Ads 468x60px

.

මෙන්න සුබ ආරංචියක් - බියර් ලෙඩවලට හොඳ බෙහෙතක්ලු


බියර් බීමෙන් ලෙඩ 
රෝග වලින් 
මිදීමට පුළුවන්ලු.

සාමාන්‍යයෙන් අපිට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ ශරීරයට හිතකර දේ කනන බොන්න කියලයි. මේ සඳහා බොහෝ දෙදෙනෙක් සඳහන් කරන්නේ එළවලු පලතුරු ආහාරයට ගැනීම ගැන. 

නමුත් බියර් වර්ග පානය කිරීම හරහාත් ශරීරයට පෝෂණය ලබාගැනීමට හා ලෙඩ රෝගවලින් මිදීමට හැකියාව ලැබෙන බව කිව්වොත් ඔබ නිසැක වම පුදුමයට පත් වේවි. වාර්තාවෙන ආකාරයට බියර් වර්ග පානය
කිරීමෙන් ශරීරයට වැඩි ප්‍රතිලාබ රැසක් ලබාගත හැකියි. 

මේ පිලිබඳ සිදු කල පරීක්ෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ අකාලයේ සිදුවන කායික හා මානසික පිරිහීම් නැති කරන්න, බර අඩු කිරීම හා හෝමෝන තත්වය පාලනය කිරීම වැනි ප්‍රතිලාබ රැසක් බියර් මගින් ලබාගත හැකි බවයි. නමුත් වැදගත් කරුණක් ලෙස පවතින්නේ එය පමණ ඉක්මවා ගැනීමෙන් වැළකී සිටීමයි.

ඔස්ට්‍රියා සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය Stephan Domenig පවසන්නේ බියර් වල තිබෙන පෝෂණ කොටස් පිලිබඳ දැන ගතහොත් ඔබ පුදුම වනු ඇති බවයි. ඒ වගේම ඔහු සඳහන් කරන ආකාරයට මෙහි ශරීරයට හිතකර වගේම අහිතකර ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා.

ඒවගේම මෙහි ඛනිජ වර්ග වන පොස්පරස්, අයඩින්, මැග්නීසියම් හා පොටෑසියම්ද අඩංගු වන බව පැවසේ. බියර් කැල්සියම් වලින්ද අනුන පානයක්. බොහෝදෙනා දන්නා ආකාරයට කැල්සියම් කියන්නේ ශරීරයේ අස්ථි වර්දනයට ඉතා හොඳ පෝෂකයක්.

2009 වසරේ ඇමරිකාවේ Tufts University පැවැත්වූ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බියර් මදවශයෙන් පාවිච්චියෙන් කැල්සියම් වැඩිවීමෙන් ඇතිවන ආබාධ වලින් ඔබේ අස්ථි ආරක්ෂා කරන බවයි .

Vicki Edgson නම් පෝෂණවේදියා පවසන ආකාරයට ටික කාලයකට ප්‍රථම Guinness නම් බියර් වර්ගය එහි පවතින අධික විටමින් B ප්‍රමාණය හේතුවෙන් ගැබිණි මව්වරුන්ට පවා නියමකර තිබූ බවයි. අද කාලයේ මව්වරුන් සඳහා මද්‍යසාර නිර්දේශ නොකලත් අනිත් මිනිසුන්ට එහි ප්‍රතිලාබ අත්විඳිය හැකියි.

බියර් විටමින් වලින් පොහොසත් වගේම සීනි ප්‍රමාණයත් ඉතා අඩුයි. එය ස්ථුල භාවය පාලනයට හා දියවැඩිය පාලනයට සහයවෙනවා. පසුගිය වසරේ බියර් පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වූ වෛද්‍ය Kathryn O’Sullivan මේ පිලිබඳ පවසන්නේ විවිධ පැණි බීම වර්ග හා සංසන්දනය කිරීමේදී බියර් මගින් ලේවලට එකතුවන සිනි ප්‍රමාණය ඉතා අඩු බවයි. ඒවගේම බියර් වල 93%ක් ජලය අඩංගු නිසා ශරීරය විජලනය වීම මගහරවා ගැනීමට මෙය ඉතා හොඳ බවයි.

එමෙන්ම 2008 වසරේදී journal Food And Chemical Toxicology හි පළවූ වාර්තාවකට අනුව බියර් වල අඩංගු සිලිකන් මගින් ජීරණ පද්ධතියට ඇලුමිනියම් අවශෝෂනය පාලනය කරනු ලබනවා. එමෙන්ම ශරීරයේ හා මොලයේ පටකවල ලෝහ තැන්පත් වීමද මෙමගින් පාලනය කරනු ලබයි.

බියර් වලට ශරීරයට අවශ්‍ය කොලොස්ටරෝල් ඉහල දැමීමේ හැකියාවකුත් පවතින බවයි පැවසෙන්නේ. Boston University School හි වෛද්‍ය Curtis Ellison පවසන ආකරයට හදවත ආරක්ෂා කිරීමට ඇති හොදම දෙය මද්‍යසාර බවයි. ඒවගේම එය පමණට වඩා භාවිතයෙන් අහිතකර ප්‍රතථිපල ඇති විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසන කරුණක්.

බියර් වල අඩංගු ferulic acid මගින් සම ඉර එළියෙන් සිදුවන හානි වැලක්වීමට සහය වෙනවා බවයි පැවසෙන්නේ. බියර් හිසකෙස් ශක්තිමත් කිරීමට හා දිපතිමත්ව තබාගැනීමට උදව් වෙන කන්ඩිෂනර් එකක් ලෙස භාවිතාකරන බව ඇසුවොත් ඔබ පුදුම වෙයි.


Look Great Naturally නම් සඟරාවේ කතුවරිය පවසන ආකාරයට බියර් මද්‍යසාර ගතිය ඉවත් කිරීමෙන්පසු පොල්තෙල් සමග භාවිතයෙන් හිස කෙස් වල ගැල්වීමෙන් ඉතා හොඳ ප්‍රතිපල ලබාගත හැකි බවයි.
 
Related Posts with Thumbnails