Ads 468x60px

.

දකුණේ පරයෙක් ගල් පරයක් මත ඕස්ටේ්‍රලියානු සරසවි සිසුවියක් දූෂනය කරයි..

පර්යේෂන අධ්‍යයන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඕස්ටේ්‍රලියා සරසවි ශිෂ්‍යාවක් අම්බලන් ගොඩ මුහුද මැද පිහිටි ගෙඳවාන ගල් පරයේ දී දකුණේ මෘග ශ්‍රී ලාංකික තරුණයෙක් විසින් දූෂණය තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා. මෙම තිරිසන් සිද්ධිය වී ඇත්තේ පසුගිය 23 වන දින බ්‍රහස්පතින්දා ය.

සිසුවිය ශ්‍රී ලංකාවට පසුගිය දෙසැම්බරයේදී පැමිණ ඇත්තේ තම පර්යේෂන අධ්‍යයනයක් සඳහා ය. අම්බලන්ගොඩ පිහිටි කැස්බෑ මධ්‍යස්ථානයක ස්වේච්ඡා සේවිකාවක ලෙස ඇයගේ අධ්‍යයනය කටයුතු කරමින් සිට ඇති අතර ඇය නවාතැන් ගෙන ඇත්තේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ පිහිටි හෝටලයක ය. 

එදින තවත් 8 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග පර්යේෂන කටයුතු වල නියුතුව සිටි ඇය පිරිසෙන් වෙන්ව මුහුදු ලිහිණියන් ඇතුළු පක්ෂීන් බහුලව වෙසෙන ගෙඳවාන ගල් පරයට පැමිණ ඇත. එහිදී
මෘග ශ්‍රී ලාංකිකයා විසින් ඇය දූෂනය කර තිබේ.

ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ගොඩ යෑමට සැලසුම් කර සිටියද, සංචාරක කතුන් දූෂනය කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුට දඩුවම් දීමක් සිදු වන්නේ නැත. දූෂණයට ලක්වන සංචාරක කාන්තාව පැමිණිලි කිරීමෙන් පසු රටින් පිටව යන අතර ඉන්පසු වැරදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නැත. 

පසුගියදා ප්‍රාදේශීය නායකයෙකු විසින් කුරාම් ෂෙයික් නම් බි්‍රතාන්‍ය සංචාරකයෙකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂනයකට ලක් කළද අපරාධ නඩුව ගොනුකර ඇත්තේ සංචාරකයා ඝාතනය කිරීම ගැන පමණි. 

සමූහ දූෂණයට ලක්ව ජීවතුන් අතර සිටින වික්ටෝරියා නම් සංචාරක තරුණියට සිදුකළ අතවරය ගැන කිසිවෙකුට එරෙහිව කිසිදු නීති කර්තව්‍යයක් සිදු නොවේ. 

මේ තත්ත්වය 'සුද්දියන් එන්නේ අපෙන් රේප් වෙන්න' යැයි මතයක් මෘග ශ්‍රී ලාංකිකයා තුල ජනිත වීමට පාලකයන් ඉඩ දී තිබේ. ලංකාවේ විකල්ප යැයි කියාගන්නා මානසික රෝගීහුද මෙවන් මානසිකත්වයන්ට උඩගෙඩි දෙති. එවන් එක් වාමාංශික බ්ලොග් කරුවෙක් මෑතක ලියා තිබුනේ ළමා අපචාර වලින් ලිංගික අධ්‍යාපනය ලැඛෙන බවයි.

බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර ඉන් එකක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයන්හි පවා සංචාරක කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්විය හැකි බවයි. පසුගිය වසර කිහිපය තුළ පමණක් සංචාරක තරුණියන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේදී දූෂනයට ලක්ව තිබේ.

කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව දිනකට ස්ත්‍රී සහ ළමා දූෂණ 7 කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බව 'හෙළි වූ' වාර්තා වලින් පමණක් දැක්වේ. ස්ත්‍රී සහ ළමා දූෂන සම්බන්ධයෙන් පොලිසිවලට ලැඛෙන පැමිණිලි ප්‍රසිද්ධ වීම නවතා වසර කිහිපයක් වේ.

Lankaenews
 
Related Posts with Thumbnails