Ads 468x60px

.

නාමල් මහත්තයා අපේ රටේ විශිෂ්ට නායකයා වන බව ස්ථිරයි - වැලිකන්දෙ තනූජගෙන් අනාවැකියක්


ඇමැතිවරුන්ගේ 
නම් සහ තනතුරු 

එක දිගට 
මතකයෙන් 
කියාගෙන 
යනවා


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනාගතයේ මෙරට විශිෂ්ටතම නායකයා වන බව ස්ථිරවම කිව හැකි යැයි දස හැවිරිදි පාසල් සිසු වෙක් විසින් අනාවැකියක් පළ කරන පුවතක් වැලිකන්ද මහා විද්‍යාල යෙන් අප වෙත වාර්තා වෙනවා. මෙම අනාවැකිය පළ කරනු ලැබුවේ වැලිකන්ද මහා විද්‍යාල යේ හය වසර ඉගෙනුම ලබන මොණරතැන්න මහවැලි ගම්මානයේ පදිංචි වයි.එම්. තනූජ ධනංජය යාපා බණ්ඩාර (10) දරුවායි. 

මෙම තොරතුරු සොයා බැලීමට පෙරේදා (7) පෙරවරුවේ වැලිකන්ද මහා විද්‍යාලයට අප ගිය අවස්ථාවේදීයි එම දරුවා මේ කරුණු අනාවරණය කළේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ සහ ඇමැතිවරුන් සියලු දෙනාගේම නම් සහ දැනට හිමි තනතුරු එක
දිගටම සිය මතකයෙන් අප වෙත කියා ගෙන ගියේය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන විට පැවති සම්මන්ත්‍රණයේදී පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා වේදිකාවේ සිට ප්‍රකාශ කරන ලද කවිපද හතරක් ළමයින්ගෙන් කවුරුන් හෝ නැවත ප්‍රකාශ කරන ලෙස කරන ලද ඉල්ලීම ඉටු කළේද මෙම සිසුවායි.


සිසුවාගේ මතක ශක්තිය තේරුම් ගත් දිස්ත්‍රික් ලේකම්වරයා වසර 30ක් තම රාජකාරි කටයුතු කළ පාතර් වර්ගයේ රන් පෑන මෙහිදී දරුවාට පරිත්‍යාග කළේය.

මොණරතැන්න මහවැලි ගම්මානයේ පදිංචි වයි. ඇම්. ආනන්දසේන හා ඒ.ඩී. ශාන්ති කුමාරි මහත්මියගේ වැඩිමහල් පුත්‍රයා වන තනූජ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 165ක් ලබා සමත්වී ඇත. ඒ වැලිකන්ද විදුහලේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ එකම ශිෂ්‍යයායි.


ජනපති මහින්ද වසර 18ක් රාජ්‍ය පාලනය කරනවා - චිත්ත ශක්තියෙන් කියූ නව හැවිරිදි දිනෙත්
 
Related Posts with Thumbnails