Ads 468x60px

.

රාමසාන් සමයේ ගවයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් අවදියෙන් සිටිමු

ගවයින් ඇතුළු තවත් සතුන්ගේ ජිවිත බිලිගන්නා ආගමික උත්සවයක් ‍අද හෙටම එළඹෙන්නට නියමිතය. 

දහස් ගණන් සතුන්ගේ ජිවිත බිලිගනිමින්, ලෙයින් තම දෑත් හා නිවෙස් දෝවනය කරන මෙම දිනය ගවයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත හා ලොව පුරා කෝටි සංඛ්‍යාත සතුන්ගේ දුක් වේදනා මැද සොභාව ධර්මයත් මහ පොළොවත් කම්පා කරවමින් පවත්වන ඉතා නොදියුණු ආගමික උත්සවයකි. 

තම දරුවන්, බිරිඳ, ඥාතීන් ඉදිරියේ ඔවුන් බලා සිටියදීම ගෘහ මූලිකයා ගේ සියතින් එම සතුන්ගේ ගෙල සිඳ දමයි. මෙම කෲර දර්ශනය සහ රුධිරය ගලායන අයුරු එම සිදුවීම දකින දරුවන්ගේ මනසට ඇතිකරන
බලපෑම කෲරත්වය මිස වෙනකක් නොවේ. 

බෙලි කැපී, ප‍්‍රාණය නිරුද්ධ වන තෙක් දඟලන සතුන් දෙස බලාසිටීම මෙන්ම තම දෑත් නිවෙස් රුධිරයෙන් දෝවනය කිරීම වැනි දෑ මිලේච්ඡත්වය මිස අන්කවරක්දැයි විමසිය යුතුව තිබේ. බුදු දහමින් පෝෂිත මෙම භූමිය තුළ, මෙය ආගමික චාරිත‍්‍රයක් හෝ සංස්කෘතියක කොටසක් ලෙස අප පිළිගත යුතුදැයි ප්‍රශ්ණ කළ යුතුය. 

ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ජිවිත බිලිගන්නා මෙවැනි ආගම් හා ඔවුන්ගේ උත්සව කොතෙක් දුරට ශිෂ්ට සම්පන්නද? සාදාචාරාත්මකද? බෞද්ධ සංස්කෘතියේ ශිෂ්ටාචාරයේ සංකේතයක් වූ සඳකඩපහනෙන් ගව රූපය පසුකාලීනව ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේද හින්දු භක්තිකයින්ගේ ගෞරවයට හා පූජනීයත්වයට ගවයා පුදනු ලැබු නිසාවෙනි. 

එවැනි සංස්කෘතියක ශිෂ්ටාචාරයකට හිමිකම් කියන මේ බෞද්ධ රට තුළ රාමසාන් ආගමික උත්සව සඳහා ලක්‍ෂ සංඛ්‍යාත ගවයින්ට සහ එළුවන්ට ජිවිත පූජා කිරීමට සිදුවීම අශිෂ්ටත්වයේත්, අමනුෂ්‍යත්වයේත් නොදියුණු පහත් ලක්ෂණයක් නොවන්නේදැයි සිතා බැලීම වටී.

            එබැවින්, ඉදිරි කාලය ගවයින්ට අනතුරුදායක අවදානම් සහගත ජිවිත අහිමි කිරීමට ඉඩ තිබෙන කාලයකි. ගවයින් හොරකම් කිරීමට, පැහැර ගැනීමට, නීති විරෝධී ලෙස ප‍්‍රවාහනය හා රඳවා ගැනීමට ඉඩඇති කාලයකි. ගෙවීගිය දින කිහිපයේ ගවයන් හොරකම් කිරීම් පිළිබඳ වාර්තා දසතින් වාර්තා විය. 


දොඩම්ගොඩ ප්‍රදේශයෙන් පමණක් දින දෙකක් තුළ ගවයින් 10ක් පමණ රාත්‍රියේදී අතුරුදහන් කර ඇති බව වාර්තාවේ. දිවයිනේ අනෙකුත් පෙදෙස් වලින්ද මෙවැනි ගව සොරකම් වාර්තා වී තිබිණි. 

එම නිසා ඉදිරි දින කිහිපය තුළ තම නිවෙස් වල ගව පට්ටිවල, තම ගම්බිම් වල නිදැල්ලේ සැරිසරන ගවයින්ගේ ජිවිත ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි අවධානය යොමු කරන ලෙසත් සතුන්ගේ ජිවිත හානිය වළක්වා ගැනීම සඳහාත් ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙසත්, සත්ව අවිහිංසා ජාතික එකමුතුව සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

ටිකිරි බණ්ඩාර ඇටිපොළ
සම ලේකම් - සත්ව අවිහිංසා ජාතික එකමුතුව
 
Related Posts with Thumbnails