Ads 468x60px

.

නාසා ආයතනය ලෝකයම දින හයක්‌ අඳුරේ කිව් කතාව බොරු


ලබන දෙසැම්බර් මස දින හයක්‌ පුරා මුළු ලෝකයම අන්ධකාරයේ පවතින බවට ඊයේ (28 දා) උදේ ලොව පුරා විකාශන වූ සාවද්‍ය පුවතක්‌ ගැන ඇමරිකානු නාසා අභ්‍යවකාශ ආයතනය පරීක්‍ෂණ අරඹා තිබෙනවා.

දෙසැම්බර් 16 සිට 22 දක්‌වා කාලය තුළ මුළු ලොවම අඳුරේ පවතින බව නාසා ආයතනය ප්‍රකාශ කළේ යයි එකී පුවතේ දන්වා තිබුණා. එහෙත් ඊයේ දහවල් නිවේදනයක්‌ නිකුත් කළ නාසා ආයතනය තමන් එවන්

ප්‍රකාශනයක්‌ නිකුත් නොකළ බව සඳහන් කර තිබෙනවා.

මෙම සාවද්‍ය පුවත නිසා මුළු ලොවම දැඩි කැළඹීමකට පත්වී
තිබුණා. සූර්ය රශ්මි කුණාටුවක්‌ නිසා දින 6 ක්‌ පුරා අඳුර පවතින බවට එම සාවද්‍ය පුවතේ දන්වා තිබෙනවා. මෙකී සාවද්‍ය පුවත විකාශනය කළ වෙබ් අඩවිය නාසා නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails