Ads 468x60px

.

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරියගේ භූමිකාව


වෙනූෂා ගැන 
අනිත් අයත් 
එක්ක ඕපාදූප 
කියලා

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයා ෆේස්බුක් සිදුවීම මුල්කොට ගෙන තමන්ට අසභ්‍ය ලෙස බැන වැදීමෙන් සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් එම විදුහලේ ඉගෙනුම ලැබූ වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැක පිට එහි විදුහල්පති ඩබ්ලිව්. එම්. සමන් ඉඳ්‍රරත්න ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය මගින් අතඩංගුවට ගනු ලැබීය​. 

වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විදුහල්පති වරයා මෙන්ම කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරියද වග කිව යුතු බව සිදු කරන ලද පරීක්‍ෂණ වලදී හෙලිවී තිබේ.   

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරිය ක්‍රියා කොට තිබෙන්නේ උපදේශිකාවකට මෙන්ම ගුරුවරියකටද නොගැලපෙන අයුරිනි. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ

පාසල් උපදේශකවරියට උපදේශනය පිළිබඳව වෘත්තීය සුදුසුකම් තිබී නැති බව ළමාරක්‍ෂක අධිකාරිය විසින් කරන ලද විමර්ශනයකදී සොයාගෙන තිබේ. 

මෙම ගුරුවරිය පාසලේ මනෝ උපදේශනයේ යෙදී තිබෙන්නේ ඩී. එස් රණවක නැමැති පුද්ගලයා විසින් පවත්වාගෙන යන ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය නමින් හැඳින්වෙන ව්‍යාජ ආයතනයෙන් ලබාගත් සහතික ඉදිරිපත් කිරීමෙනි.    

ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය යනු අධ්‍යාපනික ආයතනයක් නොව  දිලිඳු සහන දෙපාර්තමෙන්තුව යටතේ ලියාපදිංචි කරන ලද පුන්‍ය ආයතනයකි. 


එහි අධ්‍යක්‍ෂකවරයා වන ඩී එස් රණවක ශාස්ත්‍රීය ලෝකයේ කූට සක්විති   යන කුප්‍රකට නාමයෙන් හැඳින්වෙන අතර ඩී .එස්  රණවකට ලෝකයේ පිළිගත් කිසිම විශ්ව විද්‍යාලයකින් මනෝවිද්‍යාව හෝ උපදේශනය පිළිබඳව උපාධියක් නොමැති නමුත් වංචනික ලෙස  FICP , MICP යන ව්‍යාජ උපාධි තමන්ගේම  පුණ්‍ය ආයතනයෙන් තමන්ටම ලියවාගෙන  සිටින බොරුකාරයෙකු වේ.     

ප්‍රකට ධනවත් පුද්ගලයන්ට දිළිඳු සහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබෙන පුණ්‍ය ආයතනයෙන් උපාධි විකුණා තම කූට ව්‍යාපාරය ගෙනයන ඩී .එස් රණවක නීති විරෝධී ලෙසට මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන බවද හෙළි වී තිබේ. 


එසේම මොහු ඇතැම් කාන්තා රෝගීන්ට ලිංගික අතවරද කර තිබෙන බව පැවසේ. වරක් මොහු බොරු උපදේශන උපාධි සහතික පෙන්වා කොළඹ සාන්ත පාවුළු විද්‍යාලයේ සිසු උපදේශන කවයේ සිටි අතර එහිදී සිසුවියකගේ නිරුවත බැලීමට යාම නිසා මොහුව ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය විසින් පාසල් උපදේශන සේවයෙන් ඉවත් කොට තිබේ. 

නීති විරෝධී ලෙස මානසික රෝගීන් රඳවාගෙන ප්‍රතිකාර කිරීම පිළිබඳව මොහුට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබුනද පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ටද අල්ලස් වශයෙන් උපාධි පිරිනමා අදාල පරීක්ෂණ යට ගසා තිබේ.   

වෘත්තිය පසුබිමක් හෝ පිළිගත් විශ්ව විද්‍යාල උපාධියක් නොමැති D.S රණවක  කොළඹ 3, ඇල්ෆ්‍රඩ් ඇවනිව්හි (යාබද ධර්මරාජ මාවතේ ) තම ආයතනය පවත්වාගෙන යමින් පාඨමාලා කරගෙන යනු ලබන අතර MICP , Dip In Counselling , AMPC, ව්‍යාජ මනෝ වෛද්‍ය උපදේශන උපාධි පවා පිරිනමනු ලැබයි. 


