Ads 468x60px

.

හොර ෆේස් බුක් Likes දැම්මොත් දානවා නඩු


ව්‍යාජ ලෙස ෆේස් බුක් likes වැඩි කර ගැනීමේ කටයුතු වල නිරත වන්න න්ට එරෙහිව ඉදිරියටත් නඩු පවරන බව facebook ආයතනය කියයි.

මේ වනවිට ඒ ආකාරයට facebook ඔස්සේ ව්‍යාජ ලෙස likes ලබා ගැනීමේ නිරත වු පුද්ගලයින් අධිකරණය හමුවට යොමු කර ඩොලර් බිලියන දෙකක පමණ වන්දි මුදලක් අය කරගෙන ඇති බව එම සමාගම සදහන් කර තිබේ.

ෆේස් බුක් ආයතනය වැඩි දුරටත් සදහන් කළේ බොහෝ ව්‍යාපාර ආයතන මෙම  likes ජාවාරමට හසුවන බවයි. මෙලෙස  likes ජාවාරම්

කරුවන් likes 10000 , 15000 පැකේජ පිටින් අලවි කරන බවත් ඒවා සැබැවින්ම  likes නොවන බවත් ෆේස් බුක් කියයි. මේ ආකාරයට  likes දමා ගැනීමෙන් අදාල නිෂ්පාදනය ප්‍රචලිත වීම වෙනුවට සමාගමේ කීර්ති නාමයට හානියක් බව ෆේස් බුක් පෙන්වා දෙයි.

මේ අතර වසරේ ගත වූ කාලය ‍තුළ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 1500 ක් පමණ අවලංගු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.


එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින්ගෙන් ලද පැමිණිලි ෆේස්බුක් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ය.

අනතුරුව ෆේස්බුක් ආයතනය මගින් අදාළ ව්‍යාජ ගිණුම් අවලංගු කිරීමට පියවර ගනු ඇති බව ඔහු සඳහන් කළේ ය.රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, වසරේ ගත වූ කාලය තුළ අන්තර්ජාල සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි 1800 ක් පමණ ලැබී තිබූ බව ය.

ඉන් වැඩි ම පැමිණිලි සංඛ්‍යාව ෆේස්බුක් ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් ලැබී ඇති බව ද චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ ය.

යම් අයෙකු ඔබගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳව ෆේස්බුක් වෙත පැමිණිලි කිරීමට ඔබට අවස්ථාව පවතින බව ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

011 2 691 692 දුරකතන අංකය වෙත අන්තර්ජාල සිද්ධි සම්බන්ධයෙන් වන පැමිණිලි යොමු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි.
 
Related Posts with Thumbnails