Ads 468x60px

.

මගේ සීමාවේ ඉඳගෙන යම් යම් දේවල් කරලා තියෙනවා කවුරුත් මම ගැන දන්නේ නෑ - පබා


කවදාහරි 
මම වැරදි 
දෙයක් කරලා 
තියෙනවා නම් 
පෙන්නන්න...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන්ම රංගන ශිල්පිනියක ද වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය පසුගිය දා යුරෝපයේ කළ සංචාරයක් අතරතුරේ දී  පිංකම් කිහිපයකට සහභාගී වූවාය.

පැරිසියේ ශ්‍රී ලංකා රෑ රැජින තේරීමේ තරඟයේ විනිසුරුවරියක ලෙස ද ඇය කටයුතු කළාය. මේ ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

පැරිසියේ ප්‍රථම වරට පැවැත්වූ ශ්‍රී ලංකා රූ රැජිත තේරීමේ තරඟය ගැන ඔබ මොකද කියන්නේ?

සමස්තයක් ලෙස උත්සවය ඉතාම  හොඳයි. සුළු සුළු අඩු පාඩු නැතුවා නොවේ. නමුත් එයින් උත්සවයට කිසිම හානියක් නැහැ.  වේදිකා පසු තලයන් තව තවත් අලංකාර වුවා නම් හොඳයි. 


නමුත් ඒ සඳහා වැය කරන මුදල ඉතිරි කර ගැනීම උත්සවයේ අවසාන ප්‍රතිඵලයවූ වකුගඩු හා පිලිකා රෝගීන්ගේ සුභ සාධනයට යෙදෙන බැවින්  එය එතරම් සැලකිල්ලට ගත යුත්තක් නොවේ. 

විවිධ අභියෝග වලට මුහුන දෙමින්  බොහෝ දෙනාගේ උපකාරයන් සමග සිදුකල එම උත්සවය ගැන මම  සතුටු වෙනවා. අපේ නිර්මාන
ලංකාවට වඩා පිට ඉන්න අය අගේ කරනවා. විනිශ්චය මණ්ඩලයට වුවත් මට වඩා දක්ෂ සුදුසු අය පත් කර තිබුණා. 

එම නිසා විනිශ්චය වුවත් ඉතාමත් පහසු වුණා.  මට අනුග්‍රහය දැක්වු ඩිල්මා ලංකා අයතනයටත් මට ඇරයුම් කළ  ප්‍රංශ ලංකා සුභ සාධක සංවිධානයටත් ස්තුතිය පුද කරනවා. 

ඔබ ගම්පහ එජාප ඡන්දයෙන් මන්ත්‍රීවරියක ලෙස ජයගෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස අසුන් ගත්තා. ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න ඔබ ගිය බව වාර්තා වුණා. ?

දේශපාලනයට මම ආධුනිකයෙක්. ලංකාවේ සමහර මාධ්‍ය ඔය වගේ පොඩි වචනයක් අල්ලා ගෙන එහෙට මෙහෙට කරමින් විවිධ දේවල් කියනවා. ඇත්තටම මම එයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. 


මම 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහය දුන්නේ රටේ උන්නතිය බලාපොරොත්තුවෙන් . යමෙක් දේශපාලනය කළ යුත්තේ තමන්ගේ සාක්කුව පුරවා ගන්නවත්,  තමන්ගේ පවුල රැක ගන්නවත්,  තමන්ගේ පක්ෂය රැක ගන්නවත් හෝ වෙනත් අරමුණු සදහා නොවේ.


අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්  225න් කීදෙනෙක් එසේ කර තිබෙනවාද? ඔවුන් ආවෙත් දැත සවිමත් කරන්න කියලනේ¦ පක්ෂයක් වශයෙන් එසේ වුනාම විනය නීති කියලා ක්‍රියා මාර්ගයක් ගන්නවලූ. නමුත් අද වෙනතුරු එහෙම කරල තියෙනවද?  


ආණ්ඩු පක්ෂයේ යු.එන්.පි ඇමතිවරු ඉන්නවා. කෝ අස්කලාද? ඉතින් ඕක මහා ලොකුවට කතා කළයුතු දෙයක් නොවේ. අණඛෙර ගසමින් වැඩක් නැති කථා කියමින් බොරු ප්‍රචාර බළාපොරොත්තුවෙන් කෑ ගහන දේශපාලඥයෝ ගැන අපි වැඩිදුරටත් කතා කලයුතු නැහැ. 

මම වැරදි දෙයක් කරලා තියෙනවා නම් කතා කළාට කමක් නැහැ. නමුත් පක්ෂය මාරු කළ විෂය ගැන එතරම්  ශබ්ද කරන්න අවශ්‍යය නැහැහි කියලයි මම හිතන්නේ. මාධ්‍යයෙන් වුවත් මම ඉල්ලා සිටින්නේ එවැනි දේවල් ලොකු මාතෘකාවක් කර ගතයුතු නැති බවයි.

ඔබ කිව්වා රටේ උන්නතිය ගැන හිතා 18 වැනි සංශෝධනයට සහා දුන් බව. රටේ උන්නතියට එම සහය බලපාන්නේ කොහොමද?

