තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මහාබෝධි සංගමයේ ප්‍රධාන ‍ලේකම් ධුරය දැරීම වළක්වාලමින් ඉන්දියාවේ කල්කටා නුවර මහාධිකරණය විසින් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් වෙත තහනම් නියෝගයක් පනවා තිබෙනවා. 

කල්කටා මහාධිකරණය මේ අතුරු තහනම් නියෝගය නිකුත් කළේ රේවත හිමියන් බෞද්ධ භික්ෂූන් උදෙසා විනය පිටකය මගින් පනවා ඇති නීති හා රෙගුලාසි උල්ලංඝනය කරමින් බෞද්ධ භික්ෂුවකට නුසුදුසු ලෙස ක්‍රියා කරන බව සඳහන් පෙත්සමක් සැලකිල්ලට ගනිමිනුයි.

ඉන්දීය නීතිවේදීහු අවධාරණය කරන්නේ බෞද්ධ පිටකයක් පදනම් කර ගනිමින් පෙත්සමක් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට කල්කටා මහාධිකරණය අවසර ලබාදීම ඉන්දීය අධිකරණ ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් බවයි.

2001 වසරේ සිට ඉන්දීය මහාබෝධි සංගමයේ ප්‍රධාන ‍ලේකම් ධුරය හොබවනුයේ රේවත හිමියන් විසිනුයි. අසීමිත කාලයකට එම ධුරය දැරීමට හැකි වන ලෙස පසුගියදා ව්‍යවස්ථා සංශෝධනයක්ද සිදුකෙරුනා.

මෙම ව්‍යවස්ථා සංශෝධනයන්ට විරෝධය පළ කරමින් සංගමය හා දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු භගබතී ප්‍රසාද් බැනර්ජි, බෙංගාලයේ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති අමියෝ කුමාර් සමන්තා සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු චිත්තතෝශ් මුකර්ජි මහතාද සංගමයේ මතෛක් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. 

මුකර්ජි මහතා අනගාරික ධර්මපාලතුමන් මුලින්ම ඉන්දීය මහාබෝධි සංගමය පිහිටවූ අවස්ථාවේ එහි සභාපතිත්වයට පත් කරගත් ආශුතෝශ් මුකර්ජි මහතාගේ මුණුපුරෙකි.

රේවත හිමියන් එම කාන්තාව සිපගන්නා වීඩියෝව පහතින්.

ආචාර්ය දොඩන්ගොඩ රේවත පිස්සූන් වහන්සේගේ කිස් දානය (වීඩියෝ)
කිස් දානය දුන් රේවත හිමියන් ඉවත් කරන්නැයි ඉන්දියාවේ උද්ඝෝෂණ කරන හැටි මෙන්න
 
Related Posts with Thumbnails