Ads 468x60px

.

අතුරුදන් වූ යානයේ ගමන ඉන්දීය සාගරයෙන් අවසන් කරයි..

ලොවක් එකතුවී සෙවූ මැලේසියානු ගුවන්යානයේ සෙවීම් කටයුතු දැන් අවසන් වී තිබෙනවා. ඒ එය ඉන්දියන් සාගර පතුලේ තිබෙන බවට එරට අග‍්‍රාමාත්‍යවරයා නිවේදනය කිරීමත් සමගයි. ඒත් සමගම මෙතෙක් කල් ගුවන් යානය සම්භන්ධයෙන් පැතිරගිය විවිධ කටකතා හා මිත්‍යා මතද මෙතකින් කෙළවර වෙනවා.

මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය අතුරුදහන් වූයේ පසුගිය 8 වනදාය. එය දැන් ඉන්දියන් සාගරයේ දකුණුදිග ප‍්‍රදේශයේ තිබෙන බවට නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂ ණය කිරීමෙන් තහවුරු වූ බව මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා සදහන් කරනවා. මේ අතර මලයාසියානු ගුවන් සමාගම ද යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයක් නිකුත් කර තිබුණා.


එහි දැක්වුණේ ගුවන් යානය අතුරුදන් වී ඇති බවත්, ඒ අනුව කිසිවෙකුත් ජීවිත බේරාගෙන නොමැති බව එම පණිවුඩයෙන් දන්වා තිබුණා. පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. 

යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු
බලධාරීන් පියවර ගත්තා. වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා.

මැලේසියානු ගුවන් යානය අතුරුදන් වීම බොහෝ දෙනාට ආදායම් මාර්ගයක්ද ඇති කරනු ලැබූවා. එයින් වැඩිමනක් පිරිස වූයේ ඇතැම් ජ්‍යොතිෂ්‍යවේදීන්ය. විවිධ අය විවිධ දේ මේ පිළිබදව ප‍්‍රකාශ කලා. ජ්‍යොතිෂ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි බණ්ඩාර ප‍්‍රකාශ කලේ මෙය පැහැරගැනීමක් බවත් එය දින 14 ක් ඇතුලත අනාවරණය වන බවත්ය.

"මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. 


මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්."

පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගත්තා. 

වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා. ඒ අනුවයි යානය සෙවීමේ කටයුතු ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශය දක්වා පුළුල් කෙරුණේ. 

මේ අනුව යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් ද චන්ද්‍රිකා ඡායාරූප මගින් ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශයේ තිබී නිරීක්ෂණය කෙරුණා. එම කරුණු පදනම් කරගෙනයි මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා අතුරුදන් වූ යානය පිළිබදව සිය නිළ ප‍්‍රකාශය නිකුත් කරනු ලැබුවේ.
 
Related Posts with Thumbnails