Ads 468x60px

.

ෆේස්බුක් ගුරුවරියගේ රුව නිරුවත් කල සිසුවා


මුණ හෙළුවැලි 
පොටෝ එකකට 
බට් කරලා...

නුගේගොඩ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ගේ මුහුණ නිරුවත් කාන්තාවකගේ ඡායාරූපයකට බද්ධ කර එම ඡායාරූපය ෆේස්බුක් වෙත මුදා හැරිය බව කියන එම පාසලේ 14 හැවිරිදි බාල වයස්කාර සිසුවෙකු පිලිබඳ පුවතක් නුගේගොඩ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

එම ගුරුවරියගේ ජායාරූපයකට නිරුවත් සිරුරක් බද්ධ කොට ෆේස්බුක් වෙත එක්කොට ඇතිබව එම ගුරුවරියකගේ හිතවත් ගුරුවරියක්
දැන්වීමෙන් අනතුරුව එම ගුරුවරිය ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකොට තිබෙනවා.

ෆේස්බුක් ගිණුමට ජායාරූපය එක්කොට පුද්ගලයා හඳුනා ගැනීම උදෙසා පැමිණිලිකාර ගුරුවරිය ෆේස්බුක් ඔස්සේ "ප්‍රනාන්දු" නමින් පෙනී සිටි එම පුද්ගලයා සමග කතාබහකොට ඇතිඅතර එම පුද්ගලයා ගුරුවරියගෙන් දුරකථන අංකය ඉල්ලා
තිබෙනවා.

තමාගේ දුරකථන අංකය වෙනුවට තම ඥාතියෙකුගේ දුරකථන අංකයක් ගුරුවරිය විසින් ලබාදී
තිබෙනවා. ඉන් අනතුරුව එම පුද්ගලයා විසින් ලබාදුන් දුරකථන ඇමතුම් වලින් ඔහුව සොයාබැලීමේදී එම පාසලේම ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු බව හෙළිවී තිබෙනවා

සැකකාර සිසුවාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පරිවාස වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් නියමකොට තිබෙනවා.
 
Related Posts with Thumbnails