Ads 468x60px

.

යම් දවසක නිදහස්‌වන මීගමුවේ මිනීමරු දොස්‌තර හරක්‌ පට්‌ටියකට ගෙන ගොස්‌ ඇරලවීමට නම්


පියයුරකට කල සැත්කම පෙන්නන්න ගිය තරුණියට වෙච්චි දේ.

ඇඟලුම් සේවිකාවක දූෂණය කර මීගමු රෝහලේ හයවන තට්‌ටුවෙන් බිමට තල්ලු කර මරා දැමූ මරදන්කඩවල දොස්‌තර එල්ලුම්ගසට නියම කිරීමෙන් රටේ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට අධිකරණය සමත්විය. 

පියයුරකට කරන ලද සැත්කමකින් පසු සායන කටයුත්තක්‌ සඳහා මීගමු රෝහලට ගිය තරුණිය රවටාගත් දොස්‌තර ඇය උඩුමහලට කැඳවාගෙන ගොස්‌ තම නීච ආසාව පහ කරගෙන ඇය මැරුවේය. 

දොස්‌තර විවාහකයෙකි. මේ කාලකණ්‌ණි මනුෂ්‍යයාගෙන් බේරීමට හැකිවීම ඔහුට බිරිය වූ අසරණ කාන්තාවගේ වාසනාවකි. මෙබඳු මනුෂ්‍යයන් වඩාත් යෝග්‍ය වන්නේ හරක්‌ පට්‌ටිවල පට්‌ටි ගොනුන් ලෙස
සේවයෙහි යෙදවීමටය. 

මරණ දණ්‌ඩනයට අමතරව වසර 15 ක සිර දඬුවමක්‌ද දොස්‌තරට නියම කර ඇත. එහෙත් වඩාත් සුදුසු වන්නේ ඒ වෙනුවට ඔහුට කස පහර 500 ක්‌ පමණ දීමය. මෙවැනි අවස්‌ථාවලදී අන්තවාදී ඉස්‌ලාමීය නීතිය ලෙස හඳුන්වනු ලබන මූලධර්මවාදී නීතිය කෙරෙහි අප තුළ ගෞරවයක්‌ හටගනී. 

මන්ද, ස්‌ත්‍රී දූෂකයන්ගේ අංග ඡේදනය කිරීම එම නීතිය යටතේ සිදුකළ අවස්‌ථා තිබේ. එබඳු අංගඡේදනයකින් පසු දොස්‌තරගේ පණ තවදුරටත් ඉතිරි වුවහොත් ඔහු එල්ලා මැරිය හැකිය. 

එහෙත් ඉතාම කනගාටුදායක කාරණය වන්නේ දොස්‌තර එක කෙල්ලකු නොව කෙල්ලන් හතක්‌ දූෂණය කර මැරුවද ඔහු ඇත්තටම එල්ලීමට වැඩපිළිවෙලක්‌ මේ රටේ නොවීමය. මරණ දණ්‌ඩනය යනු නීති පොතට පමණක්‌ සීමාවූ සංකේතාත්මක වගන්තියක්‌ බවට අද පත්ව තිබේ. 

ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට බටහිර ලෝකයේ රටවල් සහ ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන විරුද්ධය. ලංකාවේ තිබෙන හම්පඩ රාජ්‍ය නොවන සංවිධාන මෙන් නොව ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් වැනි ජාත්‍යන්තර සංවිධාන ඉතා බලගතුය.

ලංකාවට ණය දෙන සංවිධාන සමඟ එකට හිඳගෙන තේ පානය කරන ඔවුහු මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කළොත් ලංකාවට ණය හෝ වෙනත් සහනාධාර නොදෙන ලෙස තේ බොන අතර කියති. මෙය ලංකාව වැනි මධ්‍යම පන්තික රටක්‌ ජාත්‍යන්තර තලයේදී මුහුණ දෙන කටුක අත්දැකීමකි. 

රටක්‌ විවෘත ආර්ථිකයට යන විට මෙවැනි තත්ත්වයක්‌ බලාපොරොත්තු විය යුතුමය. ලංකාව සිය විවෘත ආර්ථික ගමනේදී මුලින්ම කළේ මරණ දඬුවම ක්‍රියාත්මක වීම වැළැක්‌වීමය. ඒ 1977 දී ය. අපට යළිත් මිනිසකු එල්ලන්ට හැකි වන්නේ ස්‌වයං පෝෂණය වී කලාපීය බලවතකුගේ තත්ත්වයට පත්වූ පසුය.

දොස්‌තර කෙනකුට මිනීමරුවකු විය හැකිය. එසේම මිනී මරුවකුටද දොස්‌තර කෙනෙකු විය හැකිය. මෙය වෘත්තියේ වරද නොව මනුෂ්‍යයාගේ වරදය. පොලිස්‌ නිලධාරියකු මිනීමැරීම එම වෘත්තියේ වරද නොව මිනිසාගේ වරදය. 


එහෙත් අපරාධ කිරීම සඳහා උසස්‌ වෘත්තීන් ආවරණය හැටියට යොදාගත හැකිය. උදාහරණයක්‌ ලෙස ප්‍රතිකාර ගැනීමට පැමිණි පිරිමි දරුවකු අපයෝජනය කළ රාගම රජයේ දොස්‌තර පිළිබඳ කතාව අපට සිහිපත් කළ හැකිය. 

ඔහු බේරා ගැනීම සඳහා කටඋත්තර වෙනස්‌ කිරීමට තැත් කරන රජයේම දොස්‌තරලා ගැන පසුගිය දිනවල පුවත්පත්වල පළවිය. මේ ගැන අපිද ලියුවෙමු. එසේ ලියූ දෙය වෙනුවෙන් දුරකථන මාර්ගයෙන් කුණුහරුපයෙන් බැණුම් ඇසීමට අපට සිදුවිය. 

එම ඇමතුම් පැමිණි අංක ලබාගෙන සී. අයි. ඩී යට දී වැඩේ ඇදගෙන ගොස්‌ දෙතුන් දෙනකු කූඩුවට දැමීමට අපට හැකියාව තිබූ නමුදු වෛද්‍ය වෘත්තිය කෙරෙහි පවතින ගෞරවය නිසා නිහඬව සිටියෙමු. 

එය අතුරු කතාවකි. එහෙත් මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක නොවීම නිසා මතු යම් දවසක නිදහස්‌වන මීගමුවේ මිනීමරු දොස්‌තර හරක්‌ පට්‌ටියකට ගෙන ගොස්‌ ඇරලවීමට සියලු දෙනා සූදානම් විය යුතුය.
 
Related Posts with Thumbnails