Ads 468x60px

.

අතුරුදන්ව සිටි විදුහල්පති පොලිසියට කියන සුරංගනා කතා


මහත් ආන්දොලනයක්‌ ඇති කර දින පහක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතාරණ විදුහලේ විදුහල්පති චිත්‍රපාල නාගසිංහ මහතා  පෙරේදා (23 වැනිදා) රාත්‍රි ඔහුගේ සොහොයුරාගේ කොට්‌ටාවේ නිවසට පැමිණ තිබෙන පුවතක් මීට‍ පෙර අප ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔහුගේ සොහොයුරා මේ පිළිබඳව කොට්‌ටාව පොලිසියට එදින රාත්‍රියේ ගොස්‌ පැමිණිලි කර
තිබුණු බවයි.

සොහොයුරා සමග විදුහල්පතිවරයා ද කොට්‌ටාව පොලිසියට පැමිණ
තිබෙන අතර පොලිසිය පවසන්නේ විදුහල්පතිවරයාගේ අතුරුදන්වීම පිටුපස කිසියම් අබිරහසක්‌ තිබෙන බවයි. එම විදුහල්පතිවරයා රෝගී
තත්ත්වයකින් සිටි බව කොට්‌ටාව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසුවා.

"මට හිතුණා ගෙදරින් යන්න ඕන කියලා. ඒ නිසා මම යාපනයේ ගියා. ඊට පස්‌සේ කිලිනොච්චියේ ගියා. මට හරියට මතක නැහැ මම මොනවාද කළේ කියලා. මගේ මුළු ඇඟම රිදෙනවා. මට අමාරුයි. මාව රෝහලකට අරන් යන්න" යෑයි විදුහල්පතිවරයා පැවසූ බව එම නිලධාරියා
පැවසුවා.

කිසියම් පිරිසක්‌ විසින් තමා පැහැරගෙන ගොස්‌ පහර දුන්නේ දැයි විමසූ විට ද ඔහු සිදුවූ දේවල් මතක නැතැයි පැවසූ බව පොලිස්‌ නිලධාරියා
පැවසුවා. විදුහල්පතිවරයාට පහර දුන් බවට ශරීරයේ කිසිදු සලකුණක්‌ දක්‌නට නොතිබූ බවද හෙතෙම පැවසුවා.

විදුහල්පතිවරයා ඊයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවත්, ඔහුගෙන් වැඩිදුර ප්‍රකාශයක්‌ ලබා ගැනීමට නියමිත බවත් හෙතෙම
පැවසුවා.

මේ අතර ඊයේ දහවල් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගිය පොලිස්‌ නිලධාරීන් විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේදී අයියා ද, අයියාගේ බිරිය ද, පුතා ද හීනෙන් දැක ඇහැරී බලන විට තමන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසළ ගසක්‌ යට සිටි බව මතක යෑයි ප්‍රකාශ කර
තිබෙනවා.

පසුව එම ස්‌ථානයෙන් ගමන් ගත් අයකුගෙන් දුරකථන හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ තිබෙන්නේ කොහේ දැයි විමසා ඇති බවත්, පසුව එම පුද්ගලයා දුරකථන හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ පෙන්වූ බවත්, ඉන් අනතුරුව එම ස්‌ථානයේ සිට තම වැඩිමල් සොයුරාට නිවසට එන බවට ඇමතුමක්‌ දුන් බවත් විදුහල්පතිවරයා ඊයේ රෝහලේදී පැවසූ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌
පැවසුවා.

පැයක්‌ පමණ ඔහුගෙන් ප්‍රශ්න කළත් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමසූ විට ඔහු "මතක නැහැ." යනුවෙන් පැවසී යෑයි එම නිලධාරියා
පැවසුවා. මේ අතර විදුහල්පතිවරයා එක එක වෙලාවට සුරංගනා කතා කීම ගැන ද පොලිසියේ අවධානය යොමුව තිබෙනවා.

අතුරුදන්ව සිටි රාජගිරියේ විදුහල්පති යළි නිවසට.
 
Related Posts with Thumbnails