Ads 468x60px

.

උකුවෙල ලලනී නදීෂා රාත්‍රියේ දූෂණය කර රෙද්දක් ‍පොරවා පිටත්ව ගිය තරුණයා..


ලිංගයේ තිබු 
ශුක්‍රාණු වලින් 
තොරතුරු හෙළිවේ

මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාත‍ලේ වරාපිටිය උකුවෙල වලව්වේ ලලනී නදීෂා වරාපිටිය ඝාතනයට පෙර දූෂණයට ලක් වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදු වූ කාලයේ දී මෙම තරුණිය දූෂණය වී නැති බවට ‍පොලිස් පරීක්ෂණ වලදී හෙළි වුවත් පසුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය දූෂණයට ලක්වී ඇති බව හෙළි වී
තිබෙනවා.

ඒ සඳහා සාක්ෂි ලෙස ඇගේ ශරීර අභ්‍යන්තරයේ තිබි ශුක්‍රාණු සොයාගත් බව ද ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කර
නවා. එසේ සොයාගත් ශුක්‍රාණු
අධිකරණ අවසරය මත ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා බොරැල්ල ජින්ටෙක් ආයතනයට ලබා දී ඇති බව ද ‍පොලිස් ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් මේ ඝාතනය සිදු වූ දින රාත්‍රියේ මෙම තරුණියගේ ඇඳෙහි තවත් අයකු නිදා සිටි බව ද ඔහු මධ්‍යම රාත්‍රියේ දී ඇයට රෙද්දක් ‍පොරවා පිටත්ව ගොස් ඇති බව ද ‍පොලිස් පරීක්ෂණවල දී හෙළි වී
තිබෙනවා.

දැනට හෙළි වී තිබෙන සාක්ෂි අනුව මෙම තරුණිය එළියට රැගෙනවිත් දූෂණය කොට පසුව ඝාතනය කර කාමරයට ගෙනැවිත් දමා නැවතත් එළියට රැගෙන ගොස් පහළ ඇළ අසලින් දමාගොස් ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග පවස
නවා

එහෙත් ඝාතකයාගේ සාක්ෂි ලෙස දැනට ලැබි ඇත්තේ ශුක්‍රාණු පමණක් බව ‍පොලිසිය සඳහන් කරනවා. තවමත් මෙම ඝාතනය පිළිබඳ කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා. මෙම ඝාතනය මැයි මස 24 රාත්‍රියේත් 25 අලුයමත් අතර සිදු වී ඇති බව ‍පොලිසිය පවසනවා.
 
Related Posts with Thumbnails