Ads 468x60px

.

ටෙලි නිළි උදාරි පැදවූ රියේ ගැටුණු යතුරුපැදිකරු රෝහලේ


ටෙලි නාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය මහත්මිය ගමන්ගත් මෝටර් රථය පෙරේදා රාත්‍රි හොරණ ගුරුගොඩ දී යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදි කරු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පෙරේදා රාත්‍රි ඇය ධාවනය කළ මෝටර් රථය යතුරුපැදියේ ගැටී විදුලි රැහැන් කණුවක

හා තාප්පයක ගැටී නතර වී ඇති බවයි.

ටෙලි නාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය මහත්මිය පොලිස්‌ ඇපමත මුදාහැර ඇති අතර මෙම මස 15 වැනිදා හොරණ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.


ඒ පිලිබඳ තවත් පුවත් පහතින්  

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය ගමන් ගන්නා මෝටර් රථය ගුරුගොඩ ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (1) රාත‍්‍රීයේදීය. කිසියම් කටයුත්තකට බලංගොඩ ප‍්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී රත්නපුර - පානදුර ප‍්‍රධාන මාර්ගයේ ගුරුගොඩදී මෙම අනතුර සිදුව ඇත.

ඇය පැදවූ මෝටර් රථය මෝටර් සයිකලයක හැපී විසිව ගොස් අසළ ලයිට් කණුවක් පෙරළාගෙන තාප්පයකද වැදී නතරවී ඇත.ගුරුගොඩ පුද්ගලික ආයතනයක සේවයේ නියුතු තුවාල ලැබූ යතුරුපැදිකරු මේ වනවිට හොරණ මූලික රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටී.

එම රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජනප‍්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය එදිනම පොලිස් ඇප මත මුදාහැර ඇත.මෝටර් රථය පදවාගෙන ආ උදාරිට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවී ඇති බවට පොලීසිය සැකකරයි.  


 
Related Posts with Thumbnails