Ads 468x60px

.

රත්නපුරේ බට්ටිට පහර දුන් සිද්ධිය වීඩියෝ ගතකළ වීඩියෝ ශිල්පියාට පොලිසියෙන් ආරාධනයක්‌.


රත්නපුර නගරයේදී පොලිස්‌ සැරයන්වරයකු කාන්තාවකට ප්‍රසිද්ධියේ පහර දුන්නේ යෑයි කියන සිද්ධිය වීඩියෝ ගතකළ පුද්ගලයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණයේ සාක්‌කිකරුවකු ලෙස යොදා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව අප වෙත වාර්තා වෙනවා. 

මෙම වීඩියෝ ගත කළ පුද්ගලයා කවුරුදැයි කියා පොලිසිය හඳුනාගෙන ඇති අතර පොලිසියට වහාම පැමිණ සිද්ධිය පිළිබඳව කට උත්තරයක්‌
ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බව ද පොලිසිය පවසනවා.

යම්කිසි සිද්ධියක්‌ වීඩියෝ ගතකිරීම නීතියෙන් තහනම් නැති බවද ඕනෑම අයකුට වීඩියෝ ගතකිරීමට අයිතියක්‌ තිබෙන බවද නීති ප්‍රශ්නයක්‌ ඔහුට බලපාන්නේ නැති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර
නවා.
 
Related Posts with Thumbnails