Ads 468x60px

.

බලහත්කාරයෙන් සමූහ දූෂණයට කැමැත්තෙන් සිටි මනාලියක්

ඥාති නිවසක භෝජන සංග්‍රහයකට සහභාගි වීමේ අරමුණින් ත්‍රිරෝද රථයක නැගී ගමන් කරමින් සිටි අලුත විවාහ වූ මනාල යුවළකට පහරදුන් ත්‍රිරෝද රථ රියැදුරා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු මනමාලිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කිරීමක් පිළිබඳ පුවත ගෙවී ගිය සතියේ අවධානයට ලක්වූ ප්‍රවෘත්තියක් විය.

තරුණ මනාල යුවළකට පවා මහ පාරේ යන්නට බැරි තත්ත්වයක් දැන් රටේ ඇතිවී තිබේදැයි ප්‍රශ්න කරන්නට සිදුවන තරමේ එම සිද්ධිය වාර්තා වී තිබුණේ ආණමඩුව පැත්තෙනි. ඒ ගැන ආණමඩුව ‍පොලීසියේ පැමිණිල්ලක් පවා ලියැවී තිබේ. 

නමුත් මනමාලියව පැහැරගෙන යන්නේත්, ඇයව සමූහ දූෂණයට ලක්වූ බව සඳහන් වූ ස්ථානය අයත් වන්නේත් පුත්තලම ‍පොලිස් බලප්‍රදේශයට  වූ බැවින් එම පැමිණිල්ල යොමු කරන්නේ පුත්තලම ‍පොලීසියටය.

අලුත බැඳපු මනමාල යුවළක් යැයි කීවාට ඒ දෙදෙනාගේ විවාහය ලියාපදිංචි කර ඇතැයි පැවසෙන්නේ මීට මාස කිහිපයකට ඉහතදීය. මනමාලයා විසි හය වියැතිය. මනමාලිය විසි දෙහැවිරිදිය. 

මනමාලයා මෙන්ම මනමාලියත් මෙයට පෙර විවාහයන් කරගෙන සිටියවුන් බවද සඳහන්ය.  මෙය මනමාලයාගේ තුන්වැනි විවාහය බවත්, මනමාලියගේ දෙවැනි විවාහය බවත් ප්‍රකාශ වී තිබේ. පළමු විවාහයෙන්
ඇයට දරුවෙකුද සිටින බව සඳහන් වේ.

‍පොලීසියට ලබාදී ඇති කටඋත්තරයට අනුව ඇය රත්මලානේ රජමාවත පැත්තේය. ඔහු ආණමඩුව කොච්චිකට්ටුවේය. මේ දෙදෙනා එකිනෙකා මුණ ගැසී දැනහඳුනාගත්තේ යැයි සඳහන් වන්නේ කොළඹදීය. ඒ ඔහු කලක් කොළඹ රැකියාවක නිරතව සිටි කාලයේය.

කෙටි කලක් ඇසුරු කර විවාහ වීමෙන් පසු මනමාලියව තම ගම්පියස වන කොච්චිකට්ටුවට ඔහු මුල් වරට කැන්දාගෙන එන්නේ ඉකුත් සතියේ දිනකදීය. එදා 21 වෙනිදාය. සැමියාගේ මාමාගේ පුතා වන මංජුගේ යෝජනාවකට අනුව ඇය සිය සැමියාත් මංජුත්  සමග දිය නෑමට යන්නේ කොච්චිකට්ටුව වැවටය. 

දහවල් කාලයේ වැවේ දිය නා පැමිණි පසු මංජු තම නිවසේ රාත්‍රී භෝජනයට පැමිණෙන ලෙස නව යුවළට ආරාධනාවක් කරන්නට ද අමතක නොකළේය. රාත්‍රී භෝජනයට දෙදෙනා රැගෙන යන්නට ත්‍රිරෝද රථයෙන් තමන් පැමිණෙන බවද ඔහු ඒත් සමගම කීවේය. ඒ රාත්‍රී ආහාරයත් සමග ප්‍රවාහනය නොමිලයේ සපයමිණි.

මංජුල නියමිත වේලාවට එදින රාත්‍රී 7.00 ට පමණ තම ත්‍රිරෝද රථයේ නැගී නව යුවළ කැඳවාගෙන යන්නට ආවේය. ත්‍රිරෝද රථයේ ඔවුන් දෙදෙනාව නංවාගත් ඔහු අතර මගින් මිතුරන් දෙදෙනෙකුද ඊට ගොඩ කරගෙන තිබේ. 

එම මිතුරන් දෙදෙනා ගොඩවීමෙන් අනතුරුව එතරම් දුරක් ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය වූයේ නැත. විවෘතව තිබුණු වෙළෙඳසලක් අසල ත්‍රිරෝද රථය නතර කෙරිණි.සිගරට් දෙක තුනක් ගන්නවද? රුපියල් සියයේ නොට්ටුවක් දිගුකරමින් මංජු එසේ කීවේ මනාලයාටය.

මනමාලයා එය ප්‍රතික්‍ෂේප කරන්නේ අතර මගින් ත්‍රිරෝද රථයට ගොඩකරගත් මිතුරෙකුට කියා සිගරට් ගෙන්වා ගන්නා ලෙසද පවසමිනි. එහිදී ඇතිවුණු බහින් බස්වීමකින් පසු මනමාලයාට පහරදී ඔහුව ත්‍රිරෝද රථයෙන් එළියට ඇද දමන ඔවුහු මනමාලියව පැහැර ගත්තෝය. 

