Ads 468x60px

.

විමල්ගේ ලක්ෂ 17 කෙසෙල් කොළ බස් ස්ටෑන්ඩ් එකට දැන් වෙලා තියෙන දේ.

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 17 ක පිරිවැයක් දරා සෑදූ බස් නැවතුම පිළිබදව 2013 වසරේ ආන්දෝලනාත්මක පුවත අපට වාර්තා වුනා.

කෙසෙල් කොලයක හැඩයට ගොඩ නගා ඇති එම බස්නැවතුම රාජගිරිය බත්තරමුල්ල බස් මාර්ගයේ දියවන්නාව අසල ඉදිකර තිබෙන අතර දැන් එම බස් නැවතුම භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. 

ඒ දියවන්නා ඔය අසල ඇති පාලම උස්කොට නැවත සැකසීමේදී මාර්ගයට පහතින් හා එපිටින් අදාල බස්නැවතුම පිහිටා ඇති නිසාය. ලක්ෂ 25කට අධික වියදමක් දැරූ බව මුල්කාලයේ වාර්තා වුවත් පසුව
විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙම බස් නැවතුම සදහා ගිය වියදම රුපියල් ලක්ෂ 17 ක් බවයි.

කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 17 ක වියදමක් දරා සෑදූ මෙම බස්නැවතුම මහජන මුදල් කාබාසිනියා කරන තවත් එක් අනවශ්‍ය වියදමක් බවට අවසානයේ පත්ව තිබෙනවා.


 
Related Posts with Thumbnails