Ads 468x60px

.

සාක්‌කි දෙන අතර සිය පෙම්වතා සිහිපත්ව රුසියානු පෙම්වතිය උසාවියේ හඬා වැටේ...

පෙම්වතා සහ මා අතර විශාල ප්‍රේමණීය බැඳීමක්‌ තිබුණා. ඒත් එදා රෑ මා ඔහුව දුටුවේ මගේ ජීවිත කාලයේ අන්තිම වතාවට යෑයි කියමින් තංගල්ල 'ද නේචර්" හෝටලයේදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ගේ රුසියානු ජාතික පෙම්වතිය වන වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනවිය සාක්‌කි කූඩුවේ සිට හඬමින් පැවසුවා.

මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා මේ අවස්‌ථාවේදී සාක්‌කිකාරියගෙන් හරස්‌ ප්‍රශ්න අසමින් සිටියා

සාක්‌කිකාරිය හඬන්නට වූයෙන් හරස්‌ ප්‍රශ්න ඇසීම ජනාධිපති නීතිඥවරයා මඳකට නතර කළේය. ඉන්පසු ඇය ලේන්සුවක්‌ ගෙන කඳුළු පිස දැමුවාය. ඉන් පසු

ජලය පානය කළ ඇය හරස්‌ ප්‍රශ්න විමසන ලෙස ජනාධිපති නීතිඥවරයාට පැවසුවාය.

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ නමැති අයට පහරදී බෝතල් කටුවලින් කපා ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වන මෙම සාක්‌කි කාරිය රංචු ගැසී දූෂණය කළැයි තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇත. 


නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය හමුවේ පෙරේදා ආරම්භ වූ අතර දූෂණයට ලක්‌වූ වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා නමැත්තිය සාක්‌කි දීම ඇරැඹුවාය. සාක්‍ෂි දීම සඳහා රුසියාවේ සිට ඇය ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතර ඇගේ සාක්‌කි විමසීම ඊයේ අවසන් කෙරිණි.

විත්තිකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කළ අතර නඩු විභාගය සඳුදා (31 දා ) පෙරවරු 9.30 දක්‌වා කල් තැබිණි.
 
Related Posts with Thumbnails