Ads 468x60px

.

ඔබටත් හිල්ටන් හෝටලයේ මගුල් ගෙයක්‌ ගන්න ඕනෙද..? මෙන්න දැන් ඒ හීනය හැබෑ කරගන්න


කොළඹ හිල්ටන් හෝටලයේ මගුල් ගෙයක්‌ ගන්න එක ජීවිතයේ එකම හීනයක්‌ කියලා හිතාගෙන හිටපු අයට ඔන්න දැන් ඒ හීනය හැබෑ කරගන්න අවස්‌ථාව උදාවෙලා තියෙනවා. 

විශ්වාසය, වාසනාව, හඳුනා ගැනීම, යසස මුල්කර ගනිමින් විවාහය සඳහා සූදානම් වන ඕනෑම කෙනෙකුට අතේ ඇති ගාණට හිතේ හැටියට තමන් ගේ විවාහ මංගල්‍යය හිල්ටන් හෝටලයේ ගන්න උපරිම පහසුකම්
දැන් සලසා තියෙනවා. හැමෝම විවාහ මංගල්‍යයක්‌ කිව්වොත් සම්ප්‍රදායිකව හිතන්න පුරුදු වෙලා තියෙන්නේ දිවා ආහාරය සහ රාත්‍රි ආහාරය ගැනයි. 

නමුත් කොළඹ හිල්ටන් හෝටලයේදී ප්‍රණීත උදේ ආහාර වේලක්‌ සමග සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලින් පිරුණු අසිරිමත් විවාහ මංගල උත්සවයක්‌ ඉතාම අඩු මුදලකට පවත්වන්න දැන් පුළුවන්. 

ඒකෙන් කාලයත්, මුදලත් ඉතිරි කරගෙන ලස්‌සනම ලස්‌සන මංගල උත්සවයක්‌ පවත්වන්න පුළුවන් බව හිල්ටන් හෝටලයට නිකමට වගේ ගිහින් බැලුවොත් ඔබට වටහා ගන්න පුළුවන් වේවි.

ඒ විතරක්‌ නෙවෙයි, හිල්ටන් හෝටලයට ඇවිත් විවාහ මංගල්‍යයක්‌ කර ගන්න බැරි කෙනෙකුට දැන් හිල්ටන් හෝටලය තමන්ගේ ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්කම තියෙනවා. 


ඒ කියන්නේ තමන්ගේ ගෙදර හිල්ටන් හෝටලයක්‌ බවට පත් කරන්න දැන් හිල්ටන් හෝටලයේ කළමනාකාරීත්වය සූදානමින් සිටිනවා. ඒ ගැන තවත් විස්‌තර ඇතුව අපට කිව්වේ හිල්ටන් හෝටලයේ වෙළෙඳ සම්මන්ත්‍රණ හා උත්සව පිළිබඳ අධ්‍යක්‍ෂ අරෝෂා පෙරේරා මහතායි.

"අපේ රටේ ගොඩාක්‌ අය හිල්ටන් කිව්වාම මගුල් ගෙයක්‌, උත්සවයක්‌ ගන්න බය වෙනවා. මෙහෙට ඇවිත් කතා කරන්නත් බය වෙනවා. මම ගමේ මිනිහෙක්‌. මම සිංහල හොඳට දන්නවා. ඉංගී්‍රසියෙන් වැඩ කළාට ගම මට හොඳට හුරුයි. බය නැතුව ඇවිත් මාව හමුවෙන්න. 


නැත්නම් මට කතා කරන්න, මම ඕනෑම කෙනෙකුගේ විවාහ මංගල උත්සවයක්‌ ඒ අයගේ හිතේ තියෙනවාටත් වඩා උපරිම විදිහට කරලා දෙනවා. අපේ අලුත්ම ක්‍රමය තමයි හෝටලයටම සීමා නොවී ගෙවල්වලට ගිහින් මංගල උත්සවය සම්පූර්ණයෙන්ම කරලා දෙනවා. 

