Ads 468x60px

.

සාක්ෂිකරුවවත් මැරුවා. උඹත් ඇදුම් ගලවල දුෂණය කරලා, මරලා බාලකයේ එල්ලනවා..


දණ ගැස්වූ ගුරුවරිය දූෂණය කරන බවට ලැබුණු ලිපිය

ඊයේ පෙරවරුවේ සිය නිවසට තැපැල් මගින් එවූ ලිපියකින් හා මිට පෙර අවස්ථා කීපයකදී නවගත්තේගම පාසලේ ගුරුවරියක් වන සුසිලා හේරත් මහත්මියට මරණ තර්ජන එල්ල වී ඇති බව අප වෙත වාර්තා වෙනවා.ඊයේ පෙරවරුවේ එවූ එම ලිපියේ මෙලෙසද සදහන් වේ.

"සාක්ෂිකරුවවත් මැරුවා. උඹත් ඇදුම් ගලවල දුෂණය කරලා, මරලා නවගත්තේගම පාසලේ බාලකයේ එල්ලනවා.

මෙහෙම නොකොළොත්.........මම නෙමෙයි .......නමක් සදහන් කර ඇත. පවුලේ අයටත් මේ ටිකම තමයි. පොලීසිවලට කිව්වට වැඩක් නැහැ. ඕනෑම පොලිසියකට කියන්න. මට උදව් කරන්න ඇමතිවරු ඉන්නවා."

යැයිද එම ලිපියේ සදහන් වේ.

සුසිලා ​හේරත් නම් ​ගුරුවරිය නවගත්තේගම නවෝද්‍යා විදුහලේ විනය භාර ගුරුවරිය ලෙස සේවයේ නිරතව සිටියදී එවකට පළාත් සභා මන්ත්‍රී වරයෙකුව සිටි ආනන්ද සරත් කුමාර මහතාගේ දියණියගේ පාසල් නිල ඇදුමේ වාටිය දික් කරන ලෙස අවවාද දී තිබු අතර ඉන් කෝපයට පත් ​සරත් කුමාර හිටපු මන්ත්‍රීවරයා විසින් සුසිලා ගුරුවරිය විදුහල් භුමියේ ​​දණ ​ගස්වා තිබුණි.

වරද පිළිගැනීමෙන් අනතුරුව පුත්තලම මහාධිකරණය විසින් ආනන්ද හිටපු මන්ත්‍රීවරයාට දඩුවම් නියම කළේය.​ ​

පසුගිය සතියේ අභිරහස් ලෙස එම නඩුවේ සාක්ෂිකරුවෙකු මියයාමත් සමග ​එම මරණය පිලිබඳ සැක මතුවී ​තිබෙන වටපිටාවක සුසිලා ගුරුතුමියටද මරණ තර්ජනය කල ලිපියක් ලැබී තිබේ.

එම ලිපිය ලියා ඇත්තේ ආනන්ද සරත් කුමාර මන්ත්‍රීවරයා විසින් එවන ආකාරයටය. මෙම ලිපිය බැලු බැල්මට සැකයක් මතුවන අතර එම ලිපියේ අන්තර්ගතය පහතින් බලන්න.



අඩි නවයක් ජලය තිබුණු ළිඳකින් හමුවූ සිරුරේ පෙණහලුවල වතුර නැහැ.

නවගත්තේගම පාසල් ගුරුවරිය දණ ගැස්සවීමේ සිද්ධියේ සාක්ෂිකරුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා වයඹ පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා විසින් සහකාර ‍පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 03 පත් කර ඇත.

මියගොස් ඇත්තේ නවගත්තේගම රෝහල පාර පදිංචිව සිටි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ පුණ්‍යසේන බණ්ඩාර (55) නමැති හුදකලාව ජීවත් වූ දෙදරු පියෙකි.

මියගොස් ඇති අයගේ බිරිඳ සහ එක් දරුවෙකු ඉතාලියේ සේවය කරන අතර අනෙක් දරුවා විවාහ වීමෙන් පසුව නවගත්තේගම ගල්ගමුව මාර්ගයේ නිවසක පදිංචිව සිටී. නවගත්තේගම රෝහල පාරේ පිහිටි පුණ්‍යසේන පදිංචිව සිට ඇත්තේ තනිවමය.

