Ads 468x60px

.

අසහනය තියෙන මිනිස්සු ගැන මට දුක හිතෙනවා - උදාරි අසහනය ගැන කතා කරයි..


ආත්ම ගරුත්වය 
නැති කරන එක 
මහලොකු දෙයක් 
නෙමෙයි

බොඳමීදුම් ටෙලි නාට්‍යයේ සංසලා ලෙස බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් ඇය උදාරි වර්ණ කුලසූරිය. ආදරණීය බිරිඳක්, ආදරණීය මවක් ලෙස සුන්දර විවාහ ජීවිතයක් ගත කරන ඇය ඔබ හමුවට පැමිණෙන්නේ දක්ෂ රංගන ශිල්පිනියක ලෙසයි.

මේ අතර ඇය කලා ලෝකයේ හැමදේම සල්ලි වලට යටවෙලා ඇති බවත් එහි ජීවත් වන අසහන කාරී මිනිසුන් ගැන දුක හිතෙන බව පුවත් පත් කීපයකට පවසා තිබුණා. 

ඒ පිළිබඳව සොයා බලන්නට hot and fast news වන අපටත් ඕනේ වුණා. ඇය
අසහන කාරී මිනිසුන් පිළිබඳව අපත් සමඟ කල බහ පහතින්.

ගොසිප් කියන්නේ කලා ලෝකෙට අලුත් දෙයක් ‍නෙවෙයි. ඇයි මේ තරම් කටකතා පැතිරෙන්නේ?
 
අපේ
මිනිසුන්ට කෙනෙක් මැරුණත් සල්ලි හම්බවෙනව නම් ඕන දෙයක් කරයි. සල්ලි වලට හැමදේම යටවෙලා. තව කෙනෙක්ගේ ආත්ම ගරුත්ව ය නැති කරන එක මහලොකු දෙයක් නෙමෙයි. ඒ වගේ අසහන
කාරී මිනිස්සු ගැන දුක හිතෙනවා.

ක්‍ෂේත්‍රයේ උදාරිට අභියෝගයක් වුණ කෙනෙක්, බාධාවක් වුණ කෙනෙක් නැද්ද?

 
දැනුවත්ම මූණට ඇවිත් කවුරුත් මට මුකුත් කියන්නේ නැහැ. හැබැයි හොඳට කතා කරලා ඉරිසියා කරන අය ගැන මම දන්නවා. මට නම් කවුරුත් අභියෝගයක් කියලා හිතෙන්නේ නැහැ. අනික මම කලාව රැකියාවක් විදියට කරන්නේ නැහැ. ඒක මගේ විනෝදාංශය. ඒ නිසා කොහොමත්ම මට තරගයක් නැහැ.


උදාරි දිගටම ක්‍ෂේත්‍රයේ ඉන්නවද?
 
ඔව්. මම කවදාවත් කලාවෙන් ඉවත්වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයෝ මට ගොඩක් ආදරය කරනවා. ඒත් අම්මා කෙනෙක් විදියට මගේ දුවට වෙන්න ඕන යුතුකම් මම මොනදේ කළත් ඉෂ්ට කරනවා.


විලාසිතාවලට ඉස්සර වගේම උදාරි කැමැතියි නේද?

 
මට තාම වයස අවුරුදු 26යි. මම විලාසිතා කරන්නේ මගේ වයසට. අම්මා කෙනෙක් කියලා විලාසිතාවල වෙනසක් කළේ නැහැ. ගැළපෙන විදියට කරන නිසා මගේ සැමියාගෙන් මට බලපෑමක් නැහැ.
 
Related Posts with Thumbnails