Ads 468x60px

.

දුරකථනයෙන් කතා කර නිවසට ගෙන්වා නාඳුනන පුද්ගලයන්ට බිරිඳ බිල්ලට දී සැමියා බලා ඉඳලා

පුවත්පත්වල පළවන ජංගම දුරකථන අංකවලට කතා කොට නාඳුනන පුද්ගලයන් නිවසට ගෙන්වා එම පුද්ගලයන් සමග බිරිඳ අඹු සැමියන් ලෙස හැසිරෙන අයුරු බලා සිටින සැමියකු පිලිබඳ පුවතක් ගම්පහින් අප වෙත වාර්තා වෙනවා.

දෙදරු මවක්‌ වන බිරිඳ එම පුරුෂයන් සමග හැසිරීමට අකමැති වුවහොත් බටයකින් පහර දෙන බවත් එසේ පහර කෑමට ලක්‌වූ බිරිඳ තුවාල ලබා ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවස
නවා

නාඳුනන පුද්ගලයන්ගේ විකෘති ආශාවන් සංසිඳවීමට නොහැකි වූ එම දෙදරු මව පොලිසියට කළ පැමිණිල්ල මත සැමියාව අත්අඩංගුවට ගෙන
කළ ප්‍රශ්න කිරීම් හමුවේ සැමියා බිරිඳගේ පැමිණිල්ල පිළිගෙන තිබෙනවා.

නාඳුනන පුද්ගලයන් කොපමණ දෙනකුගේ අතවරයට ලක්‌ වූයේ දැයි යන්න හෙළි කිරීමට එම දෙදරු මවට හැකියාවක්‌ නොමැති බව පොලිසිය පවසනවා.

කනිෂ්ක සම්පත් අමුණුගම නමැති සැකකරු 26 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කළ ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර එදිනට (26දාට) වෛද්‍ය වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහර බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේය.
 
Related Posts with Thumbnails