Ads 468x60px

.

නළඟනක් අනියම් සැමියා සමඟ සිටියදී අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මිය ගිහින්...


ගිනි තියා ගත්තාද 
ගිනි තිබ්බා දැයි 
සැකයක්

පිළියන්දල කුඩමාදුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ නළඟනක් අනියම් සැමියා සමඟ සිටියදී අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මියයැමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.

36 හැවිරිදි ගයනි අබේරත්න නමැති මෙම නළඟන පිළිස්‌සී මිය ගොස්‌ ඇත්තේ ඊයේ (20 වැනිදා) අලුයම 1.00 ට පමණ වන අතර ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ කොස්‌තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා මෙම කාන්තාවගේ අනියම් සැමියා වේ. කාන්තාව පිළිස්‌සී මිය යන අවස්‌ථාවේත් සැකකරු ඇය සමඟ නිවසේ සිට ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී
තිබෙනවා.

මෙම කාන්තාවගේ මුල් විවාහයේ සැමියාට දාව දරුවන් දෙදෙනෙකි. එම සැමියා අතහැර යැමෙන් පසු ඇය තවත් පුද්ගලයකු සමඟ විවාහ වී

තිබෙනවා. එම සැමියාට දාව තවත් දරුවකු සිට ඇති අතර ඔහුද මෙම කාන්තාව අතහැර දමා විදේශ ගතව තිබෙනවා.

කාන්තාවගේ මුල් විවාහයේ දරුවන් දෙදෙනා ඥාති නිවසකට භාරදී සිටි අතර ඇය තම දෙවැනි විවාහයේ හය හැවිරිදි දරුවා සමඟ පිළියන්දල කුඩමාදුව ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වූවාය.

ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ කොස්‌තාපල්වරයකු සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය කාන්තාව ඔහු සමඟ මෙම නිවසේ ජීවත්ව සිට ඇත.

කාන්තාව කොළඹ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක නළඟනක ලෙස සේවය කරන අතර සිද්ධිය වූ දින රාත්‍රි 10.00 ට පමණ ඇය නිවසට පැමිණ
තිබෙනවා. රැකියාවට යන විට හය හැවිරිදි දරුවා අසල් වැසියකුගේ නිවසේ නතර කර යැමට ඇය පුරුදුව සිටි බව පොලිසිය පවසනවා.

සිද්ධිය වූ දින රාත්‍රි 10.00 ට පමණ නිවසට පැමිණ ඇති කාන්තාව සිය අනියම් සැමියා ද සමඟ නිවසේ මත්පැන් පානය කර
තිබෙනවා.

සැකකාර අනියම් සැමියා පොලිසියට පවසා ඇත්තේ ඊයේ අලුයම 1.00 ට පමණ තමන් අවදි වී බලද්දී මෙම කාන්තාවගේ සිරුරට ගිනි ඇවිලී තිබූ බවයි. ගින්න නිවා දැමීමට ඇය නිවස අසල ළිඳ ළඟට රැගෙන ගිය බවත් පසුව වතුර ගසා ගින්න නිවා දැමූ බවත් සැකකරු පොලිසියට පවසා
තිබෙනවා.

කාන්තාව රෝහල්ගත කිරීමට වාහනයක්‌ රැගෙන ඒමට යෑයි කියා නිවසින් පිටවූ සැකකරු පසුව පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී
තිබෙනවා. කාන්තාවගේ සිරුර පුරා භූමිතෙල් වලින් ගිනි ඇවිලී සිදුවූ පිළිස්‌සුම් තුවාල ඇති බව පොලිසිය පවසනවා.

මෙම කාන්තාවට කිසිවකු ගිනි තබා ඇය මරා දැම්මේද එසේත් නැත්නම් ඇය විසින්ම භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගත්තේද යන්න ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

ගල්කිස්‌ස කොට්‌ඨාසයේ වැඩබලන පොලිස්‌ අධිකාරි මුදිත පෙරේරා මහතාගේ උපදෙස්‌ මත පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. හේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.
 
Related Posts with Thumbnails