පාළු ළිඳක් තුළ මළ සිරුර පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් අශෝක රණසිංහ සහ නවගත්තේගම ප්‍රාදේශීය රෝහ‍ලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී උදාරි රණතුංග මහත්මිය ඉදිරිපිටදී ගොඩගැනිණි. 

වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නියමය පරිදි 02 වැනිදා දහවල් හලාවත මහ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජයවර්ධන මහතා විසින් හලාවත මහ රෝහ‍ලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.

මරණයට හේතුව නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බැවින් ඔහුගේ ශරීරයේ කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රඳවාගෙන ඇත. පුණ්‍යසේනගේ මළ සිරුර හමුවී ඇත්තේ අඩි 30ක් පමණ ගැඹුරු ළිඳක තිබි වන අතර එහි අඩි 09ක් පමණ ජලය තිබි ඇත. නමුත් පුණ්‍යසේනගේ පෙණහලුවල ජලය තිබි නැත.

එමෙන්ම ඔහුගේ දිව තුවාල වී තිබිමද අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාගේ අවධානයට ලක්වී ඇත. නවගත්තේගම නවෝද්‍යා මහ විද්‍යාලයේ සේවය කළ සුසිලා ප්‍රියාණි හේරත් මහත්මිය ඇය සේවය කළ පාසල තුළදී  වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු විසින් දණ ගැස්සවීමේ සිද්ධියේ සිව් (4) වෙනි සාක්ෂිකරු වූයේ මියගොස් ඇති පුණ්‍යසේනය. 

විත්තිකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා වාහනයකින් පැමිණ පොල්ලක්ද අතින් ගෙන පාසල තුළට යනවා තමන් දුටු බව පුත්තලම මහාධිකරණය හමුවේ විභාග වූ එම නඩුවේදී පුණ්‍යසේන කියා සිටියේය.

එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා වරදකරු විය. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන විට පුණ්‍යසේනගේ සාක්ෂිය ඉතා වැදගත් බව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

මෙම තත්ත්වය මත පුණ්‍යසේනගේ මරණය සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ ‍පොලීසිය විසින් පරීක්ෂණයන් ආරම්භ කර ඇත.

ඉඟිණිමිටිය ජලාශය ඉදිකරන විට ඊට පුණ්‍යසේනට අයත් ඉඩම්ද යට වී ඇත. ඒ වෙනුවෙන් වන්දි මුදල් ලබා දීම පසුගියදා සිදුවිය. එහිදී පුණ්‍යසේනට රුපියල් 3,38,000ක මුදලක් ලැබි ඇත. එම මුදලින් රුපියල් 38,000ක් බැංකු ගත කර ඇති පුණ්‍යසේන රුපියල් ලක්ෂයක මුදලක් ගල්ගමුව පාර නවගත්තේගම පදිංචි වී සිටින තම පුතාට ලබා දී ඇත.

පුණ්‍යසේනගේ වත්තේ වැටී තිබූ බව කියන තවත් රුපියල් ලක්ෂයක මුදලක් අසුලාගෙන ඇති අයෙකු එම මුදලද පුණ්‍යසේනගේ පුතා අතට පත් කර ඇති බව ‍පොලීසිය කියයි. ඉතිරි මුදලට පුණ්‍යසේන කිහිපදෙනකු සමග එක්ව මත්පැන් පානය කර ඇති බව හෙළිවී ඇතත් ඒ සඳහා වියදම් කර ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වී නැත.

මේ අතර පරීක්ෂණ සිදුකරන ‍පොලිස් කණ්ඩායම් විසින් කිහිප දෙනකුගෙන්ම මේ වන විට ප්‍රශ්න කර ඇත. ඒ අතර පුණ්‍යසේන සමග එකට මත්පැන් පානය කළ කිහිප දෙනකුද වේ. 

ගුරුවරියක් දණගැස්වීමේ සිද්ධිය සම්බන්ධ සාක්ෂිකරුවෙකු මිය යාම ගැන ඇත්ත දැනගන්න අද බැලුම්ගල අහන්න.

 
Related Posts with Thumbnails