Ads 468x60px

.

නයන කුමාරිට ඊර්ෂ්‍යා කරන්න එපා, තමුන්නාන්සේ ටත් ඕනේ නම් කුමාරියක් හොයාගන්න - වෙල්ගම


"නයන කුමාරිට"
අජිත් හා වෙල්ගම 
මැතිසබේදී වාද 
කර ගනී...

ගතවූ දින කිහිපය පුරා දුම්රිය පීලි පැනීම් පිළිබඳව වාර්තා වුණා. ඒ නිසා ඊයේ මැතිසබේ ඇත්තෝද දුම්රිය පීලි පැනීම ගැන කතා කර තිබුණා. 

ඒ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සහ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතායි.

“පසුගිය දවස්වල දුම්රියක් පීලි පැන්නා අපි හිතුවා මේ නයන කුමාරි දුම්රිය කියලා බලපුවාම ඒක නොවේ” අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කීවේ සිනාසෙමිනි.


“ඇයි ඔබතුමාට ඊර්ෂ්‍යාද.? නයන කුමාරිට ඊර්ෂ්‍යා කරන්න එපා. තමුන්නාන්සේටත් ඕනේ නම් කුමාරියක් හොයාගන්න” වෙල්ගම අමාත්‍යවරයා කීවේ සිනාසෙමිනි. “තමුන්නාන්සේ ඒ විෂයට දක්ෂයි. මම

විෂයට දක්ෂ නෑ. අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ද කීවේය. දෙදෙනාම දැන් කුමාරියට වාද කර ගත්හ.

“තමුන්නාන්සේත් උත්සාහ කරන්න. ඕන නම් මම කුමාරියක් එවන්නම්” වෙල්ගම අමාත්‍යවරයා කීවේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ මැතිසබයට පැමිණියේය. 


ඉතා සුහදව මැති ඇමැතිවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග වාදවලට සම්බන්ධ වෙමින් විනාඩි 20කට ආසන්න කාලයක් රැඳී සිටියේය. ජනාධිපතිවරයා සභාවට පැමිණෙද්දී ප්‍රවාහන අමාත්‍යවරයා රිය අනතුරු පිළිබඳව අදහස් දක්මින් සිටියේය.

අනතුරුව එරාන් වික්‍රමරත්න මහතා අදහස් දැක්වීය.


“බොහෝම සතුටුයි. අපිට අද ජනාධිපතිතුමත් ඇවිල්ලා ඉන්නවා. දැන් වෙල්ගම ඇමැතිතුමා කිව්වා රිය අනතුරු වැඩිවෙලා තියෙනවා කියලා පිළිගන්නවා කියලා.” වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීවේය. මන්ත්‍රීවරයා එසේ කියනවාත් සමග ජනාධිපතිවරයා සිය පුටුව කරකවමින් බැලුවේ කුමාර වෙල්ගම අමාත්‍යවරයා දෙසය. 


“වෙල්ගම කතාකරන්න” ජනාධිපතිවරයා කීවේය. ඒ අවස්ථාවේ අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා “අන්න සර් කතා කරනවා” යැයි වෙල්ගම ඇමැතිවරයාට අතින් පෙන්නුවේය. වහාම වෙල්ගම ඇමැතිවරයා ජනාධිපතිවරයා අසලට පැමිණියේය.

“රිය අනතුරු වැඩියි කියලා ඔයා පිළිගන්නවාද? හනික නිවැරදි කරන්න” ජනාධිපතිවරයා වෙල්ගම ඇමැතිවරයාට කීවේ වික්‍රමරත්න මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳවය.


වහාම සිය ආසනය වෙත ගිය වෙල්ගම ඇමැතිවරයා “මන්ත්‍රීතුමා මම රිය අනතුරු වැඩි වුණා කියලා පිළිගන්නේ නෑ. මම කිව්වේ මේ වන විට තියෙන තත්ත්වය ගැන” වෙල්ගම ඇමැතිවරයා කීවේය.

“හැන්සාඩ් එකෙන් බලාගන්න පුළුවන් අපි දෙන්නගෙන් කවුද හරි කියලා.”වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීවේය. අද කෑ ගහනවා වැඩියි.


ජනාධිපතිතුමා ඉන්න නිසාද? කලබල වෙන්න එපා. අපි හෙමීට කතා කරමු” වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීවේ ජනාධිපතිවරයා දෙස බලමිනි. බස් අයිතිකාරයන්ට තමයි ඔයා කියන්නේ” ජනපතිවරයා කීවේ සිනාසෙමිනි.

“කැබිනට් ඇමැතිවරයෙක් නේද? මම දැනගෙන හිටියේ නෑනේ ජනාධිපතිතුමනි” වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීවේය. “නෑ නෑ පරම්පරාවෙන් බස් අයිතිකාරයෝ’ ජනාධිපතිවරයා කීවේය.


වික්‍රමරත්න මන්ත්‍රීවරයා සිය කතාව අවසන් කළේ විරුදුවක්ද කියමිනි.
ප්‍රවාහන ඇමැතිවරු 8 දෙනෙක් ඉන්නවා. ඒ වුණාට රෑ 8න් පස්සේ යන්න බස් එකක් නෑ. තිබුණත් ඒ බස් එකේ යන්න වෙන්නේ ෆුට්බෝඩ්
අමාරුවෙන් ඒකට රිංගලා ගියාම කාන්තාවන්ට නම් නිදහසක් නෑ
මන්ත්‍රීවරයා කීවේය.


ආ.... බොහෝම හොඳයි. ඇමැතිතුමාගෙන් ඉල්ලුවේ කාන්තා හිංසනයට එරෙහිව මොකක් හරි කියන්න කියලා” කථානායක චමල් රාජපක්ෂ මහතා ද කතාබහට එක්වූයේ සිනාසෙමිනි.
 
Related Posts with Thumbnails