Ads 468x60px

.

වෙනූශාගේ පාසැලේ ඇඳ ඇතිරිලි දැමූ අබිරහස් කාමරයක්

ෆේස් බුක් සිද්ධියක් මුල්කරගෙන සිසුවියක් සියදිවි හානි කරගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ විදුහල්පති කාර්යාලයේ ඇති අභිරහස් කාමරයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

එම කාමරය සම්බන්ධයෙන් තොරතුරු පාස‍ලේ සිසුන්ගෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබි
තිබෙනවා. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම කාමරය සඳුදා (03) පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඇතිරිලි දැමූ ඇඳකින් සමන්විත එම කාමරයේ ජනේල් පවා නැති බවත් එය අදුරු කාමරයයක් බවත් එහිදී ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිලධාරීන්ට පෙනී ගොස්
තිබෙනවා.

කළුවර කාමරයට දමන බව සඳහන් කරමින් විදුහල්පතිවරයා විසින් පාස‍ලේ ළමුන්ව එම කාමරයට දමා පැය ගණනක් රඳවා තැබෙන බවද

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට ළමුන් පවසා තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළෙය.

එම කාමරය ළමුන්ට දඩුවම් දෙන්නට තැනූවක් නම් කොට්ට මෙට්ට දැමූ ඇදක් එහි ඇත්තේ කුමකටදැයි ගැටළුවක් බවට මේ වනවිට පත්ව තිබේ.


විදුහල්පති නිල කාර්යාලයේ ඇති ඒ කාමරය රහස් කාමරයක් ලෙස භාවිතා කරන්නක් බව දැනට කෙරී ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වයඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාගෙන්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් තොරතුරු විමසා  ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
 
Related Posts with Thumbnails