Ads 468x60px

.

ත්‍රී රෝද රථයෙන් කැලෑවකට ගෙන ගොස් පාසල් සිසුවිය දූෂණය කල බාබර්ට වැඩ වරදියි...


අයෙක් කැලෑවේ 
පාසල් දැරිවියක් 
දැක පොලිසියට 
කියයි..

වයස අවුරුදු 11 වන බාල වයස්කාර පාසල් සිසුවියක් පසුගිය බදාදා (26) කැලෑවකට පැහැරගෙන ගොස් අමානු ෂික අන්දමට දූෂණය කළ බව කියන 21 හැවිරිදි කරණවෑමියෙකු පිලිබඳ පුවතක් නවගත්තේගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපට දැන ගන්නට ලැබුණේ අතවරයට පත්ව ඇති දැරිවිය නවගත්තේගම ප්‍රදේශයේ පාසලක 06 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇති බවයි. ඇය පදිංචිව සිට ඇත්තේ නවගත්තේගම - කිරිමැටියාව ප්‍රදේශයේයි. 

පාසල් යන අතර තුර දැරිය හා කරණවෑමියා අතර ප්‍රේම සම්බන්ධතාවය ක් හට ගෙන තිබෙනවා. දැරිවිය නිවසේ සිට පාසල දක්වා යමින් සිටින විට කරණවෑමියා තමන්ට අයත් ත්‍රී රෝද රථයෙන් පැමිණ දැරිවියවද එහි නංවාගෙන නවගත්තේ ගම ප්‍රදේශයේ කැලෑවකට ගොස් එහිදී ඇයව
දූෂණය කොට තිබෙනවා.

කැලෑව තුළ පාසල් දැරිවියක් තවත් අයෙකු සමග සිටිනවා දැක ඇති ඒ අසලින් ගමන් කළ අයෙකු විසින් මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා
තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය කැලෑව තුළදීම කරණවෑමියා සහ පාසල් සිසුවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා

පසුව පාසල් සිසුවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. කරණවෑමි පෙම්වතා තමාව කැලෑව තුළදී දුෂණය කළ බව අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
 
Related Posts with Thumbnails