Ads 468x60px

.

උදයන්ති මාසෙකට සැරයක් විඳවන ප්‍රශ්නෙ, මට නම් දැන් ඇතිවෙලා.


කලා ක්ෂේත්‍රයේ පුවත් මවන්නියන් අතර උදයන්ති කුලතුංගටත් ප්‍රමුඛ තැනක් හිමිවෙන අතර මෑතදී පැතිර ගිය කට කතාවලින් නම් ඇයට අඩුවක් නොවූ බවයි වන අපට වාර්තා වන්නේ. 

ඒ පිළිබඳව සති අන්ත පුවත් පතක් විසින් ඇගෙන් ඇසු අතර ඇය පැවසුවේ එවැනි කටකතා ගැන මේ වන තෙක් ඇය නොදන්නා බවත් එම කටකතා සම්පුර්ණ බොරුවක් බවත්ය.

ඒ පිලිබඳ ඇය දැක්වූ අදහස් පහතින්.

කලාවත් එක්කම ජීවිතය ගෙවී යනවා. ඒ ජීවිතයේ වෙනසක් දකින්න කැමති නැද්ද?
එහෙම විශේෂයක් නැහැ. සාමාන්‍ය විදියට ගෙවිලා යන මේ ජීවිතය සුන්දරයි.

ඒ වුණත් දැන් විවාහයට කාලෙ හරි
(හිනැහී) මාසෙකට සැරයක් පත්තරේකින්  කතා කරලා ඔය ප්‍රශ්නෙ අහනවා.


ඇයි අම්මලා අක්කලා ඒ ප්‍රශ්නෙ අහන්නේ නැද්ද?
කියලම ඇතිවෙලාද දන්නෑ. දැන් ඒ අය නම් එහෙම කියන්නේ නැහැ.


උදයන්ති විවාහය ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි...?
විවාහ ජීවිතේද තනිකඩ ජීවිතේද සුන්දර කියලා විවාහක අයගෙන් ඇහුවම කියන්නේ තනිකඩ ජීවිතේ සුන්දරයි කියලා. තනිකඩ කෙනෙක් ඔය ප්‍රශ්නෙට දෙන්නෙත් ඔය පිළිතුරමයි. ඉතින් මට නම් හිතෙන්නේ වඩා සුන්දර මේ ජීවිතේ කියලා.


ආදරයත් නීරසයි කියලද උදයන්ති හිතන්නේ?
ආදරය පටන් ගන්නකොට  පුදුමාකාර සුන්දර දෙයක්. මැදදි  සාමාන්‍ය දෙයක් වෙනවා. අවසානය වන විට නීරස වෙලා යනවා.


ඇයි ඒ..?
මං හිතන්නේ ඒක තමයි ලෝක ස්වභාවය.


උදයන්ති ඔහොම කිව්වට අපේ සමාජයේ පිරිමියෙකුගෙ රැකවරණයක් නැතුව ගැහැනියකට තනියම ඉන්න බැහැ කියල හිතන අය ඉන්නවා
මොන බොරුද? ගැහැනු කියන්නේ ඒ තරම් දුර්වල පිරිසක් නමෛයි. මට නම් මගෙ කටයුතු තනියම කරගන්න පුළුවන්. මම තනියම ඕනම ගමනක් බිමනක් යන්න බයක් නැහැ.


උදයන්ති ගේ දොර කටයුතුවලට වැඩි කැමැත්තක් නැහැල්ලු නේද?
උයන පිහන කටයුතු කරන්නෙ අම්මා. මට ගෙවල් දොරවල්වල කටයුතු කරන්න පුළුවන්. ඒත් උයන පිහන ඒවාට නම් දායකවනවා අඩුයි.


උදයන්තිට උයන්න බැරිද?
(හිනැහී) බත් උයන්න පුළුවන්. ලොකු ලොකු වෑංජන උයන්න නම් ටිකක් අමාරුයි.


ගෘහනියක් විදියට බිරිඳක් විදියට කළයුතු කැපකිරීම්වලට අකමැති හින්ද නේද විවාහය පමා කරන්නේ?
බිරිඳක් වුණාම සැමියගෙ දරුවන්ගේ රෙදි පිළි හෝදන්න, කෑම බිම හදල දෙන්න, ගේ දොර කටයුතු කරන්න සිදුවනවා. ඒක අසීරු අත්දැකීමක් තමයි. ඒත් ඉතින් බැන්දදාක ඉබේම ඊට හුරුවේවි. හැබැයි ඉතින් ගෘහ කටයුතුවලට සහය දෙන සැමියෙක්ම හොයාගත්ත නම් ඒ ගැටලු මතුවන්නෙ නැහැ කියලත් හිතෙනවා. (හිනැහී)


ඒ කියන්නේ උදයන්තිගෙ සැමියා වන කෙනාට උයන පිහන රෙදිපිළි සෝදන කටයුතු කෙරෙහි දක්ෂතාවයක් තිබිය යුතුයි.
(හිනැහී) මම කීවේ ඒක නමෛයි. ඒ කටයුතු කරගන්න සුදුසු මෙහෙකරුවන්ව ගන්න පුළුවන් මට්ටමේ කෙනෙක් හොයාගන්න එක හොඳයි කියලා.


ඒ සුදුසුකම් තියෙන අයගෙන් යෝජනා ඇවිත් නැද්ද?
විවිධාකාර අයගෙන් විවාහ යෝජනා ඇවිත් තියෙනවා. ඒ හැම එකක්ම ප්‍රතික්ෂේප කළා. ඒත් ප්‍රතික්ෂේප කළ සමහර යෝජනා ප්‍රතික්‍ෂේප කිරීම ගැන අද පසුතැවෙනවා.


ඔය කියන යෝජනාව ගෙනාවේ කලා ක්‍ෂේත්‍රයේ කෙනෙක්ද?
නැහැ. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ කෙනෙක්. මගෙ හිත ඇදිලා යන විදියේ ලස්සන රූපයකුත් එයාට තිබුණා. ඒත් මම ඒ යෝජනාව ප්‍රතික්‍ෂේප කළා. දැන් හිතෙනවා එහෙම කළේ අපරාදෙ කියලා.


ඇයි ඉතින් එයාව ප්‍රතික්‍ෂේප කළේ 

එයා දිගින් දිගටම මගෙ පස්සෙන් ආවා. මම ඒකට කැමති නැහැ. මම කැමති ටිකක් විතර ආඩම්බර කොල්ලෙකුට.
 
Related Posts with Thumbnails