Ads 468x60px

.

බිම වැටී දත් 3 ක්‌ ගැලවී තිබියදීත් පාසල ඇරෙන තුරුම සිසුවා පංතියේ...


රෝහලකට රැගෙන 
නොගියේ මගේ 
පොඩි එකාගෙන් 
පළිගන්න

තුන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු පය ලිස්‌සා වැටී මුඛය බිම වැදීමෙන් දත් තුනක්‌ ගැලවී ලේ ගලමින් සිටියදී ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන නොගොස්‌ පාසල ඇරෙන තුරුම සිසුවා පංතියේ තබාගත් සිද්ධියක්‌ පිළිබඳ පුවතක් උඩුගම විද්‍යානන්ද විදුහලෙන් අපවෙත වාර්තා වෙනවා.

මේ සම්බන්ධව සිසුවාගේ දෙමාපියන් උඩුගම කලාප අධ්‍යක්‍ෂවරයා වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ කවිඳු කවිෂාන් ජයනෙත්ති නමැති 3 වසරේ ඉගෙනුම ලබන 8 හැවිරිදි සිසුවෙකි.

සිසුවාගේ පියා වන ඩී. ඩබ්. ජයනෙත්ති මහතා සිද්ධිය පිළිබඳව අපට විස්‌තර කල අයුරු පහතින්.

මෙම පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන ළමයි 26 දෙනකු පමණ ඉන්නවා. පසුගිය දිනෙක එහි ගුරුවරයෙක්‌ හා විදුහල්පති තුමා හා එක්‌ව මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්ව සිටින මෙම ළමයි

26 දෙනාගෙන්ම ඔවුන් 2014 විභාගයට පෙනී සිටීමට සූදානම් නොමැති බවත් 2015 වසරේ විභාගයට ඉදිරිපත් වන බව පවසා දින රහිතව ගැහුනු පිරිම දෙපක්‍ෂයේම ළමුන්ගෙන් ලිපි ලබාගත්තා.

නමුත් මගේ පුතා ඇතුළු ළමුන් 4 දෙනකු මෙයට විරුද්ධ වුණා. ඔවුන් 4 දෙනාටම පහරදී දෙමාපියන් කැටුව පාසලට එන ලෙස දන්වා එළවා දැම්මා. එයින් එක්‌ ළමයෙක්‌ තමයි මගේ පුතා. 


ඔහු ගෙදර ඇවිත් කීවේ ප්‍රින්සිපල් මට ගැහුවා මේ අවුරුද්දේ විභාගෙ ලියන්නේ නෑ කියා ලියුමක්‌ දෙන්න බැරිය කිව්ව නිසා. ඒ විතරක්‌ නොවෙයි, මම මේක පාලනය කරන්නේ ඡේ. ආර්. ගේ පාලනය වගෙයි උඹලා කොයි එකාට ගිහින් කිවුවත් මම වැඩ කරන්නෙ මට ඕන විදියට බැරි එවුන් ගෙදර පලයල්ලා කියලත් කියලා තිබුණා.

මට මේක දරාගන්න බැරුව ගියා. මම එවේලේම දුරකථනයෙන් උඩුගම කලාප අධ්‍යක්‍ෂතුමාට පැමිණිලි කළා. එවිට අධ්‍යක්‍ෂතුමා කීවා මම දැන්ම පාසලට එන්නම් මටත් පාසලට එන්න කියා. මම දරුවත් සමඟ පාසලට ගියා. අධ්‍යක්‍ෂතුමාත් එවේලේම පාසලට පැමිණියා. 


ළමුන් සියලුදෙනාම හඬමින් අධ්‍යක්‍ෂතුමාට පැමිණිල්ල ඉදිරිපත් කළා. මෙම ළමයින්ට අසාධාරණයක්‌ සිදුකර ඇතිබව එතුමා පිළිගත්තා. 11 වසරේ සියලු දෙනා කැඳවා එවෙලේම විභාගයට අදාළ අයදුම්පත්‍රවලට ළමුන්ට කියා අධ්‍යක්‍ෂතුමා ඉදිරියේදී අත්සන් කළාට පසු අධ්‍යක්‍ෂතුමා පැවසුයේ මේ පිළිබඳ නැවත පරීක්‍ෂණයක්‌ සිදුකිරීමට පැමිණෙන බවය.

ඉන්පසු විදුහල්පතිතුමා ළමුන්ට පවසා තියෙනවා උඹලා දිනුව මම පරාදයි කියලා. ඒ නිසා මම කියන්නේ කලාප අධ්‍යක්‍ෂතුමාට පැමිණිලි කර මෙම ප්‍රශ්නය විසඳපු නිසා තමයි මගේ පොඩි එකාගෙන් පළිගන්න දරුවා වැටුන වෙලේ රෝහලකට රැගෙන නොගියේ. එනිසා මෙම සිද්ධිය පිළිබඳවත් පරීක්‍ෂණයක්‌ පවත්වන්න කියා මා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙලෙස ළමයින්ට විභාගයට පෙනී සිටිමට නොහැකිවන පරිදි ලිපි ලබා ගැනීමට හේතු විමසීමට විදුහල්පති වනිගරත්න මහතා හමුවූවිට මොහු පැවසූයේ, මා ළමයින්ගෙන් ලිපි ලබාගත් බව ඇත්ත. 


නමුත් එලෙස එම ලිපි ලබාගත්තේ ළමයින්ගේ යහපතටමයි. එය මා ඔවුන් විභාගයට උනන්දුකරවීමට උපක්‍රමශීලීව කළ දෙයක්‌. සමහර දෙමාපියන්ට මෙය හරිහැටි තේරුම් ගන්න බැරිව ගියා. 

මා එලෙස ලිපි ලබාගත්තේ විභාගයට පෙනී සිටින ළමයින් අයෑදුම්පත් අත්සන් කළාට පසුවයි. අයෑදුම්පත් අත්සන් කළාට පසු මොන ලියුම් ගත්තත් මට ළමයින්ගේ විභාගය නතර කරන්න නීතිමය පුළුවන් කමක්‌ නෑ.
 
Related Posts with Thumbnails