Ads 468x60px

.

ගම්පහ රත්නාවලියේ මෙනුෂිකා කොළඹ විශාකාවේ තපෝධා විශිෂ්ට ප්‍රතිඵලවලින් ප්‍රථම ස්‌ථානයට

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පසුගිය වසරේ (2013) පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතඵල ඊයේ (3 දා) නිකුත් කෙරිණි.

එම ප්‍රතිඵලවලට අනුව දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කේ. ඒ. මෙනුෂිකා ජයනි කාරියවසම් සහ කොළඹ විශාකා විද්‍යාලයේ තපෝධා හරින්දි ගංගොඩ විල යන සිසුවියන් දිවයිනෙන් ප්‍රථම ස්‌ථානය ලබාගෙන ඇත. 


මාතර රාහුල විද්‍යාලයේ එම්. ඩබ්ලිව්. උචිත තේජාන් ගුණසේකර දෙවැනි ස්‌ථානය ද කොළඹ ආනන්ද විද්‍යාලයේ එම්. රවීන් ලසිඳු තෙන්නකෝන් තෙවැනි ස්‌ථානයද හිමිකරගෙන ඇත. 

කොළඹ රාජකීය විද්‍යාලයේ කළිඳු ෙච්තික වික්‍රමසිංහ, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ ඩී. එච්. රොෂානා තරින්දි, කොළඹ විශාකා විද්‍යාලයේ එන්. එච්. දිලිනි ඉඳුනිල් ෙµdන්සේකා සිව්වැනි ස්‌ථානය ලබාගෙන තිබේ. 

නුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආර්. එම්. සෞම්‍යා කුමාරිහාමි අබේරත්න සහ කුරුණෑගල මලියදේව බාලිකා මහා විද්‍යාලයේ කේ. දුලංජනා මිනිකිරනි අමායා ධර්මසිරි පස්‌වැනි ස්‌ථානය ලබාගෙන තිබේ.
 
Related Posts with Thumbnails