Ads 468x60px

.

මැරයන්ගෙන් ගුටි කෑ හිමියෝ අපවත් වෙයි - ප්‍රදේශවාසීහු මැරයන්ගේ ගෙවල් ගිනි තියයි


මැර ප්‍රහාරයට ලක්‌වී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කනංගම විවේක සේනාසනයේ වැඩ විසූ කෝන් කඩුවේ නන්දසිරි හිමි පෙරේදා රාත්‍රියේ (01දා) අපවත් වී ඇති බව අප වෙත වාර්තා වෙනවා.

මීට දින කීපයකට පෙර නන්දසිරි හිමි විහාරස්‌ථානයේ වැඩ සිටිමින් සිටියදී රාත්‍රි කාලයේ පැමිණි මැර කණ්‌ඩායමක්‌ උන්වහන්සේට පහරදී තිබෙනවා. පහර කෑමට ලක්‌වූ උන්වහන්සේ පසුව රෝහල් ගත කර

තිබුණා. මෙම පහර දීම සම්බන්ධයෙන් අටුලුගම - කනංගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගින් ඇපමත මුදාහැර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ උන්වහන්සේ මියයැමේ පුවත සැළවීමත් සමග කුපිත වූ ප්‍රදේශවාසීන් සැකකරුවන්ගේ නිවාස හා දේපළවලට ගිනිතබා
තිබෙනවා. සිද්ධිය පිළිබඳව රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වනවා.
 
Related Posts with Thumbnails