Ads 468x60px

.

නිමි ඇඳුම් වෙළෙඳසැලේ කුටියක්‌ තුළ ඇඳුම් මාරු කරමින් සිටි තරුණියගේ පින්තූර ගත් තරුණයා


චේන්ජින් රූම් 
එකේ උඩ ඉදන් 
හොරෙන් වීඩියෝ 
කරලා....

නිමි ඇඳුම් වෙළෙඳ හලක ආරක්‍ෂිත කාමරයක්‌ තුළ ඇඳුම් මාරු කරමින් සිටි තරුණියකගේ සේයාරූ එයට ඉහළින් සිට ජංගම දුරකථනය කින් වීඩියෝ ගත කළ මුස්‌ලිම් වෙළෙඳ සේවකයකු පිළිබඳ පුවතක් බදුල්ල බසාර් වීදියෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජාතීන් අතර ගැටුම් උත්සන්න කිරීමට තුඩුදෙන පහත් ක්‍රියා කිරීමෙන් වළකින ලෙසට
අවවාද කරමින් ඔහුව බදුල්ල මහෙස්‌ත්‍රාත් ඉදිරියට පමුණුවන ලදුව රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප දෙකක්‌ මත මුදා හරිනු ලැබූ බවයි.

මෙම
මුස්‌ලිම් වෙළෙඳ සේවකයා වූයේ ජෙයනූඩීන් මොහොමඩ් අස්‌රාමි නම් 20 හැවිරිදි තරුණයකු වන අතර බදුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ටිරොන් රත්නායක මහතා ඔහුට ඇප ලබා දිමෙන් මහජන නොසන්සුන්තාවක්‌ මතුවිය හැකි බවට අධිකරණය දැනුවත් කළේය.

එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජීව ජයසිංහ මහතා හා නීතිඥ කාශ්‍යප පෙරේරා මහතා තරුණු දක්‌වමින් සැකකරුට එරෙහිව තිබෙන නඩු භාණ්‌ඩ මෙතෙක්‌ අධිකරණයට ඉදිරිපත් කර නැති බව පෙන්වා දුන්නේය.

මේ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුට යළි මෙවැනි පහත් ක්‍රියාවල යෙදුන හොත් නඩු විභාගය අවසන් වන තුරුම ඇප අවලංගු කරන බව දන්වමින් මුදාහැර තිබුණා.
 
Related Posts with Thumbnails