අපේ රටේ සල්ලි යහමින් තියෙන, ලොකු ගෙවල් තියෙන, ලොකු වතු තියෙන අය වැඩි දෙනෙක්‌ ඒ අයගේම ගෙවල්වල මහා උජාරුවට තමන්ගේ දුවගේ, පුතාගේ මංගල උත්සවය ගන්න විදිහක්‌ නැහැ කියලා ළතැවෙනවා. 

උයන්න කට්‌ටිය නෑ, කෑම බෙදන්න අය නෑ, පිඟන් හෝදන්න කට්‌ටිය නෑ, මේස පුටු ලස්‌සනට ලෑස්‌ති කරගන්න බෑ කියලා දුක්‌ වෙනවා. සමහරු ලොකු ලොකු ගෙවල් දොරවල් තියෙද්දීත් හෝටල්වල මගුල් ගෙවල් ගන්නේ ඔන්න ඔය ප්‍රශ්නය නිසයි. දැන් බය වෙන්න, ළතැවෙන්න දෙයක්‌ නැහැ. ඒ ඔක්‌කොම අපි කරනවා. 

මේස පුටු ගෙනල්ලා, තාවකාලික එළිමහන් ආවරණ හදලා, වෛර්ණ කරලා, සැරසිලි කරලා හෝටලයටත් වඩා ලස්‌සනට අපි දැන් ඒවා කරලා දෙනවා. ලස්‌සන ගෙයක්‌ තියෙනවා නම් ලස්‌සන වත්තක්‌ තියෙනවා නම් වෙන කොහේ හරි එළිමහන් තැනක විවාහ උත්සවය ගන්න ආසාවක්‌ තියෙනවා නම් අපට කියන්න. 


අපි ඇවිත් ඉස්‌තරම්ම විදිහට මංගල උත්සවය කරලා දෙනවා. අපි බම්බලපිටියේ හින්දු කෝවිලේ හින්දු විවාහ මංගල්‍යයක්‌ මේ ආකාරයට කළා. අපි 2000 කට එදා කෑම දුන්නා. තවත් ගෙදරකට ගිහින් අපි විවාහ මංගල්‍යයක්‌ කළා. එහිදී එකවර 4000 කට අපි කෑම දුන්නා. 

සිංහල, හින්දු, ක්‍රිස්‌තියානි, මුස්‌ලිම් ඕනෑම ආකාරයක විවාහ හෝ ඕනෑම උත්සවයක්‌ අපි භාර අරගෙන ලස්‌සනට කරලා දෙනවා. ඉල්ලන ඕනෑම ආකාරයක කෑම වට්‌ටෝරු, ඕනෑම සංඛ්‍යාවක්‌ වෙනුවෙන් අපි ලෑස්‌ති කරනවා. ලංකාවේ ඕනෑම තැනකට අපි ගිහින් එතන හිල්ටන් හෝටලයක්‌ බවට පත් කරනවා. 

ලෝකයේ ඕනෑම රටක හිල්ටන් හෝටල් තියෙනවා. ඒ සියල්ලම එකිනෙකට බැඳිලයි ඉන්නේ. විදේශ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකික පවුල් බොහෝමයක්‌ එයාලගේ දූලා පුතාලාගේ මංගල උත්සවය ගන්න අපේ හිල්ටන් හෝටලයට එනවා. 

අපේ රටේ ඕනෑම තැනක ඉන්න, ඕනෑම තරාතිරමක කෙනෙකුට අද හිල්ටන් හෝටලයේ මගුල් ගෙයක්‌ ඕනෑම උත්සවයක්‌ ගන්න දැන් අවස්‌ථාව තියෙනවා. බය නැතුව හිල්ටන් හෝටලයට එන්න. 

නැත්නම් එන්න ඕනේ කොතැනට ද කියලා බය නැතුව අපට කතා කරලා කියන්න. ඔබේ සිහිනය සැබෑ කර දෙන්න අපි හදවතින්ම බැඳී ඉන්නවා. ඒ මහතා කීවේය.
 
Related Posts with Thumbnails