Ads 468x60px

.

මට ඕනෑ විදියේ ආදරයක් තවම ලැබිලා නැහැ - කියලා චන්න කියපු කතාවට ගයාත්‍රි කියන කතාව.


මං අවාසනාවන්තයි

එක්තරා ගුවන් විදුලි මාධ්‍යයක වැඩසටහනකට සහභාගි වෙමින් චන්න ආදරය ගැන කතා කළා. ඒක බොහොම හැඟීම්බර කතිකාවක්. 

එහිදී එක්තරා අවස්ථාවක චන්න කියනවා එයාගේ හිටපු පෙම්වතිය ගැන. ඒ විරහව ගැන. ඊට පස්සේ ඔහු බරපතළ ප්‍රකාශයක් කරනවා.

ඔහුගේම වචනයෙන් කිව්වොත් "මං අවාසනාවන්තයි. මට ඕනෑ විදියේ ආදරයක් තාම ලැබිලා නැහැ. සමහර විට මැරෙන්න මොහොතකට කලින් හරි ලැබෙයි." මේ ප්‍රකාශය වෙබ් අඩවිවලට උණුසුම් පුවතක් වුණා.

ගයාත්‍රි චන්න විවාහය ගැන විවිධ කතිකාවන් යළි ඇති වුණා. ඒ අතර තුර චන්න කරපු මේ ප්‍රකාශය ගැන අපි චන්නගේ බිරිය ගයාත්‍රිගෙන් විමසුවා.

චන්න එක්තරා මාධ්‍යයකට කියලා තියෙනවා එයා හොයන ආදරේ තාම ලැබුණේ නෑ කියලා. මොකක්ද මේ කතාවේ තේරුම?


මට ඒ කතාව අහන්න නම් බැරි වුණා. මම අහම්බෙන් වගේ දැක්කා වෙබ් අඩවියක ඒක දාලා තියෙනවා. එයා මොන හේතුවක් උඩ ඒක කිව්වද දන්නේ නම් නෑ.

චන්න ඔබට ඔය දේ කියලා තියෙනවද?


නෑ. මට නම් එහෙම දෙයක් කියලා නෑ.

චන්න ඒ වගේ දෙයක් කියන්නත් ඔයාගෙත් මොකක් හරි අඩුපාඩුවක් නිසා කියලා හිතෙන්නෙ නැද්ද?


ඕනෑම පවුලක ප්‍රශ්න තියෙනවා. හොඳ වගේම යම් යම් ප්‍රශ්නත් පවුලක සමබරව තියෙනවානේ. මම සාමාන්‍යයෙන් ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. මම ව්‍යාපාර කටයුතු කරන ගෙදරට වඩා එළියේ ඉන්න කෙනෙක්. මම ගෙදරට කරන දේවල් ඒත් එක්ක අඩුවෙන්න පුළුවන්. ඒ නිසා එයාට යම් යම් දේවල් දැනිලා ඇති.


ව්‍යාපාර ඇතුළේ කෙතරම් සාර්ථක වුණත් බිරියක් විදියට අඩුපාඩු වෙනවා නම් ඒක එතරම් හොඳ නැහැ නේද?


හොඳ නැහැ. කාන්තාවක් කියලා සියයට සියයක්ම නිවෙසේ කටයුතු කරන්න බැහැ. යම් යම් තැන්වලදි ෆේල් වෙනවා. කාන්තාවක් හැමදේම කරන්න ඕනෑ කියලා පිරිමියා හිතුවට කාන්තාවක් විදියට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. 


මම මට කරන්න පුළුවන් උපරිමය කරලා තියෙනවා. හැබැයි අපි යාළුවෙලා හිටිය කාලේ වගේම ආදරේ කරන්න නම් වෙලාවක් නෑ. ඒ අඩුපාඩු එක්ක එයා කියන දේ දැනිලා ඇති. එයාට එහෙම දැනිලා තියෙනවා නම් මටත් ඒ දේ අනෙක් පැත්තට දැනිලා තියෙනවා.