දෙවතාවකට වඩා බලයේ ඉන්න කෙනාට තව දුරටත් ඉල්ලීමට පුළුවන් කියන එකයි ඕකේ තියෙන්නේ. මම නම් ඕකට කැමතියි. හැබැයි ඕක ගැනත් විවිධ විවේචන තිඛෙනවා.


දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැමදාම පරදිමින් ඉල්ලන්න පුළුවන් නම් , අනෙක් හැම දේශපාලනඥයාටම ඔය නිදහස තිඛෙනවා නම් ¦ දිනන කෙනාට එහෙම බැරි ඇයි ? ඕකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. බලය අයුතු ලෙස යොදනවා කියලා සමහරු කියනවා. 

නමුත් ඕනෑම දෙයකින් අයුතු ලෙස වැඩ කරන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා මම හිතපුදේ සාධාරනයි කියලා. ඕක ගැන ඕච්චරයි මට කියන්න තියෙන්නේ.

අධ්‍යාපන දැනුම අනුව දෙවැනි ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන ගම්පහ ජනතාව පබා වගේ නිළියක් පාර්ලිමේන්තුවට යැවීමට තරම් මෝඩ ජනතාවක් වු බවට වාර්තා පළ වුණා? 

ඕක විවේචනය කරන පුද්ගලයන්ගේ තියෙන මෝඩකම . දැන් බලන්න මට අසූ හතර දහසක් ඡන්දය දුන්නා. ඒ හැමෝම මෝඩයි කියන්න කාටද අයිතිය තියෙන්නේ. එහෙම ජනතාව මෝඩයි කියන්න කාටවත් අයිතිය ක් නැහැ. ගම්පහ ලක්ෂ 15ට ම මම වැඩක් කලා කියන්නේ නැහැ. 


නමුත් මගේ සීමාවේ මම යම් දෙයක් සිදු කර  තියෙනවා. දෙවියන්ටවත් විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒකයි යථාර්තය. එහෙම ඒවා මට විසඳන්න බැහැ. පුළුවන් දේවල් ගම්පහ ජනතාව වෙනුවෙන් මම කරනවා. 

එම නිසා ගමට ඇවිත් මම කරපු දේවල් ගැන දැනගෙන මම ගැන හොදට දැනගෙන විවේචනය කරන්න කියා එහෙම විවේචනය කරන අයගෙන් ඉල්ලා සිටිනවා. මම ගැන හරි හැටි දන්නේ නැති අයයි එහෙම විවේචන සිදු කරන්නේ. මම එය වගකීමෙන් ප්‍රකාශ කරනවා.

මන්ත්‍රී වරියක් ලෙස › ලංකාවේ කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් ඔබ මොනවද කර තිබෙන්නේ?

මම මේ දක්වා යම් සේවයක් කර ඇත්නම් ඒ කාන්තාවන් සදහායි. මට ලැබී ඇති සීමිත ප්‍රතිපාදන කාන්තාවන් හා දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය සදහා යොදවා තියෙනවා. වර්තමානයේදි අපේ රටේ කාන්තාවන් විශාල පීඩනයකට ලක්වී සිටිනවා. 


ශ්‍රී ලංකාවේ දිනකට කාන්තාවන් 06 දෙනෙක් ලිංගික පීඩාවන්ට ගොදුරු වන අතර එයින් හතර දෙනෙක් වයස අවුරුදු 18ට අඩු කාන්තාවන් බව සොයා ගෙන තිඛෙනවා. විවිධ හේතුන් මත තනිවූ කාන්තාවන් පවුලක මූලිකයාගේ වැඩ කොටස සිදුකරනවා. සෑම පවුල් හතරකට එක පවුලක් මෙම කොටසට අයත් වෙනවා. 

ශ්‍රී  ලංකාවේ සියයට හැටක  ප්‍රමානයක් ගෘහනියන් විවිධ හිංසාවන්ට ලක්වෙන බව සංගණන දත්ත වාර්තාවන් හෙළිකර තිඛෙනවා. 

ඒ අනුව පසුගිය අයවැයේදි මන්ත්‍රී කෙනෙක් ලෙස මට ලැඛෙන ප්‍රතිපාදන යෙදවීමට ආර්ථීක කටයුතු අමාත්‍යාංශයට මම විසින් යෝජනා තුනක් ඉදිරිපත් කළ අතර එයින් දෙකක් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සදහාවූ ව්‍යාපෘති වලට වෙන් කිරීමට සැලසුම් කර තිඛෙනවා. 

ඒ අතරින් විවිධ දක්ෂතා ඇති පිළිසරනක් නොමැති කාන්තාවන්ට සුළු අත්කම් කර්මාන්ත සදහා පුහුණුවීම් ලබා දීමටත් ¦ ඔවුන්ගේ නිපැයුම් අලෙවි කිරීමට මධ්‍යස්ථාන ඇති කිරීම එක් ව්‍යාපෘතියක් වන අතර අසරණ ගැබි‚ මව්වරුන්ට විශේෂ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මනෝ විද්‍යාත්මක සායනයන් ක්‍රියාත්මක කිරීම දෙවන ව්‍යාපෘතියට අයත් වෙනවා. 

ඉදිරියටත් ඡන්දය ඉල්ලීමට බලාපොරොත්තු වෙනවාද?

ඉදිරියටත් ගම්පහ ජනතාවට සේවය කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
 
Related Posts with Thumbnails