Ads 468x60px

.

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හදිසි අනතුරක

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28 දා) දහවල් රත්නපුරදී හදිසි අනතුරකට ලක්‌ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දිසානායක මහතා ගමන් කළ කැබ් රිය රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක හැපී
තිබෙනවා. රියෑදුරාට අමතරව දිසානායක මහතා සමග තවත් අයෙකු කැබ් රථයේ සිට ඇත.

අනුර කුමාර දිසානායක මහතාගේ පපුව ප්‍රදේශයේ තැල්මක්‌ සිදුව ඇති අතර රියෑදුරුට තුවාල සිදුවී නැත. කැබ් රියේ ගමන් කළ අනෙක්‌ තැනැත්තාගේ මුහුණට සුළු තුවාලයක්‌ වී තිබේ.

අනුර කුමාර දිසානායක මහතා සහ අනෙක්‌ පුද්ගලයා අනතුර වූ අවස්‌ථාවේදී රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇත. ඉන්පසු

දිසානායක මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට කටයුතු කළ රත්නපුර රෝහල් බලධාරීන් අනෙක්‌ පුද්ගලයාට ප්‍රතිකාර ලබාදී පිටත්කර හැර ඇත.

ටිපර් රථයේ ගැටීම නිසා අනුර කුමාර දිසානායක මහතා ගමන්කළ කැබ් රථයට දැඩි හානි සිදුව ඇත. රත්නපුර පොලිසිය මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails