Ads 468x60px

.

අපි දික්කසාද වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් – ගයත්‍රි වෙනස්ම කතාවක් කියයි...


අපි දෙන්නා 
අතර ප්‍රශ්නයක් 
නෑ කියන්න 
කාටවත් බෑ. 

අපිත් 
මනුස්සයෝ 
නේ.

ගයත්‍රි ඩයස් හා චන්න පෙරේරා අතර කාලයක පටන් විරසකයක් තිබූ නමුත් ඒ බව මාධ්‍යට වසන් කර තිබූණු අතර ඒ දෙදෙනා දික්කසාද වී ඇති පුවත බොහෝ වෙබ් අඩවි වල වේගයෙන් සංසරණය වුණා.

වැඩිපුර කලා නිර්මාණවල දකින්නට නැතත් ‘ගයත්‍රි ඩයස්’ කියන නිළිය තාමත් ජනප්‍රිය තරුවක් වී ඇති අතර මේ දවස්වල ඒ දෙදෙනාගේ දික්කසාදය පිළිබඳව පැතිරෙන කටකතාත් එක්කම ගයත්‍රිගේ අලුත් තොරතුරු ගැන දැනගන්නත් එක්ක අපි ඇයට කතා කළා.

පසුගිය දවස්වල පින් අතේ වැඩක් කළා නේද? 

 
ඒක හරි අහඹු ලෙස සිදු වුණු දෙයක්. ලොකු දුවත් එක්ක පාටි එකකට ගිහින් එන ගමන් පාරේ ලේ පෙරා ගත්ත මනුස්සයෙක් පාරෙ අයිනේ වැටිලා හිටියා. 


ඒ මනුස්සයා රෝහලට ගෙනයන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුණු එක ගැන මගේ හිත කම්පා වුණා. මමත් මඟ ඇරලා ගියා නම් ඒ මනුස්සයා එතැනම මැරෙනවා. මගේ දරුවත් ඉද්දි, තුවාල වුණු මනුස්සයා රෝහලට අරන් යන වගකීම බාර ගත්තා. 

නමුත් අවාසනාවකට වගේ රෝහලට අරන් ගිහින් විනාඩි 5ක් යන්නත් කලින් ඒ මනුස්සයා නැති වුණා. මේ දේ සමාජ සේවයකටත් වඩා මගේ හිතේ ඇතිවුණු මනුස්සකම වෙන්න ඇති.

කටකතා ගැන මොනවද හිතෙන්නේ? 

 
කටකතා හොඳයි. මම ආසයි. කටකතා කියන්නේ අපි ගැන කතා වෙනවා කියන එකනේ. මම නම් හරි කැමැතියි.

කටකතාවලින් සුවඳට වඩා ගඳ හරි ඉක්මනට පැතිරෙනවා නේද? 

 
ඔව්, ඒක කටකතාවල ගුණාංගයක්නේ. හොඳට වඩා නරක හරි ඉක්මනට පැතිරෙනවා. තව කාවහරි හෙළා දකින්න, දෝෂාරෝපණය කරන්න, අපහාස කරන්න, පීඩාවට පත් කරන්න අපේ මිනිසුන්ගේ කටවල් ඉක්මනට ඉස්සර වෙනවා.

ගයාත්‍රියි චන්නයි දික්කසාද වෙනවා කියලා පසුගිය දවස්වල වෙබ් අඩවිවල පළවුණෙත් කට කතාවක්ද? 

 
ඔය කතාව අවුරුදු 10ක විතර ඉඳන් කියන කතාවක්.

ඔබ කියන්නේ ඔබ දෙදෙනා අතර දික්කසාද වීමට තරම් ප්‍රශ්නයක් නෑ කියලද? 

 
අපි දෙන්නා අතර ප්‍රශ්නයක් නෑ කියන්න කාටවත් බෑ. අපිත් මනුස්සයෝ නේ. අපි මැරෙන තුරාවටම එකට ජීවත් වෙනවා කියලා කියන්නත් බෑ. සමහර විට අපි දික්කසාද වෙන්නත් පුළුවන්. දික්කසාද නොවෙන්නත් පුළුවන්. අද දවසේ එහෙම ප්‍රශ්නයක් නොවුණත් හෙටින් උදාවෙන දවස් ගැන විශ්වාසය තියන්න බෑ.

ඔබ දෙදෙනා ගෙදර තට්ටු දෙකක ජීවත් වෙනවා කියලා කියන කතාවත් බොරුද? 

 
ඒක බොරුවක්. අපේ ගෙදර කාමර තියෙන්නේ උඩ තට්ටුවේ විතරයි. එහෙම කතා ප්‍රචාරය කරන වෙබ් අඩවි කරන්නේ හරි බාල වැඩක්.

අම්මගේ කාර්යබහුලත්වය දරුවන්ගේ චෝදනාවට ලක්වෙන්නේ නැද්ද? 

 
චෝදනාවක්මද දන්නේ නෑ. ඒත් මටම දැනිලා තියෙනවා මම කාර්ය බහුල වැඩියි කියලා. ලොකු දුව මම ගෙදර එන්න පරක්කු වෙනවද කියලා අහද්දි නම් ලොකු වේදනාවක් දැනෙනවා. 


මම වෙනුවෙන් බලන් ඉන්න දෙන්නෙක් ඉන්නවා කියලා දැනෙද්දි දුකයි. මම පුළුවන් තරම් මගේ වැඩ ඉවර වුණු ගමන්ම ගෙදර යන්න උත්සාහ කරනවා.

ගයත්‍රී ඩයස් හා චන්න දික්කසාද නිවුස් එක ගැන චන්න කතා කරයි...
ගයත්‍රී ඩයස් හා චන්න දික්කසාද වෙලාලු...
 
Related Posts with Thumbnails