Ads 468x60px

.

නතාෂා මේ දවස්‌වල හොරෙන්ම පෙම් කරනවා කියන්නේ ඇත්තද.?

වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් - නතාෂා

මීට දශකයකට කලින් මෙහෙම කියපු පුංචි කෙල්ල දැන් නව යොවුන් වියේ පසුවන තරුණියක්‌. පිරිපුන් තාරුණ්‍යයෙන් පිරී ඉතිරී යන ඇය නතාෂා පෙරේරාය. 

නතාෂත් දැන් පෙම්වතියක්‌ කියලා අපිට පුංචි ආරංචියක්‌ ලැබුණා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන ඇය අපිට කිව්වේ මෙන්න මේ විදිහට.

නතාෂා කොහොමද මේ දිනවල කාලය ගෙවෙන්නේ ?

දැන් මම නීතිවේදිනියක්‌. ලංකාවේ නීතිඥවරියක්‌ වෙන්න කලින් දිවුරුම් දෙන්න තියෙන අවසාන විභාගවලට මුහුණදෙන්න සූදානමින් ඉන්නේ.

ආපහු රඟපාන්න අදහසක්‌ නැතිද?


අදහසක්‌ නැතුවාම නොවෙයි. ඒකට තව ටික කාලයක්‌ ඉන්න වෙනවා.

ආරාධනා එහෙම ලැබුණේ නැතිද?

ලංකාවේ මම ගොඩක්‌ ගෞරව කරන අධ්‍යක්‍ෂවරුන්ගෙන් මට ආරාධනා ගොඩක්‌ ලැබුණා. නමුත් ඒවාට දායක වෙන්න නම් ලැබුණේ නැහැ. ඒකට හේතුව මගේ අධ්‍යාපන වැඩකටයුතු වලට මුල්තැන ලබාදීම.

සංගීත වැඩකටයුතු එහෙම කොහොමද?

මම දැන් විශාරදවරියක්‌. මේ දවස්‌වල අලුත් ගීතයක්‌ නිර්මාණය කරන්න මහන්සි වෙනවා. ඒක ළඟදීම අලුත්ම විදිහට එළිදක්‌වන්න සූදානමින් ඉන්නේ.

නතාෂා රසිකයන්ට අලුත් ගීතයක්‌ තිළිණ කරන්න සූදානම් ?

අනිවාර්යයෙන්ම. මගේ රසිකයන්ට අලුත් ගීතයක්‌ තිළිණ කරනවා. ඒක වැඩි ඈතක නම් නෙමෙයි.

යුග ගීතයක්‌ කියලත් ආරංචියි ?

ඒක ගීතය එළිදැක්‌වුණහම බලාගන්න පුළුවන්. දැන්ම ඒ ගැන කතා කළොත් වටිනාකමක්‌ නැතිවේවි.

රඟපෑම වෘත්තියක්‌ විදිහට කරන්න සූදානමක්‌ නැතිද?

පෞද්ගලික මතය අනුව මම කැමැති නීතිවේදිනියක්‌ විදිහට වැඩකරන්න. හැබැයි හොඳ ආරාධනා ලැබුණොත් භාරගන්නවා.

දැන් මෙතන අහන්න දකින්න ලැබෙන දේවල් හින්දද එහෙම කරන්න හිතුණේ ?

නැහැ. මම එහෙම පැත්තකට නෙමෙයි යොමුවෙන්නේ. මම ඒ ගැන වැඩිදුර අවධානය යොමුකරන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ අධ්‍යාපනය ලැබූ හින්දා වෘත්තියක්‌ කළොත් හොඳයි කියලා.

ඉස්‌සරහට නතාෂව අපිට හම්බවෙන්න වෙන්නේ උසාවියේදී වගෙයි ?

ඒක ඉතිං කියන්න බැහැ. මම ඉගෙන ගත්තේ නීති අංශයෙන්. උසාවියද නැතිද කියලා දැන්ම කියන්න බැහැ. කොහොම හරි නීති අංශයේ රැකියාවක නියෑලේවි.

ඉඳලා හිටලා රඟපෑවහම මිනිස්‌සුන්ට ඔබව අමතක වෙයි නේද?