විනාඩි හතළිස් පහක පමණ ගමනකින් පසුව ඒ අය ඇයව රැගෙන ගියේ යැයි කියන්නේ ‍පොල් වත්තක් මැද පිහිටි පාළු නිවසකටය. තමාව සමූහ දූෂණයට  ලක් කළේ යැයි ඇය පවසා ඇත්තේ එම නිවසේ තිබුණු කැඩුණු ලෑලි ඇඳක් මත දමා ගෙනය.

ඇයව නැවත කොච්චිකට්ටුවේ නිවසට ගෙනැවිත් ඇරළුවේයැයි සඳහන් වන්නේ අලුයම 1.30 ට පමණය. ඒ වන විටත් සැමියා නිවසට පැමිණ සිට නැත. ඔහු නිවසට එන්නේ ඇය පැමිණ විනාඩි දහයකට පමණ පසුවය. 

තමාව සමූහ දූෂණයකට ලක්වූ බව එහිදී ඇය ඔහුට පැවසීමෙන් පසු 119 ‍පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ බව කියන ඔහු අනතුරුව ඒ ගැන අලුයම් කාලයේදීම පැමිණිලි කරන්නට යන්නේ ආණමඩුව ‍පොලීසියටය. 

ආණමඩුව ‍පොලීසිය එම පැමිණිල්ල සටහන් කරගෙන ඇයව පුත්තලම ‍පොලීසියට යොමු කිරීමෙන් පසු පුත්තලම ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඇගේ මග පෙන්වීමට අනුව බෝධිරාජපුර ප්‍රදේශයේ පිහිටි ‍පොල්වත්තටද ගොස් ඇයව සමූහ දූෂණයට ලක් කළේ යැයි සඳහන් පාළු නිවසද පරීක්ෂාවට ලක් කළේය. ඇය එහිදී දූෂණය වූ බවට සනාථ කළ හැකි  සාක්ෂිද රැස් කළේය.

ඇගේ පැමිණිල්ලට අනුව ‍පොලීසිය කළ විමර්ශනවලින්, සැමියාට පහරදී ඇයව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කළ බව අනාවරණය වූවත් සැබෑ ලෙසම ඇයව ඔවුන් පැහැර ගත්තේ දැයි සැකයක් ‍පොලීිසියට පවා ඇති වන්නේ මනාලිය සමූහ දූෂණයට ලක් කළේ යැයි කී මංජු සහ ඔහුගේ මිතුරන් දෙදෙනාව 23 වෙනිදා අත්අඩංගුවට ගැනීමත් සමගිනි. 

ඒ අය ‍පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නට වූයේ ඇය සිය කැමැත්තෙන්ම තමන් සමග පැමිණි බවය. ඇය මුදලට තම සිරුර විකුණන්නියක බවද ඔවුන් ‍පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ උපත් පාලන කොපු පවා තමන්ට එහිදී ලබාදුන්නේ ඇය විසින් බව කියමිනි. 

ඇය තමන්ට එරෙහිව මෙසේ පැහැර ගැනීමක් සහ සමූහ දූෂණයක් ගැන චෝදනාවක් කරන්නේ අන් කිසිවක් නිසා නොව ඇයට ‍පොරොන්දු වූ රුපියල් 3000 ක  මුදල වෙනුවට  සියල්ල අවසානයේ රුපියල් 2000 ක් දුන් බැවින් යැයිද ඒ අය ‍පොලීසිය හමුවේ පවසන්නට විය.

උඹලට මම හොඳ වැඩක් කරන්නම්, මට කරපු දේට උඹලව ‍පොලීසියට කොටු කරල දෙනවායැයි ඇය ඒ එක් තරුණයෙකුගේ ජංගම දුරකථනයකට කෙටි පණිවුඩයක් පවා යවා තිබූ බව පැවසේ.

ඒ අනුව දැන් ඇය කියන ආකාරයේ සමූහ දූෂණයකට සැබෑ ලෙසම ලක්වී තිබේද, නැතිනම් ඇයට රුපියල් 1000ක් අඩුවෙන් ලබාදීම හේතුවෙන් තරුණයන්ගෙන් පළිගන්නට කළ බොරු පැමිණිල්ලක්ද යන්න ගැන  පුළුල් විමර්ශනයක් දැනටමත් පුත්තලම ‍පොලීසිය පටන්ගෙන හමාරය. 

ඒ සඳහා ඇගේ පැටිකිරිය සෙවීමේ කටයුත්ත භාරදී අත්තේ් බුද්ධි අංශයටය. බලහත්කාරයෙන් දූෂණයකට ලක් වී ඇතිදැයි සොයන්නට අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමට ඇයව පුත්තලම රෝහලට ඇතුළත් කළත් ඇය මුල් දිනයේ රෝහලින්ද පලාගොස් තිබිණි. 

අනතුරුව ‍පොලීසිය දැඩි බලපෑමක් කර ඇයව නැවතත් රෝහල් ගත කරන්නේ ඇයව සමූහ දූෂණයකට ලක්වීදැයි යන්න ගැන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් සැකහැර දැනගැනීමට දැන් ‍පොලීසියටත් අවශ්‍ය වී තිබෙන බැවිනි. 

ඉදිරියේ දී එම අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත්වීමත් සමග ඇගේ පැමිණිල්ලෙහි සැබෑ තතු හෙළිවනු ඇති බව ‍පොලීසියේ විශ්වාසයයි.
 
Related Posts with Thumbnails