Ads 468x60px

.

පින්තූරයක කතාව

හොරොව්පතාන මොරකෑව සුව උදාන  ගම්මානයේ ඒ රංජනී කුමාරී නම් පාසල් සිසුවියට භූත දෝශයක් වැළඳී ඇති බව කියා ගුරුකම් කරන්නෙකු විසින්  යකා එළවා දැමීම පිණිස​  යකඩ බටයක් රත් පැහැවන තුරු රත් කර ඇයගේ යටි පතුල් පුළුස්සා ඇත.  

විසි එක්වන සියවස උදාවී තිබුනද ලාංකිකයා තවම ජීවත් වන්නේ අන්ධ කාරය සමග බව මේ පුවත සනාත කරයි. අප්‍රිකාවේ සමහර ප්‍රදේශ වල ජීවත් වන නොදියුණු නූගත් වනචාරී ගෝත්‍රිකයන් සහ ගම් වල ජීවත් වන අපගේ ග්‍රාමීය ජනතාව අතර වැඩි වෙනසක් නොමැත​.

මීට හේතුව කුමක්ද.? අපගේ ප්‍රධාන පුවත් පත් වන සිළුමිණ, ලක්බිම​, දිවයින , මව්බිම වැනි පුවත් පත් අරගෙන බලන්න​. මේ පුවත් පත් වල

නිතිපතා මිත්‍යාව ගුරුකම් ප්‍රවර්ධනය කරති. 

ජනතාව මෝහ අන්ධකාරයෙන් මුදා ගැනීම වෙනුවට මෙම පුවත් පත් වල ලියන්නන් කරන්නේ මෝහ අන්ධකාරය වඩ වඩාත් සමාජය තුලට කාවැද්දීමයි. මෙම කා වැද්දීම කරන්නේද සාවද්‍ය ලෙස බුදු දහමද පටලවමිනි.

මේ මිත්‍යාව ආරම්හවන්නේ ඉහලිනි. ජනාධිපතිවරයා එලියන්ත වයිට් නම් මිත්‍යාව සහ වංචාව යොදාගෙන ප්‍රතිකාර කරන හොර වෙදා ප්‍රවර්ධනය කරයි. නැණස පෑදිය යුතු විශ්ව විද්‍යාල හරහා නලීන් ද සිල්වා මිත්‍යාව ප්‍රවර්ධනය කරයි. එම නිසා ඉහල සිට පහලට අපගේ සමාජය තුල මිත්‍යාව ගලාගෙන යයි. මිත්‍යාව සමාජගත කිරීම හරහා ජනතාව මීහරකුන් ලෙස පාලනය කිරීමට පාලකයන්ට හැකියාව ලැබෙයි.   


පුවත පත් හරහා ගුරුකම්, විශ්ව බලය යනාදී ප්‍රලාප මගින් සමාජය නූගත් කිරීමද එක්තරා ආකාරයක Psy Op වේ. එකක් වේ. එය ඉතා හොඳින් සිළුමිණ, ලක්බිම​, දිවයින, මව්බිම වැනි පුවත් පත් කරති. මෙවැනි නූගත් මෝහයෙන් වැසී ගිය සමාජයක් දේශපාලකයන්ට ආශිර්වාදයකි.

මේ විපරීතය ගැන W3 Lanka මෙසේ කියයි. රට පුරා භූත ආතුරයෝය. කොඩිවින කපන්නෝය. නැකැත්කරුවෝය. ගස් ගල් වඳින්නෝය. නිදන් හාරන්නෝය. පිටසක්වල ජීවියෝය. අද්භූත ආලෝක ධාරාය. ලෝක විනාශ, භූමිකම්පා, සුනාමි ආදිය ගැන පේන කියන්නෝය. එදා වේල පිණිස මේ පිස්සන් පසුපස යන මාධ්‍යකාරයෝය. 


දවස තිස්සේම මේ ගැන බණ කියන්නෝය. බණ අහමින්ම ධනය පොදි බැඳීමට මුල් තැන දෙන්නෝය. සමස්ථයක් ලෙස ලංකාවේ සිදු වී ඇත්තේ මිථ්‍යාව හා ධනකාමය දහම කරගත් අතාර්කික, දෙබිඩි, නොමිනිස් ජීවී පරපුරක වාසස්ථානයක් බවට පත්වීමයි.

ජායාරුප අනුග්‍රහය ලංකාදීප පුවත්පත
 - අමිල ගුණරත්න

එහි හිරු වීඩියෝව පහතින් 
 
Related Posts with Thumbnails