මමත් ඇත්තටම කාලයක්‌ එහෙම හිතුවා. නමුත් මම ඒ හිතපු විදිහ වැරදියි.

ඇයි එහෙම කියන්නේ ?

සමහර අවස්‌ථාවලදී මම සාමාන්‍ය විදිහට විවිධ දේවල් වලට සහභාගි වුණහම ගොඩක්‌ තැන්වලදී මමවත් නොදැන මාව මිනිස්‌සු අඳුරගෙන තියෙනවා. ඇත්තටම මටත් පුදුමයි. තවම මට මිනිස්‌සු ආදරෙයි.

සුළඟක්‌ වී කියපු පුංචි කෙල්ලට තවමත් මිනිස්‌සුන්ගේ ආදරය අඩුවක්‌ නැතිවෙලා නැහැ ?

කොහෙත්ම නැහැ. සුළඟක්‌ වී ගීතය ගායනා කරලා දැනට අවුරුදු දහයක්‌ විතර වෙනවා. එදා මිනිස්‌සුන්ගේ තිබුණ ආදරය අදටත් අඩුවෙලා නැහැ.

රඟපෑමට කැමැති චරිත එහෙම තියෙනවාද?

මට එහෙම විශේෂ කැමැත්තක්‌ නැහැ. අධ්‍යක්‍ෂවරයා සහ නිෂ්පාදකවරයා ගැන තමයි මම වැඩිපුර අවධානය යොමුකරන්නේ. නැතුව මම එහෙම ලොකු ලිමිට්‌ස්‌වල නැහැ.

මේ දවස්‌වල විවාහ ගැන කතා කරනවා කියන්නේ ?

ආ...ඒ මොකක්‌ද ඒ.

මම කිව්වේ ඔයා විවාහය ගැන කතා කරනවා කියලා ?

ඔය කියනවා ඇත්තේ මම දෙරණ නාලිකාවේ සිදුකරන විවාහය කියන වැඩසටහන ගැන වෙන්න ඇති. මම මේ වෙනකොට එම වැඩසටහනේ නිවේදිකාවක්‌.

නතාෂා මේ දවස්‌වල හොරෙන්ම පෙම් කරනවා කියන්නේ ?

එහෙම කටකතාවක්‌ නම් තියෙනවා.

ඒ කටකතාව ඇත්තක්‌ නෙමෙයිද?

ඒකට උත්තරය දැන්ම දෙන්න බැහැ. ඇත්තක්‌ වෙන්නත් පුළුවන්. බොරුවක්‌ වෙන්නත් පුළුවන්.

නතාෂා පෙම්වතියක්‌ කියලා මාධ්‍යයට කියන්න අකමැතිද?

අකමැත්තක්‌ නෙමෙයි. ඒක ඉදිරියට කියන්නම්.

ඔය ප්‍රේමකතාව ගෙදරින් දන්නේ නැති හින්දා මාධ්‍යයට හංගන්න වෙලාද?

එහෙම දෙයක්‌ නෙමෙයි. අපි හැමෝම හැමදේම කරන්නේ හොඳ කාලයක්‌ බලලා. ඒක ඒ වෙලාවට දැනගන්න පුළුවන්.

ඔහුත් නීතිඥවරයෙක්‌ කියලත් කතාවක්‌ පැතිර යනවා?

ඔහු නීතියට සම්බන්ධ නැහැ.

ඔබ කරන කියන දෑවලට ඔහුගෙන් විරුද්ධත්වයක්‌ නැතිද?

කිසිසේත්ම නැහැ. මම හිතන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේවල්. මොකද තමන් කරන දේට ශක්‌තිය දෙන තමන්ව ආදරයෙන් බලාගන්න කෙනෙක්‌ තමයි ඉදිරි ජීවිතයේ සහකරු වෙන්න ඕනෑ. ඉතිං මම හිතන්නේ ඒ ගුණාංග ඔක්‌කොම ඔහුට තියෙනවා.

නතාෂා සොයන කෙනා ලැබිලා පාටයි ?

වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
 
Related Posts with Thumbnails