මෙය බරපතල ලෙස මානසික සෞඛ්‍ය පණත උල්ලංගනය කිරීමකි. දැනට හොර දොස්තරවරු 40,000 පමණ රට පුරා සිටින අතර රණවකගේ බොරු උපාධිධාරී ගෝලයන්ද රටපුරා මානසික ප්‍රතිකාර කරති. වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවිය මරණයට පත් වන්නේ මෙවැනි ව්‍යාජ සහතික කරුවන් ගේ මැදිහත්වීම් නිසාය​.  

රාවය පුවත්පතේ මාධ්‍ය වේදී තිඹිරියාගම බණ්ඩාර මහතා විසින් ඩී. එස්. රණවක ගේ වංචනික ක්‍රියා සම්බන්දයෙන් සහ​ රණවකට ඇතැයි කියන FICP සහ MICP යන උපාධි සම්බධයෙන් ප්‍රශ්න කරන ලදි. ඩී. එස්. රණවක මේ සම්බන්ධයෙන් පුවත්පත් කොමිසමට පැමිනිලි කරන  ලද​අතර පුවත්පත් කොමිසමේ සාමාජිකයන් වූ ලුසිල් විජේවර්ධන සහ ධර්මසිරි බණ්ඩාරනායක යන මහතුන් විසින් එකී උපාධි සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කරන ලෙසට ඩී. එස්. රණවකට දැන්වීය​. 


මේ දක්වා රණවක උපාධි සහතික වල මුල් පිටපත් ලුසිල් විජේවර්ධනට සහ ධර්මසිරි බණ්ඩාරනායකට ඉදිරිපත් කොට නැත​. නෙත් එෆ් එම්. බැළුම්ගල වැඩසටහන විසින් ද මෙම  පුද්ගලයා පිලිබඳව හෙලි කොට තිබේ.

මොහු අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන්ට බොරු උපාධි නොමිලේ පිරිනමා ගුරුවරුන්ට උපදේශනය පිලිබඳව මුදලට පාඨමාලා පවත්වා තිබේ. 


කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරියද මේ අන්දමට මුදල් ගෙවා ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය නමින් හැඳින්වෙන ව්‍යාජ ආයතනයෙන් සහතික ලත් තැනැත්තියෙකි.    

ළමාරක්‍ෂක අධිකාරිය විසින් කරන ලද විමර්ශනයකදී පෙනී ගොස් තිබෙන්නේ අදාල ගුරුවරිය විසින් ද වෙනූෂාව මානසික හිංසනයකට ලක් කරන ලද බවයි. වෙනුෂා මානසික ආතතියකින් පෙළුණු බව සඳහන් කරනුයේ නිසි සුදුසුකමක් නොමැතිව උපදේශකයෙකු ලෙස පාස‍ලේ සිටින මේ තැනත්තිය විසිනි.


සැබෑ ලෙසම වෙනුෂා මානසික ආතතියකින් සිටියේ නම් කළ යුතුව තිබුණේ මනෝ වෛද්‍ය විශේෂඥයෙකු වෙත යොමුකිරීමය​. නමුත් මේ ගුරුවරිය එසේ නොකොට වෙනූෂා මානසික ආතතියකින් පෙලෙන බව විදුහල පුරා අන්‍යන් සමග ඕපාදූප කියා තිබේ.

වෙනූෂා මානසික ආතතියකින් පෙලෙන බවට වෙනූෂාගේ මවට දැනුම් දුන් බව මේ ගුරුවරිය පවසා තිබේ. නමුත් පසුව කල විමර්ශනයේදී එය බොරුවක් බව හෙලි වී ඇත​. 

එසේම ළමා අපයෝජනයක් කල කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න ​කොන්දේසි විරහිතව ආරක්‍ෂා කිරීමටද මෙම ගුරුවරිය ක්‍රියා කලාය​. මෙවැනි ව්‍යාජ සහතිකකරුවන්  විසින් පාසල් දරුවන් ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම නැවැත්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දැන්වත් මොලය පෑදිය යුතුය​.    

- සමන්ත කෝනාර
 
Related Posts with Thumbnails