Ads 468x60px

.

බුද්ධාගම ලංකාවේ සුළුතර ආගමක් කිරීමේ නෝර්වේ සැලසුම

බුද්ධාගම ලංකාවේ සුළුතර ආගමක් බවට පත් කිරීම සඳහා නෝර්වේ රජයේ අනුග්‍රහය ලබන ආයතන කිහිපයක් ක්‍රියාත්මක වන බව හෙලිවේ.

බුද්ධාගම ලංකාවේ සුළුතර ආගමක් බවට පත් කිරීම මගින් පහසුවෙන්ම ලංකාව දෙකඩ කොට වාර්ගික අනන්‍ය තාව මත රටවල් දෙකක් නිර්මාණය කල හැකි බව මෙම ආයතන විසින් පෙන්වා දී තිබේ. 

මේ සඳහා දකුණු කොරියාවේ බුද්ධාගම විනාශ කල ආකාරයට මෙහෙයුමක් ලංකාවේද ක්‍රියාත්මක කල යුතු බවට නිර්දේශ වී ඇත​. 

මෙම මෙහෙයුමට දෙමල කොටිසංවිධානයට මුල්‍යමය සහ යුදමය ආධාර ලබා දීමට මූලිකව ක්‍රියා කල එරික් සොල්හයිම්ගේ ද ආශිර්වාදය ලැබී තිබේ. පසුගිය කාලයේ දිවයිනේ විවිධ පළාත් වල පිහිටා ඇති පන්සල්
වලින් තෝරාගත් තරුණ බෞද්ධ භික්‍ෂූන් නෝර්වේ හි වැඩමුලු  වලට යවා ඇති බව නොරහසකි. 

මෙම භික්‍ෂූන්ට නෝර්වේහිදී විශේශ පුහුණුවක් ලබා දෙන අතර ඔවුන්  ලංකාවට පැමිනි පසු මාසිකව ගෙවීම්ද කරති. මෙම නෝර්වේ පුහුණුව ලත් භික්‍ෂූන්ට පැවරී  තිබෙන කටයුත්ත නම් බෞද්ධ ජනයා බුදු දහම කෙරෙහි කළකිරෙනු වස් ප්‍රසිද්ධියේ දාමරිකව හැසිරෙමින් අන්‍ය ආගමික  මධ්‍යස්ථාන වලට, මස් කඩ වලට පහර දෙමින් ක්‍රියා කිරීමයි. 

තවද මුදල් ගෙවා සාමනේර භික්‍ෂූන් සහ තරුණ පිරිස් මෙම උද්ඝෝශන වලට සහභාගි කරවා ගැනීමත් මෙම නෝර්වේ පුහුණුව ලත් භික්‍ෂූන්ට පැවරී තිබේ. මෙවැනි උද්ඝෝශන පවතින විට ඊට සමගාමීව ඒවා විඩියෝ කිරීමත් අන්තර්ජාලය හරහා ලෝකය පුරා බෙදා හැරීමටත් වෙනම පිරිසකට පැවරී තිබේ. 

එමගින් සිංහල බෞද්ධයන් අන්‍යා ආගමිකයන්ට පහර දෙන සහජීවනය නොඋසුලන ම්ලේච්ඡ ජන කොට්ටාශයක් ලෙසට බටහිර රට වල ජනයාට ඒත්තු ගැන්වීම කරනු ලබයි. මෙමගින් ඉන්දුනීසියාවෙන් නැගෙනහිර ටිමෝරය වෙන් කිරීමට ප්‍රථම බටහිර ජන මනස සකස් කලාක් මෙන් බටහිර බලවත් ජාතීන් විසින් ලංකාවට මැදිහත් කිරීමක් කල යුතු බවට  අවධාරනයක් කෙරෙයි.

කොටි සංවිධානය විසින් පාලනය කරන කොටි ඩයස්පෝරාවද බටහිර  රටවල දේශපාලකයන් මේ සඳහා යොමු කරති. මේ සඳහා එක් උදාහරණයක් නම් කැනඩාවේ අගැමති ඩයස්පෝරාවේ බලපෑම් මත චෝගම් සමුලුව වර්ජනය කිරීමයි.

අවසානයේ බලන විට දැනගෙන හෝ නොදැනගෙන ලංකාවේ ඇතැම් භික්‍ෂූන්   ක​ෙඩ් යන්නේ නෝර්වේ වලට සහ කොටි ඩයස්පෝරාවේ අභිලාශයන්ටය​.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

ලංකාවේ බෞද්ධ භික්‍ෂූන් ගේ මැර හැසිරීම : මෙය යූ ටියුබ් මගින් ලෝකය පුරා විකාශය කරයි.

 
Related Posts with Thumbnails