ඒ කියන්නේ චන්නගෙන් ඔබ බලාපොරොත්තු වෙන ආදරය ලැබිලා නැද්ද?


මම ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. මම ඒවා ගැන එතරම් හිතන්නේ නැහැ. පොඩි කාලේ වගේ ආදරේ කර කර දඟලන්න මේ වයසක් නෙවෙයි. මම මගේ ක්‍රමයත් එක්ක ජීවත් වෙනවා. එහෙම අඩුපාඩු දැනුණා නම් දෙපැත්තටම ඔය දේ දැනෙනවා.

චන්න ඔය වගේ ප්‍රකාශ කරන්නේ ඔය දෙන්නා වෙන් වෙලා නිසා කියලා සමහරු කියනවා. ඇත්තද මේ කතාව?


මෙහෙමයි, සාමාන්‍ය ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි ඔය කියන තරම් දේවල් නම් වෙලා නැහැ. අපි එක ගෙදරක සියලු දේවල් එක්ක එකට ජීවත් වෙනවා.


චන්න ඔබට ඔබේ අඩුපාඩු කිව්වොත් ඔබ ඒවා හදාගන්න සූදානම්ද?


එහෙනම් එයා මාධ්‍යයට කියන්න කලින් මට ඒ දේවල් කියන්න ඕනනේ. මම හිතන්නේ එයා ආයෙම මට එහෙම දෙයක් කියන එකක් නෑ.


ඔයා සර්ව සම්පූර්ණයි කියලද හිතාගෙන ඉන්නෙ? ඔයාගේ ජීවිතේ වැරැදුණු තැනක් ඇත්තෙම නැද්ද?


මම සර්ව සම්පූර්ණ නැහැ. හැම දෙයක්ම වෙන්න හේතු තියෙනවා. ඒ හේතුත් එක්ක යම් යම් දේවල් සිද්ධ වෙලා ඇති. ඒක අහවල් තැන වුණා කියලා මම දන්නෑ. මම ඒවා හිතන්න යන්නෙත් නෑ. දැනට තියෙන තත්ත්වයත් එක්ක මම ජීවත් වෙනවා.

බිරියක් විදියට සිද්ධ වෙන අඩුපාඩු මවක් විදියට සිද්ධ වෙන්නේ නැද්ද?


එහෙම අඩුපාඩුවක් මගෙන් දරුවන්ට වුණා කියලා මම හිතන්නේ නෑ. මම එයාලගේ වැඩවලට උපරිමයෙන් සහාය දෙනවා. ඒ නිසා එහෙම අඩුවක් වුණා කියලා මට දැනිලා නෑ.


ඔබ දැන් ආයෙම රංගනයට එකතු වෙලා නේද?


ඔව්. කාලයකට පස්සේ ආයෙම රඟපානවා.


චන්න චිත්‍රපට කරනවා. හැබැයි ඔබව ඔහුගේ චිත්‍රපටවල දකින්නේ නැහැ. චන්න කවදාවත් ගයාත්‍රිට ඔහුගේ නිර්මාණවලට කතා කරලා නැද්ද?


නැහැ. කවදාවත් කතා කරලා නැහැ.

චන්නගේ නිර්මාණවලට ගයාත්‍රිට අවස්ථාව නොලැබෙන්නේ ඒ නිර්මාණවල ඔයාට ගැළපෙන චරිත නැති නිසාද? නැත්නම් ඔයාට රඟපාන්න බැරි නිසා කියලද හිතෙන්නෙ?


මම හිතන්නේ ඔය දෙකම වෙන්න ඇති.


චන්න එයාගේ නිර්මාණයකට කතා කළොත් ඔබ ඒ ආරාධනාව භාරගන්නවාද?


ඔව්. මට ප්‍රශ්නයක් නෑ.


ගයාත්‍රි කවදා හරි නිර්මාණයක් කළොත් චන්නව ඒ නිර්මාණයට ගන්නවද?


එයාට සුදුසු චරිතයක් තිබ්බොත් ගනියි.
 
Related Posts with Thumbnails