Ads 468x60px

.

අමාත්‍යවරුන්ගේ කොටු පැනීමට එරෙහිව භාර්යාවන්ගෙන් ගුරුකමක්

අමාත්‍යවරු කොටු පැනීම සිදු නොකර සිටින බව වාර්තා වේ.

අමාත්‍ය වරුන් මෙසේ කොටු පැනීම අත් හැරීමට හේතුවී ඇත්තේ ඔවුන් වසග කර ගැනීමට ඇමති භාර්යාවෝ සමත්වීම නිසාය. මොවුන් මෙසේ ඇමතිවරු නම්මාගෙන ඇත්තේ ගුරුකමක හාස්කමකිනි.

අදාල ගුරුකම කරදුන් කට්ටඩියා වන්නේ හිටපු උපාරිමාධිකරණ විනිසුරු වරයෙකු වූ අල්ලස් කොමිසමේ සභාපති විනිසුරු ජගත් බාලපටබැදිය.

ජනපති දුන් ඇමති මහින්දානන්දගේ තෝම්බුව බාලපටබැදි විසින් ඇදීමත් සමග දැන් ඇමතිවරු සිය භාර්යාවන්ට ඉතා කීකරුවී සිටී. ඒ අදාල ඇමතිවරුන් අයථා ලෙස උපයාගත් මුදලින් ගත් දේපල ඇත්තේ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ නම්වලට නිසාය.


හිමිදිරියේ නිවසින් පිටවන අමාත්‍යවරු දැන් ගොම්මන් කරුවල වැටෙන්නට පෙර නිවෙස් වලට ඇදෙන බව වාර්තා වේ. මේ තත්ත්වය නිසා පසුගිය කාලයේදී බොහෝ ඇමතිවරුන්ගේ පහස ලැබූ නිළියන් ඔවුන් අත්හැර වෙනත් අය වෙත ගොස් ඇති බවද පැවසේ.

මෙසේ බිරින්දෑවරුන් කීකරු කර ගැනීමට සමත්ව සිටින ඇමතිවරුන් අතර කෙහෙළිය රඹුක්වැල්ල, නිමල් සිරිපාල ද සිල්වා හා කුමාර වෙල්ගම ඉදිරියෙන් සිටින බව පැවසේ.
 
Related Posts with Thumbnails