Ads 468x60px

.

හෙල්ලය වැදී සිසුවාගේ මුහුණ පසාරු වෙයි ඇසට බර හානි


තත්ත්වය ගැන 
කිව නොහැකියි

පනාමුර මහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීමකදී පාසල් ක්‍රීඩකයකු විසින් විසිකරන ලද හෙල්ලක් එහි ශිෂ්‍ය නායකයකුගේ ඇසක් අසලින් කිඳා බැස තිබෙනවා. එම හෙල්ලයේ වැඩි කොටසක් ඊයේ ඇඹිලිපිටිය මූලික රෝහලේදී කපා ඉවත් කර තිබෙනවා.

ශිෂ්‍යාගේ ඇස ළඟ කිඳාබැස ඇති හෙල්ලයේ ඉතිරි කොටස ඉවත් කිරීම සඳහා ඔහු කොළඹ මහ රෝහල වෙත වහාම එවනු ලැබීය. ඊයේ උදෑසන

ඇඹිලිපිටිය පනාමුර විද්‍යාල ක්‍රීඩා පිටියේදී එස්.එච්. ගයාන් මධුසංඛ නම් 17 හැවිරිදි සිසුවා මේ අනතුරට ලක්විය.

අඩි හතරකට වඩා දිගු හෙල්ලය සිසුවාගේ ඇස ආසන්නයෙන් ශරීරගතවූ විට ඔහු එම හෙල්ලය පිටින් ම ඇඹිලිපිටිය මූලික රෝහලට ගෙනවිත් තිබේ.

ඇඹිලිපිටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය ගාමිණී රත්නසිරි මහතාගේ මෙහෙයවීම මත පැයක ශල්‍ය කර්මයකින් දිගු හෙල්ලයේ කොටසක් ඉවත්කර තිබේ.

එම කොටස කපා දමා කිසියම් සැහැල්ලුවක් ලබාදී පසුව සිසුවාගේ ශරීරයට කිඳා බැස ඇති කොටස ඉවත් කිරීමට ඔහු කොළඹ මහා රෝහල වෙත යොමු කෙරිණි. 


සිසුවාගේ ඇසට හානි සිදුවී ඇතැයිද වෛද්‍යවරුන් කියති. වැඩිදුර ප්‍රතිකාර කොළඹ මහ රෝහලේ දී සිදු කරන නිසා ඔහුගේ තත්ත්වය ගැන කිව නොහැකි බව ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.
 
Related Posts with Thumbnails